යෙසායා 35:1-10

  • පාරාදීසය ආයෙත් (1-7)

    • අන්ධ අයට පෙනීම ලැබෙයි; බිහිරි අයගේ කන් ඇරෙයි (5)

  • මුදවගත්ත අය වෙනුවෙන් තියෙන ශුද්ධකමේ මඟ (8-10)

35  පාළුකරයත් වියළි දේශයත් සතුටින් ඉපිල යයි.+කාන්තාරය සැෆ්රන් මල්වලින්* පිරිලා ඒක ප්‍රීතියෙන් පිනා යයි.+   ඒක අනිවාර්යයෙන්ම මල්වලින් වැහිලා යයි.+ඒක සතුටින් ප්‍රීති ඝෝෂා නඟයි. ලෙබනොන්වල තේජස ඒකට ලැබෙයි.+කර්මෙල්වලත්+ ෂාරොන්වලත්+ ඇති අලංකාරය ඒකට ලැබෙයි. හැමෝම යෙහෝවාගේ තේජස දකියි. අපේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය දකියි.   දුර්වල දෑත් සවිමත් කරන්න.වෙවුලන පාද* ශක්තිමත් කරන්න.+   සිත්තැවුලෙන් ඉන්න අයට මෙහෙම කියන්න. “බය වෙන්න එපා. ධෛර්යවත් වෙන්න! බලන්න! ඔබේ දෙවියන් සතුරන්ට දඬුවම් කරන්න එනවා.ඔවුන්ට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරන්න ඔහු එනවා.+ ඔහු ඇවිත් ඔබව බේරගනියි.”+   ඒ කාලේදී අන්ධ අයගේ ඇස් පෑදෙයි.+බිහිරි අයගේ කන් ඇරෙයි.+   ඒ කාලේදී කොර අය මුවෙක් වගේ දුව පැන යයි.+ගොළු අය සතුටින් කෑගහයි.+ පාළුකරයේ දිය උල්පත් බිඳිලා යයි.කාන්තාරයේ දිය පහරවල් ගලා බසියි.   ඉරි තැළී ගිය දේශය දිය පොකුණක් වගේ වෙයි.*වියළි භූමියෙන් දිය උල්පත් උනයි.+ හිවලුන් ලැගපු තැන් නිල් තණකොළවලිනුත්+බට ගස් සහ පැපිරස්වලිනුත් පිරිලා යයි.   එහේ මහා මාර්ගයක් තියෙයි.+ඒකට කියන්නේ ශුද්ධකමේ මඟ කියලයි. අපවිත්‍ර කවුරුත් ඒ මඟේ ගමන් නොකරයි.+ ඒක වෙන් කරලා තියෙන්නේ ඒ මඟේ ගමන් කරන අය වෙනුවෙන්මයි.අඥාන කාටවත් ඒකට එන්න ලැබෙන්නේ නැහැ.   සිංහයන්වත් දරුණු වනසතුන්වත් ඒකට කඩා පනින්නේ නැහැ. උන්ව එහෙදී හොයාගන්නවත් බැරි වෙයි.+ඒකේ ගමන් කරන්නේ මුදවගත්ත අය විතරයි.+ 10  යෙහෝවා දෙවියන් ගලවගත්ත අය ආපහු එයි.+ ඔවුන් ඉමහත් ප්‍රීතියෙන් සියොන් වෙතට එයි.+ නිමක් නැති ප්‍රීතිය ඔවුන්ට ඔටුන්නක් වගේ වෙයි.+ ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යයි.වැලපීමත් ශෝකයත් ඔවුන්ව අත්හැරලා යයි.+

පාදසටහන්

හෝ, “කාබේරිය නැත්නම් කුංකුම මල්වලින්.”
මූ.අ., “දණහිස්.”
මූ.අ., “පන් ගස්වලින් පිරුණු පොකුණක් වගේ වෙයි.”