යෙසායා 3:1-26
3 සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන් කරන දේ බලන්න!ඔහු යෙරුසලමෙන් සහ යූදා දේශයෙන් හැම දෙයක්ම ඒ කියන්නේ සෙනඟ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා හිතන හැම දෙයක්ම අයින් කරනවා.කෑමත් වතුරත්+
2 බලවන්තයන්වත් යුධ දක්ෂයන්වත් අයින් කරනවා.විනිශ්චයකරුවන්වත් අනාගතවක්තෘවරුන්වත්+ පේන කියන්නන්වත් වැඩිමහල්ලන්වත් ඔහු අයින් කරනවා.
3 ප්රධානීන්වත්*+ උත්තමයන්වත් උපදේශකයන්වත්දක්ෂ මායාකරුවන්වත් නයි නටවන්නන්වත් ඔහු අයින් කරනවා.+
4 මම කොලු ගැටයන්ව ඔවුන්ගේ පාලකයන් විදිහට පත් කරනවා.හිතුමතේට වැඩ කරන* අය ඔවුන්ව පාලනය කරයි.
5 සෙනඟ එකිනෙකාට පීඩා කරයි.තමන්ගේ අසල්වැසියාට හිංසා කරයි.+
යෞවනයෝ මහලු අයට පහර දෙයි.සාමාන්‍ය මිනිස්සු උසස් අයව හෙළා දකියි.+
6 හැමෝම තමන්ගේ පියාගේ පවුලේ කෙනෙක්ගේ අතින් අල්ලගෙන මෙහෙම කියයි.
“ඔබට සළුවක් තියෙනවා. ඉතින් ඔබ අපේ පාලකයා වෙන්න.
නටබුන් ගොඩක් වුණ මේ තැන පාලනය කරන්න.”
7 ඒත් ඒකට අකමැති වෙන ඔහු මෙහෙම කියයි.
“ඔබේ තුවාල බඳින්න මට බැහැ.*මගේ ගෙදර අයටත් කන්න අඳින්න නැහැ.
ඉතින් මාව සෙනඟගේ පාලකයා කරන්න එපා.”
8 යෙරුසලම පහතට වැටිලා.යූදා දේශය පිරිහිලා.ඔවුන් කරන කියන හැම දේම යෙහෝවාට විරුද්ධයි.තේජවත් තැනැත්තා ඉස්සරහා ඔවුන් වැඩ කරන්නේ අගෞරවනීය විදිහටයි.+
9 ඔවුන් වැරදිකාරයෝ කියලා මූණෙන්ම පේනවා.සොදොම්වල මිනිස්සු වගේ ඔවුනුත් එළිපිටම ඔවුන්ගේ වැරදි ගැන කතා කරනවා.+ඒවා හංගන්න හදන්නේ නැහැ.
විනාශයට වළ කපාගන්න ඔවුන්ට අත් වෙන්නේ මොන තරම් විපතක්ද!
10 ධර්මිෂ්ඨ අයට යහපතක් වෙනවා කියලා කියන්න.ඔවුන් කරන හොඳ දේවලට ඔවුන්ට ආශීර්වාද ලැබෙනවා.+
11 දුෂ්ටයාට අත් වෙන්නේ දුක විතරයි!
ඔහු විපතකට මුහුණ දෙයි.කරපු දේවලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න වෙයි.
12 මගේ සෙනඟගෙන් වැඩ ගන්න අය හරිම දරුණුයි.ස්ත්‍රීන් ඔවුන්ව පාලනය කරයි.
මගේ සෙනඟෙනි, ඔබේ නායකයන් ඔබව මංමුළා කරනවා.ඔබ යන්න ඕනෙ පාර අවුල් කරනවා.+
13 යෙහෝවා දැන් චෝදනාව ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා.ජාතීන්ට ඔහුගේ තීන්දුව නියම කරන්න නැඟී සිටිනවා.
14 යෙහෝවා ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්වයි, පාලකයන්වයි විනිශ්චය කරයි.
“ඔබේ මිදිවත්ත ගිනිබත් කළා.දුප්පතුන්ගෙන් හොරකම් කරපු දේවලින් ඔබේ ගෙවල් පුරවගත්තා.+
15 මගේ සෙනඟව මේ විදිහට පොඩි කරලා දාන්න ඔබ කවුද?දුප්පතුන්ව බිම දාලා පාගන්න ඔබ කවුද”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අහනවා.
16 යෙහෝවා මෙහෙම කියනවා. “සියොන්වල දූවරු කොච්චර අහංකාරද!හරිම ආඩම්බර විදිහට ඇවිදින ඔවුන්ඇස් කරකව කරකව, පැද්දී පැද්දීපාද සළංවල හඬ නංවමින් ගමන් කරනවා.
17 ඒ නිසා යෙහෝවා වන මම සියොන්වල දූවරුන්ගේ හිසට තුවාලවලින් පහර දෙනවා.යෙහෝවා වන මම ඔවුන්ගේ හිස මුඩු කරනවා.+
18 ඒ දවසේදී ලස්සන වෙන්න ඔවුන් පලඳින හැම දෙයක්ම යෙහෝවා වන මම අයින් කරනවා.වළලු, නළල්පටි, අඩහඳක හැඩයට තියෙන ආභරණ,+
19 කරාබු,* අත් පලඳනා, මුහුණු වැසුම්,
20 හිස්වැසුම්, පාද සළං, වැඩ දැමූ පටි,*සුවඳ විලවුන් දැමූ බඳුන් සහ සුර* මම අයින් කරනවා.
21 ඔවුන් පලඳින මුදු, නාස් ආභරණ,
22 උත්සව ඇඳුම්, පිට වස්ත්‍ර, සළු, පසුම්බි,
23 අත් කැඩපත්,+ ලිනන් ඇඳුම්,*හිස් පලඳනා සහ මුහුණු වැසුම් මම අයින් කරනවා.
24 ඔවුන් ළඟින් බෝල්සම් තෛලයේ සුවඳ වෙනුවට+ එදාට කුණු ගඳක් එයි.ඔවුන්ට ඉඟපටියක් වෙනුවට ලණුවක් පලඳින්න වෙයි.කොණ්ඩ මෝස්තර වෙනුවට මුඩු හිසකුත්+වටින සළු වෙනුවට ගෝණි රෙදිත්+ ලැබෙයි.රූපශ්‍රීය වෙනුවට හංවඩු ගහපු කැළැල් තියෙයි.
25 ඔබේ පුරුෂයෝ කඩුවෙන් මැරුම් කයි.ඔබේ යුධ දක්ෂයෝ යුද පිටියේදී වැටෙයි.+
26 ඇගේ දොරටු ශෝකයෙන් වැලපෙන ස්ත්‍රියක් වගේ වෙයි.+ඇය කාත් කවුරුත් නැතුව බිම වැතිරිලා ඉඳියි.”+
පාදසටහන්
^ මූ.අ., “50ක ප්රධානීන්වත්.”
^ හෝ, “ඉක්මනින් වෙනස් වෙන.”
^ හෝ, “සුව කරන්නා වෙන්න මට බැහැ.”
^ හෝ, “පෙන්ඩන්ට්.”
^ ඒ කියන්නේ පපු ප්‍රදේශයේ දාපු අලංකාර පටියක්.
^ හෝ, “ආභරණ විදිහට හදපු සිප්පි හෝ කවඩි.”
^ හෝ, “යට ඇඳුම්.”