යෙසායා 41:1-29

  • නැඟෙනහිරෙන් එන යටත් කරගන්නා (1-7)

  • දෙවියන්ගේ සේවකයා විදිහට ඊශ්‍රායෙල්ව තෝරගනියි (8-20)

    • “මගේ මිතුරා වන ආබ්‍රහම්” (8)

  • වෙනත් දෙවිවරුන්ට කරන අභියෝගය (21-29)

41  “දූපත් සියල්ලෙනි, නිහඬ වෙලා මට ඇහුම්කන් දෙන්න.*ජාතීන් සියල්ලෙනි, ධෛර්යය ඇති කරගෙන, මං ළඟට ඇවිත් කතා කරන්න.+ අපි මූණට මූණ හමු වෙමු. මම ඔබව විනිශ්චය කරනවා.   කෙනෙක්ව නැඟෙනහිර දෙසින් කැඳවලා,+ඒ කෙනාව යුක්තිය ඉටු කරන්න තමන්ගේ පාමුලට* ගත්තේ කවුද?ජාතීන්ව ඔහුට භාර දුන්නෙත්රජවරුන්ව ඔහුට යටත් කරලා දුන්නෙත් කවුද?+ ඔහුගේ කඩුවෙන් ඔවුන්ව දූවිලි ගොඩක් කරන්නෙත්ඔහුගේ දුන්නෙන් ඔවුන්ව පිදුරු වගේ ගහගෙන යන්න සලස්වන්නෙත් කවුද?   ඔහු* ඔවුන් පසුපස එළවගෙන යනවා. ඔහුට බාධා කරන්න කාටවත් බැහැ.ඔහු කලින් පය නොතැබූ මාර්ග දිගේ ගමන් කරනවා.   ඒ හැම දෙයක්ම කළේ කවුද?මුල ඉඳන්ම පරම්පරාවකින් පරම්පරාවකට අඬගැහුවේ කවුද? ඒ යෙහෝවා වන මමයි. මුල ඉඳන්ම දෙවියන් මමයි.+අන්තිම පරම්පරාව වෙන කල්ම මම වෙනස් වෙන්නේ නැහැ.”+   ඔහු කරන දේ දැකලා දූපත් හොඳටම බය වුණා. පොළොවේ ඈත කෙළවරවල ඉන්න අය බයෙන් වෙවුලනවා. ඔවුන් එකට එකතු වෙලා ඉදිරියට එයි.   ඔවුන් හැම කෙනෙක්ම එකිනෙකාට උදව් කරනවා.“ශක්තිමත් වෙන්න” කියලා තමන්ගේ සහෝදරයාට කියනවා.   ඉතින් කර්මාන්තකරු කම්මල්කරුව ශක්තිමත් කරනවා.+ලෝහය මිටියෙන් තළලා මට්ටම් කරන කෙනාකිණිහිරෙන් ලෝහය හැඩ කරන කෙනාව ශක්තිමත් කරනවා. “ඔයා ඒක හොඳට පාස්සලා තියෙනවා” කියලා ඔහු කියනවා. අන්තිමට රූපය වැටෙන්නේ නැති වෙන්න ඒක ඇණවලින් සවි කරනවා.   “ඊශ්‍රායෙල්, මගේ සේවකයා ඔබයි.+යාකොබ්, මම තෝරගත්ත කෙනා ඔබයි.+ඔබ මගේ මිතුරා වන ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනායි.+   පොළොවේ කෙළවරේ ඉඳන් මම ගෙනාවේ ඔබවයි.+මම අඬගැහුවේ පොළොවේ දුර ඈත තැන්වල හිටිය ඔබටයි. මම ඔබට මෙහෙම කිව්වා. ‘ඔබ මගේ සේවකයා.+මම ඔබව තෝරගත්තා. මම ඔබව ප්‍රතික්ෂේප කළේ නැහැ.+ 10  බය වෙන්න එපා. මම ඔබ එක්කම ඉන්නවා.+ කලබල වෙන්න එපා. මොකද ඔබේ දෙවියන් මමයි.+ මම ඔබව ශක්තිමත් කරනවා. ඔබට උදව් කරනවා.