යෙසායා 28:1-29

  • එෆ්‍රායිම්වල බේබද්දන්ට මුහුණ දෙන්න වෙන විපත (1-6)

  • යූදාවල පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි වැනිවැනී යයි (7-13)

  • “මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා” (14-22)

    • සියොන්වල අත්තිවාරමට අනර්ඝ ගලක් (16)

    • පුදුම හිතෙන යෙහෝවාගේ ක්‍රියාව (21)

  • යෙහෝවා දෙන හික්මවීම් ගැන උදාහරණයක් (23-29)

28  එෆ්‍රායිම්වල+ බේබද්දන් හිතන්නේ ඔවුන්ගේ නුවර තේජවත්* ඔටුන්නක්* කියලයි.සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන ලස්සන මලක් කියලයි.වයින්වලින් මත් වුණ ඒ හැමෝටම මොන තරම් විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඒ ලස්සන මල පර වෙලා යයි.   යෙහෝවා දෙවියන් බලවත් කෙනෙක්ව එවන හැටි බලන්න! දරුණු හිම කැට වර්ෂාවක් සහ භයානක චණ්ඩ මාරුතයක් වගෙත්මහ ජලගැල්මක් ඇති කරන කුණාටුවක් වගෙත්ඔහු ඒ ඔටුන්න වේගයෙන් පොළොවට ඇදලා දායි.   එෆ්‍රායිම්වල බේබද්දන්ගේ තේජවත්* ඔටුනුපයට පෑගිලා යයි.+   සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙනපර වෙලා යන ඒ ලස්සන මලගිම්හානයට කලින් හටගත්ත අත්තික්කා ගෙඩියක් වගේ වෙයි. කෙනෙක් ඒක දැක්ක ගමන්ම ඒක කඩාගෙන ගිල දමයි.  ඒ කාලේදී ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට අලංකාර ඔටුන්නක් සහ ලස්සන මල් පලඳනාවක් වගේ වෙයි.+  ඔහු විනිශ්චයකරුවන්ව යුක්තිය ඉටු කරන්න පොලඹවයි. නගරයේ දොරටු ඉස්සරහින් සතුරන්ව පන්නලා දාන අයව ඔහු ශක්තිමත් කරයි.+   පූජකයායි, අනාගතවක්තෘවරයායි වයින් නිසා මංමුළා වෙලා.මත්පැන් නිසා ඔවුන් වැනිවැනී යයි. වෙරි මතින් ඉන්න ඒ හැමෝම අතරමං වෙලා.වයින් නිසා සිහියත් විකල් වෙලා.මත්පැන් බීලා ඔවුන් වැනිවැනී යයි.ඔවුන් දකින දර්ශන ඔවුන්ව නොමඟ යවයි.ඒ මේ අත වැනෙන ඒ අයට හරි විනිශ්චයක් දෙන්න බැහැ.+   මොකද වමනේ පිරුණ ඔවුන්ගේ මේසවලපිරිසිදු තැනක් නැති තරම්.   ඔවුන් මෙහෙම කියයි. “එයා ඔය උගන්වන්න හදන්නේ කාටද?ඔය පණිවිඩය තේරුම් කරලා දෙන්න හදන්නේ කාටද? එයා හිතන්නේ අපි අම්මාගේ තුරුලේ ඉඳගෙනඊයේ පෙරේදා කිරි බොන කාලේ පහු කරපු ළදරුවන් කියලද? 10  මේ මොන කන්දොස්කිරියාවක්ද! මේ අණ පිළිපදින්න. අර අණ පිළිපදින්න.මේකයි හරි මිම්ම. අරකයි හරි මිම්ම.+ මේ විදිහට කරන්න. අර විදිහට කරන්න.” 11  ඒ නිසා ගොතගගහා, වෙන භාෂාවක් කතා කරන ජාතියක් ලවා දෙවියන් මේ සෙනඟට කතා කරයි.+ 12  “විවේක ගන්න පුළුවන් තැන මේකයි. මහන්සි වෙලා ඉන්න අයට පුළුවන් මෙතනට වෙලා විවේක ගන්න. මෙතන තමයි සහනයක් ලැබෙන තැන” කියලා දෙවියන් කිව්වත් ඔවුන් ඒක කනකටවත් ගත්තේ නැහැ.+ 13  ඒ නිසා යෙහෝවා ආයෙත් ඔවුන්ට මෙහෙම කියයි. “මේ අණ පිළිපදින්න. අර අණ පිළිපදින්න.මේකයි හරි මිම්ම. අරකයි හරි මිම්ම.+මේ විදිහට කරන්න. අර විදිහට කරන්න.” ඒත් ඔවුන් ඇහුම්කන් දෙන්නේ නැහැ.ඒ නිසා පය පැටලිලා ඔවුන් වැටිලා යයි.හොඳටම තුවාල වෙලා උගුලකට අහු වෙයි.+ 14  පුරසාරම් දොඩන යෙරුසලමේ පාලකයෙනි,යෙහෝවා කියන මේ දේට සවන් දෙන්න. 15  මොකද ඔබ මෙහෙම කියනවා. “අපි මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා.+මිනී වළ එක්ක එකඟතාවකට ආවා.