යෙසායා 33:1-24

  • ධර්මිෂ්ඨ අයට ලැබෙන තීන්දුව සහ බලාපොරොත්තුව (1-24)

    • විනිශ්චයකරුත් නීති ලබා දෙන කෙනාත් රජත් යෙහෝවායි (22)

    • කවුරුත් “මම අසනීපෙන්” කියලා කියන්නේ නැහැ (24)

33  ජාතීන්ව පරාජය කළත් ඔබ තවමත් පරාජය අද්දැකලා නැහැ.+අනුන්ව පාවලා දුන්නත් ඔබව තවමත් පාවලා දීලා නැහැ. ඔබ අද්දකින්න යන්නේ මොන තරම් දරුණු විපතක්ද! අනිත් අයව විනාශ කළාට පස්සේ ඔබවත් විනාශ කරයි.+ අනිත් අයව පාවලා දුන්නාට පස්සේ ඔබවත් පාවලා දෙයි.   අනේ යෙහෝවා, අපිට අනුකම්පාව පෙන්නන්න.+ අපේ බලාපොරොත්තුව ඔබයි. හැම උදෑසනකම ඔබේ අතින් අපිව උසුලන්න.*+දුක් කරදර ඇති කාලේදී අපිව ගලවගන්න.+   ඝෝෂාවක් ඇහෙද්දී මිනිස්සු පලා දුවනවා. ඔබ නැඟී සිටිද්දී ජාතීන් ඒ මේ අත දුවනවා.+   රොත්ත පිටින් එන පළඟැටි රංචුවක් වගේ මිනිස්සු ඇවිත් ඔබට අයිති වටින හැම දෙයක්ම එකතු කරගනියි.මහ පළඟැටි සේනාවක් වගේ මිනිස්සු ඒවා පිටට කඩා පනියි.   යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙයි.මොකද ඔහු උසස්ම ස්ථානයේ වාසය කරයි. ඔහු සියොන් කන්ද යුක්තියෙන් සහ ධර්මිෂ්ඨකමින් පුරවයි.   ඔබේ ජීවිත කාලේ පුරාම ඔබට වැටෙන්න නොදී ඔබට සවියක් වෙන්නේ ඔහුයි.පුදුමාකාර විදිහට ඔහු ලබා දෙන ගැලවීමත්+ ඔහු දෙන ප්‍රඥාවත් දැනුමත් යෙහෝවා ගැන ඔබට තියෙන ගරුබියත්+මොන තරම් වටින දේවල්ද!*   බලන්න! ඔවුන්ගේ එඩිතර පුරුෂයෝ වීථිවල කෑගහයි.ඔවුන්ගේ සාම දූතයෝ අඬා වැලපෙයි.   මහා මාර්ග පාළුවට ගිහිල්ලා.පාරවල්වල කිසිම කෙනෙක් ගමන් කරන්නේ නැහැ. ඔහු* ගිවිසුම කඩ කළා.ඔහු නුවරවල් හෙළා දැක්කා.ඔහුට මිනිස්සු ගැන කිසිම ගාණක් නැහැ.+   දේශය වැලපෙයි.* ඒක මැලවිලා යයි. ලෙබනොන් ලැජ්ජාවට පත් වෙලා.+ ඒක නාස්ති වෙලා ගිහින්. ෂාරොන් කාන්තාරයක් වගේ වෙලා.බාෂාන් සහ කර්මෙල්වල කොළ හැලිලා ගිහින්.+ 10  “දැන් මම නැඟී සිටිනවා” කියලා යෙහෝවා කියනවා.“දැන් මම මාවම ගෞරවයට පත් කරගන්නවා.+දැන් මම මගේ තේජස දකින්න සලස්වනවා. 11  ඔබේ සැලසුම් සහ වැඩ නිෂ්ඵලයි. ඒවා හරියට වේළුණු තණකොළයි, පිදුරුයි වගේ. ඔබේ නපුරු සිතුවිලි ගින්නක් වගේ ඇවිළිලා ඔබව නැති කරලා දායි.+ 12  මිනිස්සු හරියට හුණුගල් පුච්චලා දැම්මාම ඉතුරු වෙන අළු වගේ වෙයි. කපලා දාන කටු පඳුරු වගේ ඔවුන්ව පුච්චලා දායි.+ 13  දුර ඈත ඉන්න සෙනඟෙනි, මම කරන්න යන දේ ගැන අහන්න. ළඟපාත ඉන්න සෙනඟෙනි, මම බලවත් කියලා පිළිගන්න. 14  සියොන්වල ඉන්න පව්කාරයෝ බයෙන් ගැහෙනවා.