යෙසායා 27:1-13

  • යෙහෝවා ලෙවීයාතන්ව මරලා දායි (1)

  • ඊශ්‍රායෙල්වරුන්ව මිදිවත්තකට සමාන කරලා ගයන ගීයක් (2-13)

27  ඒ දවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ බිය උපදවන තියුණු කඩුව අරගෙන,+වේගයෙන් යන ලෙවීයාතන්ට* දඬුවම් කරයි.වතුර කපාගෙන යන මුහුදු සර්පයා වන ලෙවීයාතන්ට පහර දෙයි.මුහුදේ සැරිසරන ඒ දැවැන්තයාව ඔහු මරලා දායි.   ඒ දවසේදී ඇයට* මෙහෙම ගායනා කරන්න. “ඇය වයින් නොඅඩුව නිපදවන මිදිවත්තක්!+   යෙහෝවා වන මම ඇයව ආරක්ෂා කරනවා.+ හැම මොහොතකම මම ඇයට වතුර දානවා.+ දිවා රෑ දෙකේම ඇයව ආරක්ෂා කරනවා.ඇයට හානියක් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ.+   ඇය ගැන මට තිබුණ කේන්තිය දැන් නිවී ගිහින්.+ කවුරු හරි කටු පඳුරු සහ වල් පැළෑටි අරගෙන මට බාධා කරන්න ආවොත්, මම ඒවා පාගලා දානවා. ඒවා ඔක්කොටම ගිනි තියලා දානවා.   ඒ නිසා ඔහුට පුළුවන් මගේ බලකොටුවට ඇවිත් රැකවරණය ලබන්න. ඔහුට පුළුවන් මාත් එක්ක සමාදාන වෙන්න.මාත් එක්ක සමාදාන වෙන්න.”   ඉදිරියට එන දවස්වලදී යාකොබ් හොඳින් මුල් අදියි.ඊශ්‍රායෙල් හොඳින් වැඩිලා, මල්වලින් බර වෙයි.+ඔවුන්ගේ පලදාවෙන් දේශය පිරිලා යයි.+   එහෙමනම් මේ තරම් දරුණු විදිහට ඔහුට පහර දෙන්න ඕනෙ ඇයි? මේ තරම් දරුණු මරණයකට ඔහු මුහුණ දෙන්න ඕනෙ ඇයි?   ඔබ ඇයට විරුද්ධව ඇවිත් භයානක හඬකින් කෑගහලා ඇයව දේශයෙන් පිටමං කරනවා. නැඟෙනහිරෙන් හුළඟ හමන දවසේදී වේගවත් හුළඟක් වගේ එන ඔහුගේ කේන්තියෙන් ඔහු ඇයව පන්නලා දානවා.+   ඒ විදිහට යාකොබ් තමන්ගේ වැරදිවලට සම්පූර්ණ වන්දියක් ගෙවයි.+ඔහුගේ වැරදිවලට සමාව ලැබුණාම මේ තත්වය උදා වෙයි. පූජාසනයේ තියෙන හැම ගලක්මහුණුගල් වගේ කුඩු කරලා දායි.නමස්කාරයට හදපු එක කණුවක්වත්* සුවඳ දුම් පූජාසනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.+ 10  මොකද බලකොටුව පාළු තැනක් වෙයි.අත්හරින තණබිම් පාළුකරය වගේ වෙයි.+ වහු පැටියා ඇවිත් එතන ලගියි.ඌ ඇගේ අතු කාලා දායි.+ 11  ඇගේ අතුඉති වේළිලා යද්දී,ස්ත්‍රීන් ඇවිත් ඒවා කඩාගෙනගිනිමැල ගහයි. මොකද මේ සෙනඟ දැනුම් තේරුම් ඇති සෙනඟක් නෙමෙයි.+ ඔවුන්ව හදපු කෙනා ඔවුන්ට දයාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.ඔවුන්ව අඹපු තැනැත්තා කරුණාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.+ 12  ඒ දවසේදී යෙහෝවා මහ ගඟේ* ඉඳන් ඊජිප්තු නිම්නය*+ වෙන කල් තියෙන හැම ගහකින්ම ගෙඩි කඩාගනියි. ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඒ විදිහට ඔබ හැමෝවමත් එකින් එක එකතු කරගනියි.+ 13  ඒ දවසේදී මහ හොරණෑවක් පිඹිනවා.+ ඇසිරියාවේ+ පණ ඇදඇද ඉන්න අයයි, ඊජිප්තු+ දේශය පුරාම විසිරිලා ඉන්න අයයි ඇවිත් යෙරුසලමේ තියෙන ශුද්ධ කන්දේදී යෙහෝවා ඉස්සරහා වැඳ වැටෙයි.+

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් ගැනයි. ඊශ්‍රායෙල්ව කාන්තාවකටත් මිදිවත්තකටත් සමාන කරලා තියෙනවා.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.