* මහ ජලගැල්මක් ආවත්අපිට හානියක් වෙන්නේ නැහැ.මොකද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන,ඒක ඇතුළේ හැංගිලා ඉන්නවා.”+ 16  ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියයි. “මම හොඳට පරීක්ෂා කරපු ගලක් පාවිච්චි කරලා සියොන්වල අත්තිවාරමක් දානවා.+ඒ ගල අනර්ඝයි.+ ඒක ස්ථිර අත්තිවාරමක ප්‍රධාන ගල වෙයි.+ ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක් කලබල වෙන්නේ නැහැ.+ 17  මම යුක්තිය මිනුම් ලණුව+ විදිහටත්ධර්මිෂ්ඨකම මට්ටම් ලීය*+ විදිහටත් යොදාගන්නවා. බොරුව කියන රක්ෂස්ථානය හිම කැට වර්ෂාවෙන් ගහගෙන යයි.ඔබ හැංගිලා ඉන්න තැන ජලගැල්මෙන් යට වෙලා යයි. 18  මරණය එක්ක ඔබ ගහගත්ත ගිවිසුම අහෝසි වෙයි.මිනී වළ එක්ක ඔබ ඇති කරගත්ත එකඟතාවත් බිඳිලා යයි.+ ජල පහර වේගයෙන් ගලාගෙන ආවාමඔබ ඒකට අහු වෙලා විනාශ වෙලා යයි. 19  ඒක වේගයෙන් ගලාගෙන එන හැම වෙලාවකමඔබ ඒකට ගහගෙන යයි.+මොකද ඒක උදයක් උදයක් පාසාත්රෑ දවල් දෙකේදීමත් ගලාගෙන එයි. දැනෙන බය නිසයි ඔවුන් ආරංචි වුණ දේ තේරුම්ගන්නේ.”* 20  මොකද යහන හාන්සි වෙන්නවත්පොරවන රෙද්ද පොරවගන්නවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 21  මොකද යෙහෝවා පෙරාෂිම් කන්දේදී කළා වගේ නැඟී සිටියි.ගිබියොන් ළඟ තියෙන නිම්නයේදී* කළා වගේ ඔහු ඉක්මනින්ම පියවර ගනියි.+ඒ පියවර ගන්නේ පුදුම හිතෙන ඔහුගේ ක්‍රියාව කරන්නයි.අදහාගන්න බැරි ඒ දේ කරන්නයි.+ 22  ඒ නිසා දැන් සමච්චල් කරන එක නවත්තන්න.+නැත්නම් ඔබේ විලංගු තවත් තද කරයි.මොකද මම දන්වන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩයයි.මුළු දේශයම* විනාශ කරන්න ඔහු ගත්ත තීරණය ගැන පණිවිඩයයි.+ 23  මගේ හඬට හොඳින් සවන් දෙන්න.හොඳට අවධානය දීලා මං කියන දේ අහන්න. 24  සීසාන කෙනෙක් බීජ වපුරන්නේ නැතුව දවසම හානවාද? පස කොටලා හැමදාමත් ඒක පෙරළ පෙරළ ඉන්නවාද?+ 25  පස සූදානම් කළාට පස්සේඔහු කලුදුරු සහ සූදුරු වපුරයි.තිරිඟු, මෙනේරි සහ බාර්ලි නියමිත තැන්වල පැළ කරයි.මායිම්වල තණ හාල්+ හිටවයි. 26  මොකද දෙවියන් ඔහුට හරි විදිහට උගන්වයි.*ඔහුගේ දෙවියන් ඔහුට දැනමුතුකම් දෙයි.+ 27  කලුදුරු තළන්න පාවිච්චි කරන්නේ මඩින ලෑල්ලක්ද?+සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තළන්නේ පොල්ලකින්.සූදුරු තළන්නේ කෝටුවකින්. 28  කෙනෙක් ධාන්‍ය පාගද්දී ඒවා රොටි හදන පිටි තරමටම කුඩු කරනවාද? නැහැ, ධාන්‍ය පාගද්දී සීමාවක් නැතුව ඒක කරන්නේ නැහැ.+අශ්වයන් ලවා කරත්ත රෝද ඒවා උඩ ඒ මේ අත ගෙනියද්දීධාන්‍ය පොඩි වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ.+ 29  ඒ වචන කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔහුගේ උපදෙස්* පුදුමාකාරයි.ඔහු කරන හැම දෙයක්ම සාර්ථකයි.*+

පාදසටහන්

හෝ, “ආඩම්බර; අහංකාර.”
පේන විදිහට මෙතන කතා කරන්නේ සමාරිය කියන අගනුවර ගැනයි.
හෝ, “ආඩම්බර; අහංකාර.”
හෝ සමහරවිට, “දර්ශනයක් දැක්කා.”
හෝ, “ලෙවලය; ලඹය.”
හෝ සමහරවිට, “පණිවිඩය තේරුම්ගත්තාම ඔවුන් හොඳටම බය වෙයි.”
හෝ, “තැනිතලාවේදී.”
හෝ, “මුළු පොළොවම.”
හෝ, “හික්මවීම් ලබා දෙයි; තරවටු කරයි.”
හෝ, “ඔහු තීරණය කරපු දේ.”
හෝ, “ඔහුගේ ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි.”