යෙසායා 25:1-12

  • දෙවියන්ගේ සෙනඟ පුදුමාකාර ආශීර්වාද අද්දකියි (1-12)

    • ඉස්තරම් වයින් තියෙන උත්සවයක් යෙහෝවා සූදානම් කරයි (6)

    • මරණය නැති කරයි (8)

25  යෙහෝවා දෙවියනි, ඔබයි මගේ දෙවියන්. මං ඔබට ප්‍රශංසා කරනවා. ඔබේ නම ගෞරවයට පත් කරනවා.මොකද ඔබ පුදුම දේවල් කළා.+ඈත අතීතයේ ඉඳන් ඔබ කරන්න තීරණය කරපු ඒ දේවල්+ඔබ ඒ විදිහටම ඉටු කළා. ඔබ විශ්වාසවන්තයි+ කියලා ඔප්පු කළා.   ඔබ නගරයක් නටබුන් ගොඩක් කළා.පවුරුවලින් වට වුණ නගරයක් පොළොවටම සමතලා කළා. විදේශිකයන්ගේ බලකොටුව නැත්තටම නැති කළා.ඒක ආයේ කවදාවත් ගොඩනඟන්නේ නැහැ.   බලවත් සෙනඟක් ඔබට ගෞරව කරන්නෙත්කුරිරු ජාතීන්ට අයිති නගරය ඔබට බය වෙන්නෙත් ඒ නිසයි.+   ඔබ අසරණයන්ටත්දුක් කරදරවලට මුහුණ දෙන දුප්පතාටත් බලකොටුවක් වුණා.+කුණාටුවේදී රැකවරණයකුත්අව් රශ්මියේදී සෙවණකුත් වුණා.+ කුරිරු අයගේ කේන්තිය හරියට පවුරක් බිඳී යන තරමේ දරුණු වැස්සක් වගෙයි.   වියළි දේශයක තියෙන ගිනියම් රස්නය වගෙයි.ඒත් ඔබ කේන්තියෙන් කෑගහන විදේශිකයන්ව නිහඬ කරනවා. හරියට සෙවණක් ලබා දෙන වලාකුළකින් රස්නය නැති කරලා දානවා වගේකුරිරු අයගේ ප්‍රීති ඝෝෂාව නැති කරලා දානවා.   මේ කන්දේදී+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියලු ජනයාටරසවත් ආහාර තියෙන විශාල උත්සවයක් සූදානම් කරනවා.+ඉස්තරම් වයින්වලිනුත්හොඳම මස්වලිනුත්*පෙරපු හොඳම වයින්වලිනුත් පිරුණු විශාල උත්සවයක් සූදානම් කරනවා.   ඒ කන්දේදී ඔහු සියලු ජනයාව වෙළාගත්ත ඇතිරිල්ලත්සියලු ජාතීන්ව වසාගත්ත වැස්මත්* ඉවත් කරනවා.   ඔහු මරණය සදහටම ගිල දමනවා.*+ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා හැමෝගෙම කඳුළු පිහලා දානවා.+ පොළොව පුරාම ඔහුගේ සෙනඟ නින්දාවට පත් වෙලා හිටියා. ඒත් ඔහු ඒක අයින් කරනවා.ඒ දේ කියන්නේ යෙහෝවායි.   ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්‍රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+ 10  මොකද යෙහෝවා තමන්ගේ අතින් මේ කන්දට රැකවරණය ලබා දෙයි.*+ඒත් මෝවබ්ව ඔහුගේ දේශයේදීම පාගලා දායි.+ගොම ගොඩේ දාලා පිදුරු පාගනවා වගේ ඔහුව පාගලා දායි. 11  පිහිනුම්කරුවෙක් තම අත්වලින් වතුරට තදින් ගහනවා වගේඔහුගේ අත්වලින් ඔහු ඔවුන්ට පහර දෙයි.ඔහුගේ අත්වලින් ඔහු ඔවුන්ට දක්ෂ විදිහට පහර දීලාඅහංකාර විදිහට හිටපු ඔවුන්ව පහතට ඇදලා දායි.+ 12  ඔබේ බලකොටුව, දැවැන්ත පවුරුවලින් වට වුණ නගරයඔහු විනාශ කරලා දායි.ඔහු ඒක පොළොවටම සමතලා කරලා දායි.

පාදසටහන්

හෝ, “ඇටමිදුලුවලින් පිරුණු හොඳම කෑමවලිනුත්.”
හෝ, “අතුරපු තිරයත්.”
හෝ, “නැති කරයි.”
මූ.අ., “දෙවියන්ගේ අත මේ කන්ද මත තියෙයි.”