+යුක්තිය ඉටු කරන මගේ දකුණතින් මම ඔබව අල්ලගන්නවා. ඔබව කොහොමටවත් අත්හරින්නේ නැහැ.’ 11  බලන්න! ඔබත් එක්ක කේන්තියෙන් ඉන්න හැමෝම නින්දාවට පත් වෙනවා. ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.+ ඔබත් එක්ක සටන් කරන අයව නැති කරලා දානවා. ඔවුන් විනාශ වෙනවා.+ 12  ඔබත් එක්ක පොර අල්ලන අයව ඔබ හෙව්වත් ඔවුන්ව හොයාගන්න බැරි වෙනවා.ඔබට විරුද්ධව යුද්ධ කරන අය නැත්තටම නැති වෙලා යනවා.+ 13  මොකද ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ දකුණතින් ඔබව අල්ලගෙන ඉන්නවා.‘බය වෙන්න එපා. මම ඔබේ උදව්වට ඉන්නවා’+ කියලා ඔබට කියන තැනැත්තා මමයි. 14  යාකොබ්, ඔබ පණුවෙක් වගේ අසරණව+ හිටියත් බය වෙන්න එපා!ඊශ්‍රායෙල් සෙනඟෙනි, මම ඔබට උදව් කරනවා” කියලා ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා කියනවා. 15  “බලන්න! මම ඔබව ධාන්‍ය මඩින්න පාවිච්චි කරන ලෑලි වගේ කළා.+මුවහත් දැති තියෙන අලුත් මඩින යන්ත්‍රයක් වගේ කළා. ඔබ කඳු පාගලා ඒවා පොඩි කරනවා.හෙල් දහයියා වගේ වෙන්න සලස්වනවා. 16  ඔබ ඒවා ධාන්‍ය වගේ පොළයි.හුළඟට ඒවා ගහගෙන යයි.කුණාටුවක් ඇවිත් ඒවා විසුරුවාහරියි. යෙහෝවා නිසා ඔබ සතුටු වෙයි.+ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරයි.”+ 17  “දුප්පත් අසරණ අය වතුර හොයාගෙන යනවා. ඒත් දිය බිඳක්වත් නැහැ. ඔවුන්ගේ තොල කට වේළිලා ගිහින්.+ යෙහෝවා වන මම ඔවුන්ගේ උදව්වට එනවා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන මම ඔවුන්ව අත්හරින්නේ නැහැ.+ 18  මම ගස් වැල් නැති හෙල් මැදින් ගංගා ගලා බසින්න සලස්වනවා.+තැනිතලා මැද දිය උල්පත් උනන්න සලස්වනවා.+ පාළුකරය දිය පොකුණක් කරනවා.*වියළි දේශය දිය පහරවල්වලින් පුරවනවා.+ 19  මම කාන්තාරයේ දේවදාර ගස්,ඇකේෂියා, මරඳ සහ පයින් ගස් හිටවනවා.+ පාළුකරයේ ජුනිපර් ගස්,ඈෂ්* සහ සයිප්‍රස් ගස් හිටවනවා.+ 20  එතකොට මේ හැම දෙයක්ම යෙහෝවාගෙම අතින් කළා කියලත්ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා මේ දේ සිදු කළා+ කියලත්දකින හැමෝම දැනගනියි.හොඳ අවධානයක් දෙන හැමෝම තේරුම්ගනියි.” 21  “ඔබේ නඩුව ඉදිරිපත් කරන්න” කියලා යෙහෝවා කියනවා. “ඔබේ සාක්ෂි ඉදිරිපත් කරන්න” කියලා යාකොබ්ගේ රජ කියනවා. 