යෙසායා 30:1-33

  • ඊජිප්තුවෙන් ලැබෙන උදව්වලින් වැඩක් නැහැ (1-7)

  • සෙනඟ අනාවැකි පිළිගන්නේ නැහැ (8-14)

  • විශ්වාසය තියන එක ශක්තියක් වෙයි (15-17)

  • යෙහෝවා තමන්ගේ සෙනඟට කරුණාව පෙන්නයි (18-26)

    • යෙහෝවා තමයි උදාර උපදේශකයා (20)

    • “මේක තමයි හරි පාර” (21)

  • යෙහෝවා ඇසිරියාවට දඬුවම් කරයි (27-33)

30  යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මුරණ්ඩු පුතුන් අද්දකින්න යන්නේ මොන තරම් දරුණු විපතක්ද!+ඔවුන් වැඩ කරන්නේ මගේ සැලසුම් අනුව නෙමෙයි ඔවුන්ගෙම සැලසුම් අනුවයි.+ඔවුන් ගිවිසුම් ගහගත්තත්* ඒවා මගේ කැමැත්තට* විරුද්ධයි.ඒ විදිහට ඔවුන්ගේ වැරදි තවත් වැඩි කරගන්නවා.   මගෙන් අහන්නේ නැතුව+ ඔවුන් ඊජිප්තුවට ගිහින්+පාරාවෝගෙන් රැකවරණය ඉල්ලනවා.ඊජිප්තුවේ සෙවණ පතනවා.   ඒත් පාරාවෝගේ රැකවරණය පතන ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.ඊජිප්තුවේ සෙවණ පතන ඔවුන් නින්දාවට පත් වෙනවා.+   මොකද ඔහුගේ අධිපතීන් ෂොවන්වල+ ඉන්නවා.ඔහුගේ දූත පිරිස හනේස්වලට ඇවිල්ලා.   පිහිට වෙන්න බැරි සෙනඟක් නිසාඒ හැමෝම ලැජ්ජාවට පත් වෙනවා.කිසිම උදව්වක්, උපකාරයක් දෙන්නේ නැති ඒ සෙනඟ නිසාඔවුන් අද්දකින්නේ ලැජ්ජාව සහ නින්දාව විතරයි.”+  දකුණේ ඉන්න වනසතුන්ට විරුද්ධව දෙන තීන්දුව මේකයි. තමන්ගේ ධන සම්පත් බූරුවන්ගේ පිටෙත්තෑගිබෝග ඔටුවන්ගේ පිටෙත් පටවගෙනසිංහයන් ඉන්න, ඔව් ගොරවන සිංහයන් ඉන්න,පොළොඟුන් සහ පැනපැන දෂ්ට කරන විෂකුරු සර්පයන් ඉන්නවිපත්වලින් පිරුණු, දුෂ්කර දේශයක් හරහා ඔවුන් යනවා. ඒත් ඒ කිසිම දේකින් සෙනඟට නම් පලක් වෙන්නේ නැහැ.   ඊජිප්තුවෙන් ලැබෙන උදව්වලින් කිසිම වැඩක් නැහැ.+ ඒ නිසයි මම ඇයව “පැත්තකට වෙලා බලන් ඉන්න රාහබ්”+ කියලා හඳුන්වන්නේ.   “දැන් ගිහින් ලෑල්ලක් අරගෙන ඔවුන් ඉස්සරහම ඒ දේවල් ලියන්න.ලියවිල්ලක ඒවා සටහන් කරන්න.+හැමදාටම තියෙන සාක්ෂියක් විදිහටඒක ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි.+   මොකද ඔවුන් කැරලිකාර සෙනඟක්,+ වංචනික දරුවෝ.+යෙහෝවා වන මගේ නීතියට* ඇහුම්කන් දෙන්න අකමැති දරුවෝ.+ 10  ඔවුන් දිවැසිවරුන්ට ‘දර්ශන දකින්න එපා’ කියලා කියනවා. අනාගතවක්තෘවරුන්ට ‘අපි ගැන ඇත්ත කියන්න එපා.+ අපි සතුටු වෙන දෙයක් කියන්න. මොනවා හරි බොරුවක් ගොතලා කියන්න’ කියලා කියනවා.+ 11  ඔවුන් මෙහෙමත් කියනවා. ‘හරි පාරෙන් අයින් වෙන්න. යා යුතු මාර්ගෙන් පිට පනින්න. ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් ගැන අපිට කියන එක දැන් නවත්තන්න.’”+ 12  ඒ නිසා ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් මෙහෙම කියනවා. “ඔබ මගේ වචනය අහක දාලා+බොරුවෙත් වංචාවෙත් පිහිට පැතුවා.ඒ මත විශ්වාසය තිබ්බා.+ 13  ඔබේ වරද හරියට කඩා වැටුණු බිත්තියක් වගෙයි.කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පුපුරපු උස බිත්තියක් වගෙයි. ඒක හදිස්සියේම, එකපාරටම කඩන් වැටෙයි. 14  ඒක කුඹල්කරුවෙක්ගේ විශාල මැටි බඳුනක් වගේ බිඳලා දානවා.ලිපකින් ගිනි අඟුරක් ගන්නවත්වතුර වළකින්* දිය පොදක් ගන්නවත්පුළුවන් වෙන තරමේ පුංචි කෑල්ලක්වත් ඉතුරු නොවෙන විදිහට ඒක කුඩු කරලාම දානවා.” 15  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා. “මං ළඟට ආපහු හැරිලා ඇවිත් සන්සුන්ව හිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.කලබල නොවී මං ගැන විශ්වාසය තියන එක ඔබට ශක්තියක් වෙයි.”+ ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+ 16  ඔබ මෙහෙමත් කිව්වා. “අපි අශ්වයන්ගේ පිටේ නැඟලා පලා යනවා.” ඔබට අනිවාර්යයෙන්ම පලා යන්න වෙයි. “අපි හරිම වේගවත් අශ්වයන්ගේ පිටේ නැඟලා යනවා.”+ ඔබ පසුපස එන අය හරිම වේගයෙන් ඔබව ලුහුබඳියි.