යෙසායා 26:1-21

  • විශ්වාසවන්තකම සහ ගැලවීම ගැන ගයන ගීතය (1-21)

    • යාහ් යෙහෝවා සදාකාල පර්වතයයි (4)

    • පොළොවේ ඉන්න අය හරි දේ කරන්න ඉගෙනගනියි (9)

    • “මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි” (19)

    • ඇතුල් කාමරවලට ගිහින් සැඟවෙන්න (20)

26  ඒ දවසේදී යූදා දේශයේ+ මේ ගීතය ගායනා කරයි.+“අපේ නුවර ශක්තිමත්.+ ඔහු* දෙන ගැලවීම එහි පවුරු සහ වටේ ඇති බැම්ම වගෙයි.+   ධර්මිෂ්ඨ ජාතියට, විශ්වාසවන්තව වැඩ කරන ජාතියටඇතුල් වෙන්න දොරටු විවෘත කරන්න.+   ඔබ මතම රැඳිලා ඉන්න අයව* ඔබ ආරක්ෂා කරයි.ඔබ ඔවුන්ට නිමක් නැති සමාදානයක් දෙයි.+මොකද ඔවුන් විශ්වාසය තියන්නේ ඔබ ගැනයි.+   හැමදාටම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න.+මොකද යාහ්* යෙහෝවා සදාකාල පර්වතයයි.+   මොකද ඔහු අහංකාර නගරය, උස් තැන්වල වැජඹුණු අයව පහළට ඇදලා දැම්මා. ඔහු ඒක පහතටම,පොළොවටම ඇදලා දායි.ඔහු ඒක දූවිල්ලටම ඇදලා දායි.   අසරණ වුණ අය ඒක පාගලා දානවා.දුගී දුප්පත් අය ඒක පාගලාම දානවා.”   ධර්මිෂ්ඨ අය ගමන් කරන මාර්ගයේ කිසිම ඇදයක් නැහැ.* හරි දේට ඇලී සිටින ඔබධර්මිෂ්ඨයන්ගේ මාර්ගය එළිපෙහෙළි කරලා දෙනවා.   යෙහෝවා දෙවියනි, ඔබ තීන්දු කරපු මාර්ගයේ ගමන් කරන අපිබලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි. ඔබේ නම අපිට අනර්ඝයි. ඒක සිහි කරනවා දකින එක අපේ එකම ආසාවයි.   රාත්‍රියේදී මම මුළු හදවතින්ම ඔබ ළඟට එන්න ආසාවකින් ඉන්නවා.මම ලොකු ආසාවකින් ඔබව හොයාගෙන එනවා.+මොකද ඔබ පොළොව විනිශ්චය කරද්දීදේශයේ ඉන්න අය හරි දේ කරන්න ඉගෙනගනියි.+ 10  දුෂ්ටයාට මොන තරම් කරුණාව පෙන්නුවත්ඔහු හරි දේ කරන්න ඉගෙනගන්නේ නැහැ.+ නිර්දෝෂ අය ඉන්න දේශයේදී පවා ඔහු දුෂ්ටකම් කරයි.+ඔහු යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය දකින්නේ නැහැ.+ 11  යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ අත ඔසවගෙන ඉන්නවා. ඒත් ඔවුන් ඒක දකින්නේ නැහැ.+ ඔබට ඔබේ සෙනඟ ගැන තියෙන ඉමහත් ආදරය දැකලා ඔවුන් ලැජ්ජාවට පත් වෙයි. ඔබෙන් එන ගින්න ඔබේ සතුරන්ව දවා දමයි. 12  යෙහෝවා දෙවියනි, අපිට සමාදානය ලබා දෙන්නේ ඔබයි.+අපි කරන හැම දෙයක්මසාර්ථක වෙන්නේ ඔබ නිසයි. 13  යෙහෝවා, අපේ දෙවියනි, අපි වෙනත් ස්වාමිවරු යටතේ සේවය කරලා තිබුණත්+අපි සඳහන් කරන්නේ ඔබේ නම ගැන විතරයි.+ 14  දැන් ඔවුන් මැරිලා. ආයේ ජීවත් වෙන්නේ නැහැ. දැන් ඔවුන්ට කිසිම බලයක් නැහැ. ආයේ කවදාවත් නැඟිටින්නේ නැහැ.+ මොකද ඔබ ඔවුන්ට විරුද්ධව පියවර ගත්තා.ඔවුන්ව විනාශ කරලා ඔවුන් ගැන මතකය පවා නැත්තටම නැති කරලා දැම්මා. 15  යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ සෙනඟව විශාල ජාතියක් කළා.ඔබ ඒ සෙනඟව විශාල ජාතියක් කළා.ඔබ ඔබටම ගෞරවයක් ගෙනාවා.+ ඔබ දේශයේ සියලුම සීමා මායිම් හැම පැත්තෙන්ම පුළුල් කළා.+ 16  යෙහෝවා දෙවියනි, විපතේදී ඔවුන් ඔබේ උපකාරය පැතුවා.ඔබ ඔවුන්ට දඬුවම් කළාම ඔවුන් නිහඬව ඔබට කන්නලව් කළා.+ 17  අපි දරුවෙක් බිහි කරන්න යන ස්ත්‍රියක් වගෙයි.ප්‍රසව වේදනාවෙන් කෑගහන ස්ත්‍රියක් වගෙයි.යෙහෝවා දෙවියනි, ඔබ අපිටත් ඒ වගේ වේදනාවක් ඇති කළා. 18  අපි ගැබ්ගත්තා. ප්‍රසව වේදනාත් වින්දා.ඒත් බිහි කළේ හුළඟ විතරයි. දේශයට ගැලවීම ලබා දෙන්න අපිට බැරි වුණා.දේශයේ ජීවත් වෙන්න කිසිම කෙනෙක් ඉපදුණේ නැහැ. 19  “මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි. මට අයිති මළ කඳන් නැඟිටියි.+ දූවිල්ලේ සැතපිලා ඉන්න ජනයෙනි,+අවදි වෙන්න. ප්‍රීති ඝෝෂා නඟන්න! මොකද ඔබව තෙමන පිනි, හිමිදිරියේ වැටෙන* පිනි බිඳු වගෙයි.පොළොව, මිනී වළේ සැතපිලා ඉන්න අයව නිදහස් කරයි.* ඒ හැමෝම ජීවත් වෙයි. 20  මගේ සෙනඟෙනි, ඔබේ ඇතුල් කාමරවලට යන්න.ගිහින් දොරවල් වහගන්න.+ දෙවියන්ගේ කේන්තිය නැති වෙලා යන කල්මොහොතකට සැඟවිලා ඉන්න.+ 21  යෙහෝවා ඔහුගේ වාසස්ථානයේ ඉඳන් එන හැටි බලන්න!ඔහු එන්නේ දේශයේ ඉන්න අයගේ වැරදිවලට දඬුවම් කරන්නයි.එතකොට දේශය ඇය පිට හලපු ලේ ගැන හෙළි කරයි.මරා දැම්ම අය ගැන ඇය තවත් නිහඬ වෙලා ඉන්නේ නැහැ.”

පාදසටහන්

පේන විදිහට “ඔහු” කියන්නේ දෙවියන්ට.
හෝ සමහරවිට, “හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව ඉන්න අයව.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සමතලා මාර්ගයක ගමන් කරයි.”
හෝ සමහරවිට, “සුවඳ පැළෑටි පිට වැටෙන.”
හෝ, “ආපහු බිහි කරයි.”