යෙසායා 40:1-31

  • දෙවියන්ගේ සෙනඟට ලැබෙන සහනය (1-11)

    • පාළුකරයෙන් ඇහෙන හඬ (3-5)

  • දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය (12-31)

    • ජාතීන් බාල්දියකින් වැටෙන දිය බිඳක් වගේ (15)

    • දෙවියන් “පෘථිවි ගෝලයට ඉහළින්” වාසය කරයි (22)

    • හැම තරුවකටම නම කියලා අඬගහයි (26)

    • දෙවියන් කවදාවත් වෙහෙසට පත් වෙන්නේ නැහැ (28)

    • යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය බලවත් වෙයි (29-31)

40  “සනසන්න. මගේ සෙනඟව සනසන්න” කියලා ඔබේ දෙවියන් කියනවා.+   “යෙරුසලමේ සෙනඟගේ හදවතට දැනෙන විදිහට* කතා කරන්න.ඇය කරපු මෙහෙකාරකම් දැන් අවසන් කියලත්ඇගේ වැරදිවලට වන්දි ගෙවලා ඉවරයි+ කියලත් ඇයට දැනුම් දෙන්න. යෙහෝවා දෙවියන් ඇගේ වැරදිවලට ලැබෙන්න ඕන සම්පූර්ණ දඬුවම* ඇයට දුන්නා.”+   පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. “යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි* කරන්න.+ කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක්+ අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.+   හැම නිම්නයක්ම ගොඩ කරන්න.කඳු හෙල් හැම එකක්ම සමතලා කරන්න. සමතලා නැති තැන් මට්ටම් කරන්න.රළු තැන් තැනිතලා කරන්න.+   එතකොට යෙහෝවාගේ තේජස පැහැදිලිව දකියි.+ජීවත් වෙන හැමෝම* ඒක දකියි.+ඒ දේ කියන්නේ යෙහෝවායි.”   අහන්න! “දැනුම් දෙන්න” කියලා කියන හඬක් ඇහෙනවා. “මොකක්ද මං දැනුම් දෙන්නේ” කියලා තවත් කෙනෙක් අහනවා. “හැම මනුෂ්‍යයෙක්ම නිල් තණකොළ වගෙයි. ඔවුන් පෙන්නන ආදරය හරියට තණබිම්වල පිපෙන මල් වගෙයි.+   යෙහෝවා හුස්ම හෙළුවාම+නිල් තණකොළ වේළිලා යනවා.මල් පර වෙලා යනවා.+ මිනිස්සුත් හරියට නිල් තණකොළ වගෙයි.   නිල් තණකොළ වේළිලා යයි.මල් පර වෙලා යයි.ඒත් අපේ දෙවියන්ගේ වචනය සදහටම පවතියි.”+   සියොන්වලට ශුභාරංචි අරගෙන එන තැනැත්තිය,+උස් කන්දකට නඟින්න. යෙරුසලමට ශුභාරංචි අරගෙන එන තැනැත්තිය,හඬ නඟා කතා කරන්න. බය නොවී හඬ නඟා කතා කරන්න. “ඔබේ දෙවියන් ඔබ එක්ක ඉන්නවා”+ කියලා යූදාවල නගරවලට දැනුම් දෙන්න. 10  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මහත් බලයක් ඇතුව එයි.ඔහු තම හස්තයෙන් පාලනය කරයි.+ බලන්න! ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.+ 11  ඔහු එඬේරෙක් වගේ තම රැළ රැකබලා ගනියි.+ ඔහු බැටළු පැටවුන්ව ඔහුගේ අතින් එකට එකතු කරගනියි.උන්ව ඔහුගේ තුරුලට අරගෙන උන්ව ගෙනියයි. කිරි දෙන බැටළුදෙනුන්ට ඔහු ආදරයෙන් මඟ පෙන්වයි.+ 12  ජල ධාරා සියල්ලම තම අල්ලට අරගෙන මැනලා බැලුවෙත්+තම වියතෙන්* මුළු අහස්තලයම මැනලා බැලුවෙත් කවුද? හුණ්ඩුවකට* දාලා පොළොවේ දූවිලි මැනලා බැලුවෙත්+තරාදියක දාලා කඳු කිරලා බැලුවෙත්හෙල් මැනලා බැලුවෙත් කවුද? 13  යෙහෝවා දෙවියන්ගේ බලය කවුරු හරි මැනලා බලලා තියෙනවාද?ඔහුගේ උපදේශකයා වෙලා ඔහුට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?+ 14  අවබෝධය ලබාගන්න ඔහු කාගෙන් හරි උපදෙස් පැතුවාද?යුක්තිය කියන්නේ මොකක්ද කියලා ඔහුට උගන්වන්න කවුරුත් ඕනෙද?ඔහුට දැනුම දෙන්න කෙනෙක් ඕනෙද?ඔහුට කාරණා හරියට තේරුම් කරලා දෙන්න කවුරුත් ඕනෙද?+ 15  බලන්න! ජාතීන් හරියට බාල්දියකින් වැටෙන දිය බිඳක් වගෙයි.ඔවුන්ව සලකන්නේ තරාදියක තියෙන තුනී දූවිලි තට්ටුවක් වගෙයි.