+ 17  එක් කෙනෙක්ගේ තර්ජනයට දාහක් බයෙන් වෙවුලයි.+පස්දෙනෙක්ගේ තර්ජනයට ඔබ පලා දුවයි.ඉතුරු වෙන අය හරියට කන්දක් උඩ හිටවපු රිටක් වගෙත්උස්බිමක සංඥාවක් විදිහට හිටවපු කණුවක් වගෙත් වෙයි.+ 18  ඒත් යෙහෝවා ඉවසීමෙන්* බලාගෙන ඉන්නේ ඔබට කරුණාව පෙන්නන්නයි.+ඔහු ඔබට දයාව පෙන්නන්න පියවර ගනියි.+ මොකද යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්.+ ඔහු ගැන බලාපොරොත්තුවෙන් ඉන්න* හැමෝම සන්තෝෂවත්.+ 19  සෙනඟ සියොන්වලට ඒ කියන්නේ යෙරුසලමට+ ගිහින් ජීවත් වෙද්දී ඔබ ආයෙත් අඬා වැලපෙන්නේ නැහැ.+ ඔබ උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු ඔබට අනිවාර්යයෙන්ම අනුකම්පාව පෙන්නයි. ඔබේ හඬ ඇහුණ ගමන්ම ඔහු ඔබට පිළිතුරු දෙයි.+ 20  යෙහෝවා ඔබට දුක් කරදර නමැති කෑම කන්න සහ පීඩා නමැති වතුර බොන්න ඉඩහැරියත්+ ඔබේ උදාර උපදේශකයාණන් වන ඔහු තවදුරටත් ඔබෙන් සැඟවිලා ඉන්නේ නැහැ. ඔබ ඔබේ ඇස් දෙකෙන්ම ඔබේ උදාර උපදේශකයාණන්ව+ දකියි. 21  හදිස්සියෙවත් ඔබ නොමඟ ගිහින් දකුණට හරි වමට හරි හැරුණොත්+ ඔබට පිටුපසින් මෙහෙම කියන හඬක් ඇහෙයි. “මේක තමයි හරි පාර.+ මේ පාරේ යන්න.” 22  රිදී ආලේප කරපු ඔබේ රූපත් රත්තරන් ආලේප කරපු ලෝහ පිළිමත්*+ ඔබ විනාශ කරලා දායි. අපවිත්‍ර රෙදි කෑල්ලක්* වීසි කරලා දානවා වගේ ඔබත් “මේක මහ ජරාවක්”+ කියලා ඒ රූප වීසි කරලා දායි. 23  ඔබ කෙත්වල බීජ වපුරද්දී ඔහු අවශ්‍ය වැසි ලබා දෙයි.+ කෙත්වලින් ලැබෙන අස්වැන්නෙන් ඔබ ඇති තරම් පෝෂ්‍යදායි රොටි හදාගනියි.+ ඒ දවසේදී ඔබේ සත්ව රැළවල් විශාල තණබිම්වල තණ කයි.+ 24  කෙත්වල වැඩට ගන්න ගවයන්ට සහ බූරුවන්ට රොඩු අයින් කරපු* හොඳම කෑම දෙයි. 25  බලකොටු කඩා වැටිලා මහා ඝාතනයක් වෙන දවසේදී හැම කඳු මුදුනකින්ම සහ පර්වතයකින්ම දිය පහරවලුත් දොළ පහරවලුත් ගලාගෙන එයි.+ 26  ඒ දවසේදී යෙහෝවා තමන්ගේ සෙනඟගේ තුවාල* බැඳලා,+ ඔහු දුන්න පහරෙන් ඇති වුණ බරපතළ තුවාලය සුව කරයි.+ එදාට පුන්සඳේ ආලෝකය බැබළෙන හිරුගේ ආලෝකයට සමාන වෙයි. හිරුගේ ආලෝකය හත් ගුණයකින් වැඩි වෙයි.+ ඒක හරියට දවස් හතකදී ලැබෙන හිරු එළිය එක දවසක් ඇතුළත ලැබෙනවා වගෙයි. 27  බලන්න! යෙහෝවා* දුර ඈත ඉඳන් එනවා.ඔහු එන්නේ ගන වලාවකින්. ඔහුගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළිලා. ඔහු කතා කරන්නේ හරිම කේන්තියෙන්.ඔහුගේ දිව ඇවිළෙන ගින්නක් වගෙයි.+ 28  ඔහුගේ හුස්ම* ගෙල ළඟටම නඟින, වේගයෙන් ගලාගෙන එන ජල ධාරාවක් වගෙයි.පෙනේරයක් ඒ මේ අත හොලවනවා වගේ ඔහු ජාතීන්ව හොලවලා විනාශ කරලා දායි.මිනිස්සුන්ව වැරදි පාරක අරගෙන යන්න ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක් දායි.+ 29  ඒත් ඔබ ගයන ගීතය හරියට උත්සවයකට සූදානම් වෙද්දී+රාත්‍රියේදී ගයන ගීතයකට සමාන වෙයි.ඊශ්‍රායෙල්ගේ පර්වතය වන යෙහෝවාගේ+ කන්ද දෙසටනළාවක් පිඹිමින් ඇවිදගෙන යන කෙනෙක් වගේඔබේ හිතත් සතුටින් පිරී යයි. 30  යෙහෝවා ඇවිළෙන ගිනි ජාලාවකුත්+ධාරානිපාත වැස්සක්,+ කුණාටුවක් සහ හිම කැට වර්ෂාවකුත්+ එක්කඔහුගේ තේජවත් හඬ+ ඇහෙන්න සලස්වයි.මහත් කේන්තියකින් පහර දෙද්දී+ ඔහු තමන්ගේ අත දකින්න සලස්වයි.+ 31  යෙහෝවාගේ හඬ නිසා ඇසිරියාව බයෙන් වෙවුලයි.+ඔහු ඒකට දණ්ඩකින් පහර දෙයි.+ 32  යෙහෝවා දඬුවම නමැති ඔහුගේ දණ්ඩෙන්ඇසිරියාවට පහර දෙන හැම වතාවකදීමත්ඔවුන්ට විරුද්ධව ඔහුගේ අත උස්සලා සටන් කරද්දීත්+රබන් ගහන, වීණා වයන හඬ ඇහෙයි.+ 33  මොකද ඒ කෙනාව විනාශ කරන්න දැනටමත් ස්ථානයක්*+ සූදානම් කරලයි තියෙන්නේ.ඔවුන්ගේ රජටත් ඒ තැන සූදානම් කරලයි තියෙන්නේ.+ ඔහු* විශාල, ගැඹුරු වළක් පුරවන්න තරම් දර ගොඩගහලයි තියෙන්නේ.මදි නොකියන්න ගින්දරත් දරත් තියෙනවා. දැවෙන ගෙන්දගම්වලට සමානයෙහෝවාගේ හුස්මෙන් ඔහු ඒ තැන අවුළුවයි.