+දෙවියන්ව අත්හැරලා ගිය අය බයෙන් වෙවුලනවා. ඔවුන් මෙහෙම කියනවා. ‘දැවෙන ගින්නක් ළඟ ඉන්න පුළුවන් කාටද?+නිවා දාන්න බැරි ගිනිදලු ළඟ ඉන්න පුළුවන් කාටද?’ 15  දිගටම හරි දේ කරන,+අවංකව කතා කරන,+හොර බොරුවෙන් ලාභ උපයන එක ප්‍රතික්ෂේප කරන කෙනා,අල්ලසකට අතවත් නොතියා ඒක ප්‍රතික්ෂේප කරන,+ලේ හලන්න කරන සැලසුම් ගැන අහන්නවත් අකමැති,දුෂ්ට දේවල් නොදකින විදිහට තමන්ගේ ඇස් වහගන්න කෙනා 16  කඳුකරයේ උස් තැනක වාසය කරයි.බලකොටු වගේ සුරක්ෂිත පර්වතවල රැකවරණය ඔහුට ලැබෙයි.ඔහුට හැමදාමත් කෑම ලැබෙයි.ඔහුගේ දිය උල්පත කවදාවත් හිඳෙන්නේ නැහැ.”+ 17  තේජසින් පාලනය කරන රජෙක්ව ඔබේ ඇස් දෙකෙන්ම ඔබ දකියි.දුර ඈත තියෙන දේශයක් ඔබ දකියි. 18  භයානක දේ මතක් කරලා ඔබ මෙහෙම කියයි. “ලේකම්ට මොකද වුණේ? ගෙවන කප්පම කිරපු කෙනා කොහෙද?+ මුරකොටු ගණන් කරපු කෙනා කොහෙද?” 19  ඒ උද්ධච්ච සෙනඟ ඔබ ආයේ දකින්නේ නැහැ.නොතේරෙන භාෂාවක් කතා කරන,තේරුම්ගන්න හරි අමාරු, ගොතගහනවා වගේ කතා කරන භාෂාවක්+ තියෙන ඒ සෙනඟව ඔබ ආයේ දකින්නේ නැහැ. 20  අපි සතුටින් උත්සව පවත්වපු අපේ නුවර වන සියොන් දිහා බලන්න!+ එතකොට ඔබ දකියි යෙරුසලම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් තැනක් කියලා. ඒක අකුළලා අයින් කරන්න පුළුවන් කූඩාරමක් නෙමෙයි.+ඒකේ කූඤ්ඤ කවදාවත් ගලවලා දාන්නෙවත්ලණු කඩලා දාන්නෙවත් නැහැ. 21  ගංගා සහ මහ ඇළ මාර්ගවලින් ප්‍රදේශයක් ආරක්ෂා වෙනවා වගේතේජවත් තැනැත්තාණන් වන යෙහෝවා එහෙදී අපිව ආරක්ෂා කරයි.යුද නැව් සමූහයක් එහෙට යන්නෙවත්විශාල නැව් ඒක පහු කරගෙන යන්නෙවත් නැහැ. 22  මොකද අපේ විනිශ්චයකරු යෙහෝවායි.+අපිට නීති ලබා දෙන්නේ* යෙහෝවායි.+අපේ රජාණන් යෙහෝවායි.+අපිව ගලවගන්න තැනැත්තා ඔහුයි.+ 23  සතුරු නැව්වල කඹ බුරුල් වෙයි.කුඹගහ කෙළින් තියාගන්නවත් රුවල දිගහරින්නවත් ඒවාට* බැරි වෙයි. ඒ කාලේදී වටින දේවල් ගොඩක් එකතු කරගෙන ඒවා බෙදාගනියි.කොර අය පවා වටින දේවල් ගොඩක් අයිති කරගනියි.+ 24  දේශයේ ජීවත් වෙන කවුරුත් “මම අසනීපෙන්” කියලා කියන්නේ නැහැ.+ එහේ ජීවත් වෙන සෙනඟගේ වරදට දෙවියන්ගෙන් සමාව ලැබෙයි.+

පාදසටහන්

හෝ, “ඔබ අපේ ශක්තිය වෙන්න.”
මූ.අ., “ඒවා තමයි ඔහුගේ වස්තුව.”
මෙතන කතා කරන්නේ සතුරා ගැනයි.
හෝ සමහරවිට, “වේළිලා යයි.”
හෝ, “අපේ නීතිදායකයා.”
හෝ, “ඔවුන්ට.”