යෙසායා 42:1-25

  • දෙවියන්ගේ සේවකයා සහ ඔහුගේ පැවරුම (1-9)

    • “මම යෙහෝවා. මගේ නාමය ඒකයි” (8)

  • යෙහෝවාට ගයන අලුත් ගීය (10-17)

  • ඊශ්‍රායෙල් අන්ධයි, බිහිරියි (18-25)

42  මෙන්න, මගේ උදව් ලැබෙන මගේ සේවකයා!+ මම තෝරගත්ත කෙනා ඔහුයි.+ මම ඔහු ගැන සතුටු වෙනවා.+ මගේ බලය මම ඔහුට දුන්නා.+ඔහු ජාතීන් අතරේ යුක්තිය පිහිටුවනවා.*+   ඔහු කෑගහන්නෙවත් ශබ්ද නඟා කතා කරන්නෙවත් නැහැ.ඔහු වීථිවලදී හඬ නඟා කතා කරන්නෙවත් නැහැ.+   ඔහු තැළුණු බට ගහක් පොඩි කරන්නෙවත්නිවීගෙන යන පහන් තිරයක් නිවලා දාන්නෙවත් නැහැ.+ විශ්වාසවන්තව වැඩ කරන ඔහු යුක්තිය පිහිටුවයි.*+   පොළොව පුරා යුක්තිය පිහිටුවන කල් ඔහු දුර්වල වෙන්නෙවත් පසුබහින්නෙවත් නැහැ.+ඔහුගෙන් නීතිය* ලැබෙන කල් දූපත් බලාගෙන ඉන්නවා.   සැබෑ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.අහස්තලයේ නිර්මාතෘ සහ ඒක දිගහැරිය ශ්‍රේෂ්ඨ තැනැත්තාණන්,+පොළොවත් ඒකේ ඇති හැම දෙයක්මත් හදපු තැනැත්තාණන්,+පොළොවේ ජීවත් වෙන සියලුදෙනාට හුස්මත්+ඒකේ වාසය කරන හැමෝටම ජීවන හුස්මත් දෙන තැනැත්තාණන්+ මෙහෙම කියනවා.   “යෙහෝවා වන මම ඔබව කැඳෙව්වේ යුක්තිය ඉටු කරන්නයි.මම ඔබේ අතින් අල්ලගත්තා. මම ඔබව ආරක්ෂා කරනවා. සෙනඟට සහතිකයක්* විදිහටත්+ජාතීන්ට ආලෝකයක් විදිහටත්+ මම ඔබව ලබා දෙනවා.   එහෙම කළේ ඔබේ අතින් අන්ධ අයගේ ඇස් පහදන්නයි.+හිරකරුවන්ව නිදහස් කරන්නයි.අඳුරු හිරකුටිවල ඉඳගෙන ඉන්න අයව එළියට ගන්නයි.+   මම යෙහෝවා. මගේ නාමය ඒකයි.මට ලැබෙන්න ඕනෙ ගෞරවය මම වෙන කාටවත් දෙන්නේ නැහැ.*මට ලැබෙන්න ඕනෙ ප්‍රශංසාව රූපවලට දෙන්නෙත් නැහැ.+   කාලයකට කලින් මම කියපු දේවල් දැන් ඉටු වෙලා!දැන් මම අලුත් දේවල් ගැන කියනවා. ඒවා සිද්ධ වෙන්නත් කලින් මම ඒ ගැන ඔබට කියනවා.”+ 10  මුහුදේ යාත්‍රා කරන සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,දූපත් සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,+යෙහෝවාට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ ඈත කෙළවරේ ඉඳන් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ 11  පාළුකරයත් ඒ අවට තියෙන නගරත්කේදාර්වරුන්ගේ+ ගම්මානත් හඬ නඟන්න.+ පර්වතවල ජීවත් වෙන අයත් සතුටින් කෑගහන්න.හැමෝම කඳු මුදුන්වල ඉඳන් ප්‍රීතියෙන් කෑගහන්න. 12  හැමෝම යෙහෝවාට ගෞරවය දෙන්න.දූපත්වලට ගිහින් ඔහුට ප්‍රශංසා කරන්න.+ 13  යෙහෝවා යුධ දක්ෂයෙක් වගේ සටන් කරන්න පිටත් වෙයි.+ ඔහු සටන් කරන්න ලෑස්ති පිට ඉන්න යුධ භටයෙක් වගෙයි.+ ඔහු කෑගහයි. යුද්ධයට යන සෙබළු වගේ මහ හයියෙන් කෑගහයි.ඔහුගේ සතුරන්ට වඩා ඔහු බලවත් කියලා පෙන්නයි.