යෙසායා 34:1-17

  • යෙහෝවා ජාතීන්ට දඬුවම් කරයි (1-4)

  • ඒදොම් පාළුවට යයි (5-17)

34  විවිධ ජාතීන්ට අයිති ජනයෙනි, මං ළඟට ඇවිත් ඇහුම්කන් දෙන්න.සෙනඟෙනි, හොඳින් සවන් දෙන්න. පොළොවත් එහි ජීවත් වෙන සියලුදෙනාත්දේශයත් එහි ඉන්න හැමෝමත් ඇහුම්කන් දෙන්න.   මොකද සියලු ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවියන්ගේ කේන්තිය ඇවිළිලයි තියෙන්නේ.+ඔවුන්ගේ හැම සේනාවක් පිටටම ඔහු තමන්ගේ කෝපය පිට කරයි.+ ඔහු ඔවුන්ව විනාශ කරලා දායි.ඔහු ඔවුන්ව මරලා දායි.+   ඔවුන්ගේ මළ කඳන් වීසි කරලා දායි.මළ කඳන්වල දුගඳ හැම තැනටම පැතිරිලා යයි.+ඔවුන්ගේ ලෙයින් කඳු හේදිලා* යයි.+   මුළු අහස් සේනාවම කුණු වෙලා යයි.අහස ලියවිල්ලක් වගේ අකුළලා දායි. මිදිවැලක වේළුණ කොළයක් වැටිලා යනවා වගෙත්අත්තික්කා ගෙඩියක් මැලවිලා වැටිලා යනවා වගෙත්ඔවුන්ගේ මුළු සේනාවම වැටිලා යයි.   “මොකද ඉහළ අහසේ තියෙන මගේ කඩුව ලෙයින් තෙත් වෙයි.+ ඒක ඒදොම්ව විනිශ්චය කරන්න ඔවුන් පිටට ගේනවා.+මම විනාශ කරන්න තීරණය කරපු සෙනඟ පිටට ඒක ගේනවා.   යෙහෝවා දෙවියන් අතේ කඩුවක් තියෙනවා. ඒක ලෙයින් තෙත් වෙයි. ඒක පුරාම තෙල් තැවරිලා තියෙයි.+බැටළු පැටවුන්ගේ සහ එළුවන්ගේ ලේත්බැටළුන්ගේ වකුගඩුවල තෙලුත් ඒකේ තැවරිලා තියෙයි. මොකද යෙහෝවා බොෂ්රාවල පූජාවක් සූදානම් කරලා.ඒදොම් දේශයේදී සතුන් විශාල ප්‍රමාණයක් මරලා දාන්නත් සූදානම් කරලා.+   උන් එක්ක කුළු හරකුන්වත් විනාශ වෙලා යයි.ශක්තිමත් හරකුන් එක්ක වස්සනුත් විනාශ වෙලා යයි. ඔවුන්ගේ දේශය ලේවලිනුත්පස තෙල්වලිනුත් පෙඟිලා යයි.”   යෙහෝවා සතුරන්ට දඬුවම් කරන්න දවසක් නියම කරලා තියෙනවා.+සියොන්වලට විරුද්ධව වැඩ කරපු අයට දඬුවම් කරන්න අවුරුද්දක් නියම කරලා තියෙනවා.+   ඇගේ* දිය පහරවල් තාරවලට හරවයි.පස ගෙන්දගම්වලට හරවයි.ඇගේ දේශය ගිනිගන්න තාර වගේ වෙයි. 10  දිවා රෑ දෙකේම ඒ ගින්න ඇවිළෙයි. ඒක නිවිලා යන්නේ නැහැ.ඒකේ දුම සදහටම නොනැවතී ඉහළට නඟියි. කොච්චර කාලයක් ගෙවුණත් ඇය දිගටම පාළුවට ගිහින් තියෙයි.කිසිම කෙනෙක් ඇය මැදින් යන්නේ නැහැ. සදාකාලයෙන් සදාකාලයට ඇය ඒ විදිහටම ඉඳියි.+ 11  ඇය පැස්තුඩුවන්ට සහ ඉත්තෑවන්ට නිවහනක් වෙයි.බකමූණන්* සහ කපුටන් එහි ලගියි. දෙවියන් මේ දේශය මනින ලණුවෙන් සහ ලඹයෙන් මැනලාඒක හිස්, පාළු තැනක් වෙනවා කියලා පෙන්නයි. 12  ඇගේ උත්තමයන්ගෙන් එක් කෙනෙක්ටවත් රජ කිරුළ පලඳවන්නේ නැහැ.ඇගේ පාලකයන් හැමෝම නැති වෙලා යනවා. 13  ඇගේ බලකොටු කටු පඳුරුවලින් වැහිලා යයි.මුරකොටු වල් පැළෑටිවලින්* සහ කටු ගස්වලින් වැහිලා යයි. ඇය හිවලුන් ලගින,+පැස්බරුන් ගැවසෙන තැනක් වෙයි. 14  කාන්තාරවල ගැවසෙන සතුන්, උඩු බුරන සතුන්ට එකතු වෙයි.වල් එළුවා* කෑගහලා ඌත් එක්ක ලගින්න අනිත් උන්ට අඬගහයි. බිම් බස්සාත් ලගින්න තැනක් හොයාගෙන එතන කිසි බයක් නැතුව සුව සේ ලගියි. 15  පැනපැන දෂ්ට කරන සර්පයා එහි ගුල් හදාගෙන බිත්තර දමයි.ඌ බිත්තර රැකලා පැටවුන් ඌගේ සෙවණේ තියාගනියි. උකුස්සොත් උන්ගේ සහකරුවන් එක්ක එතනට එකතු වෙයි. 16  ඒ ගැන යෙහෝවාගේ ලියවිල්ලෙන් හොයලා බලන්න. ඒක ශබ්ද නඟා කියවන්න. ඒ එක සතෙක්වත් අඩු වෙන්නේ නැහැ.උන් එකෙක්ටවත් සහකරුවෙක් නැති වෙන්නේ නැහැ.මොකද ඒ නියෝගය දුන්නේ යෙහෝවාගේ මුවින්.උන් හැමෝවම එකතු කළේ ඔහුගේ බලය මාර්ගයෙන්. 17  උන් වෙනුවෙන් දාදු දැම්මේ ඔහුයි.දේශය මැනලා උන්ගේ කොටස වෙන් කරලා දුන්නේ ඔහුගෙම අතිනුයි. උන්ට ඒක හැමදාටම අයිති වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට උන් එහි වාසය කරයි.

පාදසටහන්

හෝ, “දිය වෙලා.”
පේන විදිහට මෙතන කතා කරන්නේ ඒදොම්වල අගනුවර වුණ බොෂ්රා ගැනයි.
හෝ, “කන් දිග බකමූණන්.”
කහඹිලියා වගේ පැළෑටිවලින්.
හෝ සමහරවිට, “එළුවෙක්ගේ පෙනුම තියෙන භූතයෙක්.”