පාදසටහන්

හෝ, “මගේ බලයේ මඟ පෙන්වීමට.”
මූ.අ., “පාන පූජාවක් වක් කළත්.” පේන විදිහට ඒකෙන් අදහස් කරන්නේ ගිවිසුමක් ඇති කරගන්න එක.
හෝ, “මඟ පෙන්වීම්වලට.”
හෝ සමහරවිට, “පොකුණකින්.”
හෝ, “මහත් ආසාවකින්.”
හෝ, “ඔහු පියවර ගන්න කල් ආසාවෙන් බලන් ඉන්න.”
හෝ, “ලෝහ උණු කරලා හදපු පිළිමත්.”
හෝ, “ඔසප් කාලේදී පාවිච්චි කරන රෙදිකඩක්.”
හෝ, “සවලෙන් සහ මුල්ලුවෙන් බේරලා ගත්ත.”
හෝ, “බිඳුණ අස්ථි.”
මූ.අ., “යෙහෝවාගේ නාමය.”
හෝ, “ඔහුගෙන් නික්මෙන බලය.”
මූ.අ., “ඔහුගේ තෝෆෙත්.” මෙතන “තෝෆෙත්” කියන එකෙන් පිච්චෙන තැනක් සංකේතවත් කරනවා. ඒකෙන් විනාශය නියෝජනය කරනවා.
ඒ කියන්නේ යෙහෝවා.