22  “ඉදිරියේදී වෙන දේවල් ගැන සාක්ෂි ඇතුව අපිට කියන්න. අතීතයේ වුණ දේවල් ගැන අපිට කියන්න.එතකොට ඒවා ගැන හොඳට හිතන්න අපිට පුළුවන්. අන්තිමේදී ඒවාට වෙන දේ ගැන දැනගන්න අපිට පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ වෙන දේවල් ගැන අපිට කියන්න.+ 23  අනාගතයේ වෙන්නේ මොනවාද කියලා අපිට කියන්න.එතකොට ඔබ දෙවිවරුන් කියලා අපිට දැනගන්න පුළුවන්.+ හොඳ දෙයක් හරි නරක දෙයක් හරි කරලා පෙන්නන්න.එතකොට ඒක දැකලා අපි පුදුම වෙයි.+ 24  බලන්න! ඔබේ කිසිම වටිනාකමක් නැහැ.ඔබට කරන්න පුළුවන් දේකුත් නැහැ.+ ඔබට නමස්කාර කරන අයත් පිළිකුලක් වෙනවා.+ 25  මම කෙනෙක්ව උතුරු දෙසින් කැඳෙව්වා. ඔහු අනිවාර්යයෙන්ම එයි.+නැඟෙනහිර දිශාවෙන්+ එන ඒ කෙනා මගේ නම ගෞරවයට පත් කරයි. ඔහු මැටි පාගනවා වගේ පාලකයන්ව පාගලා දායි.+හරියට කුඹල්කරුවෙක් අමු මැටි පාගනවා වගේ ඔවුන්ව පාගලා දායි. 26  මුල ඉඳන්ම මේ ගැන කවුරු හරි අපිට කියලා තිබුණාද? එහෙමනම් අපිට දැනගන්න තිබුණා.අතීතයේ ඉඳන් මේ දේවල් ගැන කවුරුත් අපිට කිව්වාද? එහෙමනම් ‘ඔහු කියපු දේ හරි’+ කියලා අපිට කියන්න තිබුණා. ඒත් කවුරුත් ඒ ගැන දැනුම් දුන්නේ නැහැ. ඒ ගැන කිසිම කෙනෙක් කිව්වෙත් නැහැ. ඔබේ මුවින් එක වචනයක්වත් පිට වුණේ නැහැ.”+ 27  “බලන්න! මෙන්න මේකයි වෙන්නේ”+ කියලා සියොන්ට මුලින්ම කිව්වේ මමයි. ශුභාරංචි අරගෙන යන කෙනෙක්ව මම යෙරුසලමට යවනවා.+ 28  මම කොයි තරම් හෙව්වත් මට කවුරුත් හමු වුණේ නැහැ.අවවාද ලබා දෙන්න ඔවුන් අතරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම කොච්චර ප්‍රශ්න ඇහුවත් කවුරුත් උත්තර දුන්නේ නැහැ. 29  බලන්න! ඔවුන්ගෙන් කිසිම වැඩක් නැහැ.* ඔවුන්ට කිසිම දෙයක් කරන්නත් බැහැ. ඔවුන්ගේ රූප* හුළඟ වගේ හිස්. ඒවායින් කිසිම පලක් නැහැ.+

පාදසටහන්

හෝ, “මං ඉස්සරහා නිහඬ වෙන්න.”
ඒ කියන්නේ තමන්ගේ සේවයට.
පේන විදිහට යෙහෝවා තමන්ගේ නියෝජිතයා විදිහට පාවිච්චි කරන පාලකයා.
මූ.අ., “පන් ගස්වලින් පිරුණු පොකුණක් කරනවා.”
මීටර් 15ක් විතර උසට වැවෙන ලොකු ගහක්. මේ ගහේ කොළ ළා කොළ පාටයි. අතුඉති අළු පාටයි.
හෝ, “ඔවුන් මායාවක්.”
හෝ, “ලෝහ උණු කරලා හදපු රූප.”