+ සිහින් දූවිල්ලක් ඇඟිල්ලට ගන්නවා වගේ ඔහු දූපත් තම අතට ගනියි. 16  පූජාසනයේ දර වෙනුවෙන්* ලෙබනොන්වල හැම ගහක්ම කැපුවත් ඒවා මදි.දවන පූජා ඔප්පු කරන්න එහේ කැලෑවල ඉන්න හැම සතෙක්වම මැරුවත් උන් මදි. 17  සියලු ජාතීන් එකට එකතු කළත් ඔහු ඉස්සරහා ඔවුන් ඉන්නවාද කියලවත් පේන්නේ නැති තරම්.+ඔහු ඔවුන්ව සලකන්නේ කිසිම වටිනාකමක් නැති, ඇහැට පේන්නෙවත් නැති දෙයක් විදිහටයි.+ 18  දෙවියන්ව කාට හරි සමාන කරන්න ඔබට පුළුවන්ද?+ ඔහු මෙන්න මේ වගේ කියලා කියන්න පුළුවන්ද?+ 19  මනුෂ්‍යයෙක් රූපයක් හදයි.රන්කරුවා ඒක රනින් ආලේප කරයි.+ඔහු ඒක රිදී මාලවලින් සරසයි. 20  ඔහු රූපයක් හදන්න ගහක් තෝරගනියි.+ඔහු තෝරන්නේ දිරන්නේ නැති හොඳ ගහක්. ඒකෙන් පෙරළෙන්නේ නැති, ස්ථිර රූපයක් හදාගන්න+ඔහු දක්ෂ කර්මාන්තකරුවෙක්ව හොයයි. 21  ඔබ දන්නේ නැද්ද? ඔබට ආරංචි වෙලා නැද්ද? මුල ඉඳන්ම ඔබට ඒ ගැන කියලා නැද්ද? පොළොවේ අත්තිවාරම් දාපු දා ඉඳන් පැහැදිලි වුණ දේ ඔබ තවමත් තේරුම්ගත්තේ නැද්ද?+ 22  පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+පොළොවේ වාසය කරන අය ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් වගෙයි. ඔහු අහස්තලය තුනී සළුවක් වගේ දිගහරියි.වාසය කරන්න කූඩාරමක් දිගහරිනවා වගේ ඔහු අහස්තලය දිගහරියි.+ 23  ඔහු පාලකයන්ව පහත් අඩියටම දායි.පොළොවේ ඉන්න විනිශ්චයකරුවන්ව* නැත්තටම නැති කරයි. 24  ඔවුන් හරියට දැන් හිටවපු පැළ වගෙයි.දැන් වපුරපු බීජ වගෙයි.දැන් මුල් ඇදපු පැළෑටි වගෙයි.හුස්මක් හෙළුව ගමන්ම ඔවුන් වේළිලා යයි.පිදුරු වගේ හුළඟට ගහගෙන යයි.+ 25  “මාව කාට හරි සමාන කරන්න ඔබට පුළුවන්ද” කියලා ශුද්ධ තැනැත්තාණන් අහනවා. 26  “ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද?+ සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි.ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි.+ ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා+ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි. 27  යාකොබ්, ඔබ මේ විදිහට කතා කරන්නේ ඇයි? ඊශ්‍රායෙල්, ඔබ මෙහෙම කියන්නේ ඇයි?‘යෙහෝවාට මං ගෙවන ජීවිතේ පේන්නේ නැහැ.මට වෙන අසාධාරණකම් දෙවියන් ගාණකටවත් ගන්නේ නැහැ.’+ 28  ඔබ මේ දේ දන්නේ නැද්ද? ඔබ අහලා නැද්ද? පොළොවේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා සදාකාලෙන් සදාකාලෙටම ඉන්න දෙවි කෙනෙක්.+ ඔහුට කවදාවත් මහන්සියක් දැනෙන්නෙවත් ඔහු වෙහෙසට පත් වෙන්නෙවත් නැහැ.+ ඔහුගේ ප්‍රඥාව මොන තරම්ද කියලා කාටවත් තේරුම්ගන්න බැහැ.+ 29  ඔහු වෙහෙසට පත් වුණ කෙනාට සවිය දෙයි.හෙම්බත් වුණ අයව බලවත් කරයි.+ 30  දැනෙන වෙහෙස නිසා තරුණයෝ හෙම්බත් වෙයි.ශක්තිමත් පුරුෂයෝ පය පැටලිලා වැටෙයි. 31  ඒත් යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය ආයෙත් බලවත් වෙනවා. ඔවුන් රාජාලීන් වගේ ඉහළටම පියාඹගෙන යනවා.+ ඔවුන් දිව්වත් වෙහෙසට පත් වෙන්නේ නැහැ.ඔවුන් ඇවිද්දත් විඩාවට පත් වෙන්නේ නැහැ.”+

පාදසටහන්

හෝ, “සෙනඟව සනසන විදිහට.”
හෝ, “වැරදිවලට දෙගුණයක් දඬුවම්.”
හෝ, “සූදානම්.”
හෝ, “හැම මනුස්සයෙක්ම.”
හාල් වගේ දේවල් මනින්න පාවිච්චි කරන පොඩි භාජනයක්.
උප. B14 බලන්න.
හෝ, “ගින්නක් අවුළලා තියන්න.”
හෝ, “පාලකයන්ව.”