+ 14  ඔහු මෙහෙම කියනවා. “මම ගොඩක් කල් නිහඬව බලාගෙන හිටියා. මම කිසිම දෙයක් නොකියා මාවම පාලනය කරගත්තා. ඒත් දැන් දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේමම කෙඳිරිගානවා, හති දානවා, හයියෙන් හුස්ම ගන්නවා. 15  මම කඳු හෙල් විනාශ කරනවා.එහි තියෙන ගස් වැල් වේළිලා යන්න සලස්වනවා. මම ගංගා වියළි බිම් කරනවා.*පොකුණු හිඳිලා යන්න සලස්වනවා.+ 16  මම අන්ධ අයව ඔවුන් කවදාවත් නොගිය මඟක අරන් යනවා.+ඔවුන්ට නුහුරු මාර්ගයක ඔවුන්ව ගෙන යනවා.+ ඔවුන් ඉදිරියේ තියෙන අඳුරු තැන් මම ආලෝකවත් කරනවා.+රළුබිම් සමතලා කරනවා.+ මම ඔවුන් වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරනවා. මම ඔවුන්ව අත්හරින්නේ නැහැ.” 17  දෙවිවරුන්ගේ රූප ගැන බලාපොරොත්තු තියන අය,“ඔබයි අපේ දෙවියන්”+ කියලා පිළිමවලට කියන අයපරාජයට පත් වෙනවා. ඔවුන්ව නින්දාවට පත් කරනවා. 18  බිහිරිව ඉන්න සියල්ලෙනි, ඇහුම්කන් දෙන්න.අන්ධව ඉන්න සියල්ලෙනි, ඔබේ ඇස් ඇරලා බලන්න.+ 19  මගේ සේවකයා තරම් අන්ධ කෙනෙක්වත්මගේ පණිවිඩකරු තරම් බිහිරි කෙනෙක්වත් තවත් ඉන්නවාද? මම ආශීර්වාද කරපු කෙනා තරම් අන්ධ කෙනෙක්,යෙහෝවාගේ සේවකයා තරම් අන්ධ කෙනෙක් තවත් ඉන්නවාද?+ 20  ඔබ ගොඩක් දේවල් දැක්කත් කිසිම අවධානයක් දුන්නේ නැහැ. ඔබට ඇහුණත් ඔබ කිසිම දෙයක් අහගෙන හිටියේ නැහැ.+ 21  යෙහෝවා හරිම සතුටින් නීතිය කොච්චර ශ්‍රේෂ්ඨද කියලත් කොච්චර උසස්ද කියලත් පෙන්නුවා.මොකද ඔහු ධර්මිෂ්ඨයි. 22  ඒත් මේ සෙනඟගේ දේපළ පැහැරගත්තා. ඔවුන්ව කොල්ල කෑවා.+ඔවුන් හැමෝවම වළවල්වල හිර කරලා. හිරගෙවල්වල කොටු කරලා.+ ඔවුන්ව කොල්ල කෑවා. ඒත් ඔවුන්ව බේරගන්න කවුරුත් හිටියේ නැහැ.+ඔවුන්ව අල්ලගෙන ගියත් “ඔවුන්ව ආපහු ගේන්න” කියලා කියන්න කවුරුත් හිටියේ නැහැ. 23  ඔබ අතරින් මේ දේට ඇහුම්කන් දෙන්නේ කවුද? පස්සේ කාලෙක ප්‍රයෝජන ලබාගන්න හොඳ අවධානයකින් සවන් දෙන්නේ කවුද? 24  යාකොබ්ව සතුරන්ගේ අතට භාර දුන්නේ කවුද?ඊශ්‍රායෙල්ව කොල්ලකරුවන්ට භාර දුන්නේ කවුද? එහෙම කළේ යෙහෝවා නෙමෙයිද? අපි වැරදි කළේ ඔහුට විරුද්ධවයි. ඔහු පෙන්නන මාර්ගයේ යන්න ඔවුන් කැමති වුණේ නැහැ.ඔහුගේ නීතියට* ඔවුන් කීකරු වුණේ නැහැ.+ 25  ඒ නිසා ඔහුට ඊශ්‍රායෙල් එක්ක හොඳටම කේන්ති ගියා.ඔහු ඔවුන්ට විරුද්ධව යුද ගිනි ඇවිළෙව්වා.+ ඒ ගිනිදලුවලින් ඔවුන් වටේ තිබුණ හැම දෙයක්ම පිච්චිලා ගියා. ඒත් ඔවුන් ඒක ගණන් ගත්තේ නැහැ.+ ඒ ගින්න ඔවුන්ට විරුද්ධව තව තවත් ඇවිළුණා. ඒත් ඔවුන් ඒක හිතට ගත්තේ නැහැ.+

පාදසටහන්

හෝ, “ජාතීන්ට යුක්තිය ගැන කියලා දෙනවා.”
හෝ, “යුක්තිය ගැන කියලා දෙයි.”
හෝ, “මඟ පෙන්වීම්.”
මූ.අ., “ගිවිසුමක්.”
හෝ, “වෙන කා එක්කවත් බෙදාගන්නේ නැහැ.”
මූ.අ., “ගංගාවලින් දූපත් මතු කරනවා.”
හෝ, “මඟ පෙන්වීම්වලට.”