යෙසායා 4:1-6

  • ස්ත්‍රීන් හත්දෙනෙක්ට එක පුරුෂයෙක් (1)

  • යෙහෝවා හටගන්න සලස්වන දේවල් සරුවට, ලස්සනට වැඩෙයි (2-6)

4  ඒ දවසේදී ස්ත්‍රීන් හත්දෙනෙක් එක පුරුෂයෙක්ව අල්ලගෙන+ මෙහෙම කියයි. “අපිට ඔබෙන් කෑම බීමවත්ඇඳුම් පැලඳුම්වත් ඕනෙ නැහැ.අනේ, අපිත් එක්ක විවාහ වෙලා ඔබේ නම විතරක් දෙන්න.එතකොට අපේ නින්දාව* පහ වෙලා යයි.”+  ඒ දවසේදී යෙහෝවා දෙවියන් හටගන්න සලස්වන ගස් කොළන් සරුවට, ලස්සනට වැඩෙයි. ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඉතුරු වෙන අය දේශයෙන් ලැබෙන පලදාව ගැන ආඩම්බර වෙයි. ඒ ගැන ගොඩක් සතුටු වෙයි.+  සියොන්වල ඉතුරු වෙන අයවත් යෙරුසලමේ බේරිලා ඉන්න අයවත් ශුද්ධ අය විදිහට හඳුන්වයි. යෙරුසලමේ ජීවත් වෙනවා කියලා වාර්තාවට ඇතුළත් කරලා තියෙන හැමෝම ශුද්ධයි.+  යෙහෝවා ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය යෙරුසලම පිටට ගෙනල්ලා ඇයව විනිශ්චය කරනවා.+ ඒ විදිහට ඔහු සියොන්වල දූවරුන්ගේ කුණු* හෝදලා දායි.+ යෙරුසලම පුරාම හලලා තියෙන ලේ ඔහු හෝදලා දායි.  ඊටපස්සේ යෙහෝවා මුළු සියොන් කන්දටයි, සෙනඟ රැස් වෙන තැනටයි ඉහළින් දවල් කාලෙට දුමෙන් පිරුණ වලාකුළකුත් රාත්‍රි කාලෙට දීප්තියෙන් ඇවිළෙන ගින්නකුත් ඇති කරනවා.+ ඒ විදිහට තේජවත් දේශයට ඉහළින් සෙවණක් තියෙයි.  දවාලේ තද අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්නත්+ වැස්සෙන් සහ කුණාටුවලින් බේරෙන්නත්+ පැලක් ඔවුන්ට තියෙයි.

පාදසටහන්

ඒ කියන්නේ විවාහ වෙන්නේ නැතුව සහ දරුවන් නැතුව ඉද්දී ඇති වෙන නින්දාව.
මූ.අ., “ජරාව.”