යෙසායා 31:1-9

  • ඇත්තටම උදව් ලැබෙන්නේ දෙවියන්ගෙන් මිසක් මිනිස්සුන්ගෙන් නෙමෙයි (1-9)

    • ඊජිප්තුවරුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි (3)

31  උදව් ඉල්ලගෙන ඊජිප්තුවට යන අයට මොන තරම් දරුණු විපතක් අද්දකින්න වෙයිද!+ඔවුන් විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි.+ගණන් කරන්න බැරි තරම් යුධ රථ තියෙන නිසා ඒවා ගැනත්බලවත් යුධ අශ්වයන්* ඉන්න නිසා උන් ගැනත් ඔවුන් විශ්වාසය තියනවා. ඒත් ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා ගැන විශ්වාසය තියන්නෙවත්යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්නෙවත් නැහැ.   ඒත් ඔහු ඔවුන්ට වඩා ප්‍රඥාවන්තයි. ඔහු විපතක් ගෙනෙයි.ඔහු කියන දේ ඒ විදිහටම ඉටු කරයි. දුෂ්ටයන්ගේ වාසස්ථානයට විරුද්ධවත්වැරදිකරුවන්ට අතහිත දෙන අයට විරුද්ධවත් ඔහු පියවර ගනියි.+   ඊජිප්තුවරු නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඔවුන්ව දෙවියන්ට සමාන කරන්න බැහැ.ඔවුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි. ස්වර්ගයෙන් ආපු සේනාවක් නෙමෙයි.+ යෙහෝවා ඔහුගේ අත දිගු කළාමඋදව් දෙන තැනැත්තාත්උදව් ලබන තැනැත්තාත් වැටිලා යයි.ඒ හැමෝම එකට විනාශ වෙයි.   මොකද යෙහෝවා මට මෙහෙම කිව්වා. “තරුණ කේශර සිංහයෙක් ගොදුරක් අල්ලගත්තාම ඒක රැකගන්න ඌ ගොරවනවා.ඌව එළවලා දාන්න එඬේරු විශාල පිරිසක් එකතු කළත්ඔවුන්ගේ හඬට ඌ බය වෙන්නෙවත්ඔවුන්ගේ ඝෝෂාවට ඌ ගැස්සෙන්නෙවත් නැහැ.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දත් එහි කඳු මුදුනත්රැකගන්න සටන් කරන්නේ ඒ විදිහටයි.   තම පැටව් වටේ පියාසර කරන කුරුල්ලෙක් වගේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යෙරුසලම ආරක්ෂා කරයි.+ ඔහු ඇය වෙනුවෙන් සටන් කරලා ඇයව බේරගනියි. ඔහු ඇයව ආරක්ෂා කරලා ඇයව ගලවගනියි.”  “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ කිසිම ගාණක් නැතුව කැරලිගැහුවා. ඔබ පිටු පාපු ඒ තැනැත්තා ළඟට ආපහු හැරිලා එන්න.+  මට විරුද්ධව වරදක් කරලා රත්තරන් සහ රිදීවලින් ඔබම හදාගත්ත කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ රූප ඒ දවසේදී හැම කෙනෙක්ම අයින් කරනවා.   ඇසිරියානුවා කඩුවෙන් මැරුම් කයි. ඒත් ඒ මනුෂ්‍යයෙක්ගේ කඩුවකින් නෙමෙයි.කඩුවක් ඇවිත් ඔහුව කාලා දායි. ඒත් ඒ මනුෂ්‍යයෙක්ගේ කඩුවක් නෙමෙයි.+ ඒ කඩුවට බයෙන් ඔහු පලා යයි.ඔහුගේ තරුණයන්ව මෙහෙකාරකමට ගනියි.   ඔහුට පර්වතයක් වගේ හිටපු කෙනා බය වෙයි. ඒ කෙනා අතුරුදහන් වෙයි.ඔහුගේ අධිපතීනුත් සංඥාවක් විදිහට හිටවපු කණුව දැකලා බයෙන් වෙවුලයි.” එහෙම කියන්නේ යෙහෝවායි.සියොන්වල බැබළෙන ආලෝකය* එන්නේ ඔහුගෙනුයි. යෙරුසලමේ ඇවිළෙන ගිනි උදුන ඔහුගෙයි.

පාදසටහන්

හෝ, “අසරුවන්.”
හෝ, “ඇවිළෙන ගින්දර.”