යෙසායා 32:1-20

  • යුක්තිය ඉටු කරමින් පාලනය කරන රජෙක් සහ අධිපතීන් (1-8)

  • සැහැල්ලු ජීවිතයක් ගත කරන කාන්තාවන්ට අනතුරු ඇඟවීම් (9-14)

  • දෙවියන්ගේ බලය ලැබෙද්දී අද්දකින ආශීර්වාද (15-20)

32  බලන්න! ධර්මිෂ්ඨකම වෙනුවෙන් කැප වෙන+ රජෙක්+ එයි.අධිපතීන් යුක්තිය ඉටු කරමින් පාලනය කරයි.   ඒ හැම කෙනෙක්ම සුළඟින් මුවා වෙන්න ස්ථානයක් වගෙත්කුණාටුවෙන් සැඟවෙන්න පුළුවන් තැනක්* වගෙත් වෙයි.දිය පොදක් නැති දේශයක ගලා බහින දිය පහරවල් වගෙත්+වියළි දේශයක මහ පර්වතයකින් ලැබෙන සෙවණක් වගෙත් වෙයි.   එදාට ඇස් පේන අයගේ පෙනීම බොඳ වෙන්නේ නැහැ.කන් ඇහෙන අය හොඳ අවධානයකින් සවන් දෙයි.   හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන අය පවා අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගනියි.ගොතගහන අය පැහැදිලිව, දක්ෂ විදිහට කතා කරයි.+   අඥානයාව මින් මත්තට ත්‍යාගශීලී කෙනෙක් විදිහට ගණන් ගන්නේ නැහැ.කිසි ප්‍රතිපත්තියක් නැති කෙනෙක්ව උතුම් කෙනෙක් විදිහට සලකන්නේ නැහැ.   අඥානයා කිසි තේරුමක් නැති කතා කියයි.ඔහු තම හිතින් නපුරු දේ සැලසුම් කරයි.+එහෙම කරන්නේ දෙවියන්ගෙන් මිනිස්සුන්ව ඈත් කරන්නයි.* යෙහෝවා ගැන බොරු පතුරුවන්නයි.හාමතෙන් ඉන්න කෙනාට කෑම ලැබෙන එක වළක්වන්නයි.පිපාසයෙන් ඉන්න කෙනාට වතුර ලැබෙන එක වළක්වන්නයි.   කිසි ප්‍රතිපත්තියක් නැති කෙනාගේ උපායන් හරිම දුෂ්ටයි.+ඔහු අනිත් අයව පොලඹවන්නේ නින්දිත විදිහට වැඩ කරන්නයි.දුප්පතා ඇත්ත කියද්දීත්ඔහුට ඕනෙ බොරු කියලා ඒ අසරණයාව නැති කරලා දාන්නයි.+   ඒත් ත්‍යාගශීලී කෙනා ත්‍යාගශීලී වෙන්නේ හරිම කැමැත්තෙන්.ත්‍යාගශීලී වෙන්න ඔහු ගන්න උත්සාහය ඔහු අත් නොහරියි.   “කිසිම දෙයක් ගැන තැකීමක් නැති කාන්තාවෙනි, දැන් නැඟිටින්න! මගේ හඬට ඇහුම්කන් දෙන්න. සැහැල්ලු ජීවිතයක් ගත කරන දියණියනි,+ මම කියන දේට සවන් දෙන්න. 10  තව අවුරුද්දකින් විතර, සැහැල්ලුවෙන් ඉන්න ඔබ බයෙන් හෙල්ලිලා යයි.මොකද මිදි නෙළන කාලය ඉවර වුණත් එක ගෙඩියක්වත් නෙළාගන්න බැරි වෙයි.+ 11  කිසිම දෙයක් ගැන තැකීමක් නැති කාන්තාවෙනි, බයෙන් වෙවුලන්න! සැහැල්ලුවෙන් ඉන්න ඔබත් බයෙන් වෙවුලන්න! ඔබේ ඇඳුම් ගලවලා දාලාඉණ වටේ ගෝණි රෙදි ඇඳගන්න.+ 12  සාරවත්ව තිබුණ කෙත්වතු දිහාත් මිදිවතු දිහාත් බලලාපපුවට ගගහා වැලපෙන්න. 13  මොකද මගේ සෙනඟගේ වතුපිටි කටු පඳුරුවලින් වැහිලා යයි.ඔවුන් සතුටින් ජීවත් වුණ හැම ගෙයක්මත්ප්‍රීතිමත් නුවරත් කටු පඳුරුවලින් වැහිලා යයි.+ 14  මොකද බලකොටුව අත්හැරලා දාලා.ඝෝෂාකාරී නුවර අත්හැරලා.+ ඕෆෙල්+ සහ මුරකොටුව සදහටම පාළුවට ගිහිල්ලා.ඒවා බූරුවන් නිදැල්ලේ ඉන්න තැන් වෙලා.සත්ව රැළවල්වලට තණබිම් වෙලා.+ 15  දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙන කල් ඒවා ඒ විදිහටම තියෙයි.+ඊටපස්සේ පාළුකරය පලතුරු උයනක් වෙයි.ඒ පලතුරු උයන ගන කැලෑවක් වගේ පෙනෙයි.+ 16  එදාට පාළුකරයේ යුක්තිය රජයයි.පලතුරු උයනේ ධර්මිෂ්ඨකම වාසය කරයි.+ 17  සැබෑ ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+සැබෑ ධර්මිෂ්ඨකම නිසා හැමෝම කිසිම බයක් සැකක් නැතුව, සුරක්ෂිතව හැමදාටම ජීවත් වෙයි.+ 18  මගේ සෙනඟ සාමකාමී තැනක ජීවත් වෙයි.ඔවුන් සුරක්ෂිත නිවහන්වල නිස්කලංකව ජීවත් වෙයි.+ 19  ඒත් හිම කැට වර්ෂාවකින් ගන කැලෑව සමතලා වෙයි.නුවරත් පොළොවටම සමතලා වෙයි. 20  දිය පහරවල් තියෙන හැම තැනකම බීජ වපුරන ඔබ,ගවයන්ව සහ බූරුවන්ව යවන* ඔබ සන්තෝෂවත්.”+

පාදසටහන්

හෝ, “රක්ෂස්ථානයක්.”
හෝ, “දෙවියන්ට ගරුබියක් නැතුව වැඩ කරන්න පොලඹවන්නයි.”
හෝ, “ගවයන්ට සහ බූරුවන්ට යන්න හරින.”