යෙසායා 43:1-28

  • යෙහෝවා ඔහුගේ සෙනඟව ආපහු එකතු කරයි (1-7)

  • දෙවිවරුන්ව නඩුවකට කැඳවයි (8-13)

    • “මගේ සාක්ෂිකරුවන් ඔබයි” (10, 12)

  • බැබිලෝනියෙන් නිදහස් වෙයි (14-21)

  • “එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු” (22-28)

43  යාකොබ්, ඔබේ නිර්මාතෘත්ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තාත් වන යෙහෝවා+ මෙහෙම කියනවා. “බය වෙන්න එපා. මොකද මම ඔබව මුදවගෙනයි තියෙන්නේ.+ මම ඔබේ නමින් ඔබට අඬගැහුවා. ඔබ අයිති මටයි.   ඔබ ජල ධාරා මැදින් යද්දී මම ඔබ එක්ක ඉන්නවා.+ඔබ ගංගා මැදින් ගියත් වතුර පාරට ඔබ යට වෙන්නේ නැහැ.+ ඔබ ගිනි ජාලා මැදින් ගමන් කරද්දීත් ඒ ගින්නට පිච්චෙන්නේ නැහැ.ගිනිදලුවලින් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ.   මොකද මම ඔබේ දෙවි වන යෙහෝවායි.ඔබේ ගැලවුම්කරු වන ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තායි. මම ඔබව ගලවගන්න වන්දියක් විදිහට ඊජිප්තුව දුන්නා.ඔබ වෙනුවට ඉතියෝපියාව සහ සෙබාව දුන්නා.   මොකද ඔබව මට ගොඩක් වටිනවා.+මම ඔබට ගෞරවය දුන්නා. ආදරය කළා.+ ඒ නිසයි ඔබ වෙනුවට වෙන දේශවල වැසියන්ව දීලා මම ඔබව ගලවගන්නේ.ඔබ වෙනුවට වෙන ජාතීන්ව දීලා ඔබේ ජීවිතය බේරගන්නේ.   බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+ මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+   මම උතුරට කියනවා ‘ඔවුන්ව නිදහස් කරන්න’+ කියලා. දකුණට මෙහෙම කියනවා. ‘ඔවුන්ට යන්න දෙන්න. ඈත ඉන්න මගේ පුතුන්ව එක්කගෙන එන්න. පොළොව කෙළවරේ ඉන්න මගේ දියණියන්ව අරන් එන්න.+   මගේ නමින් හඳුන්වන හැමෝවම,+මට ගෞරවයක් ගේන්න මම හදපු,මම බිහි කරපු ඒ හැමෝවම අරගෙන එන්න.’+   ඇස් තිබුණාට මුකුත් පේන්නේ නැති, කන් තිබුණාට මුකුත් ඇහෙන්නේ නැති+සෙනඟව ඉදිරියට කැඳවන්න.   සියලුම ජාතීන්ව එක තැනකට රැස් කරන්න.දේශවල වැසියන්ව එක් රැස් කරන්න.+ ඒ වගේ දේවල් වෙයි කියලා කියන්න ඔවුන් අතරේ ඉන්න කාට හරි* පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඊළඟට මොනවාද වෙන්නේ කියලා ඔවුන්ට කියන්න පුළුවන්ද?+ සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරලා ඔවුන් නිවැරදියි කියලා ඔප්පු කරන්න කියන්න.එහෙම නැත්නම් ඒ සාක්ෂිවලට සවන් දෙන්න තවත් අයට ඉඩ දෙන්න. ‘ඒක තමයි ඇත්ත’ කියලා ඔවුන්වත් කියයිද?”+ 10  යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සාක්ෂිකරුවන් ඔබයි.+මම තෝරගත්ත මගේ සේවකයා ඔබයි.+එහෙම කළේ මාව දැන හඳුන ගෙන මං ගැන විශ්වාසය තියන්න* ඔබට පුළුවන් වෙන්නයි.මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ+ කියලා තේරුම්ගන්න ඔබට උදව් කරන්නයි. මට කලින් කිසි දෙවි කෙනෙක් හිටියේ නැහැ.මට පසුව වෙන කිසිම දෙවි කෙනෙක් ආවෙත් නැහැ.+ 11  මම, ඔව් මම තමයි යෙහෝවා.+ මං හැර වෙන කිසිම මිදුම්කරුවෙක් නැහැ.”+ 12  “වෙන්න යන දේ ගැන දැන්නුවේ මමයි. ඔබව බේරගත්තෙත් ඒ ගැන හෙළි කළෙත් මමයි.මම එහෙම කළේ ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් හිටියේ නැති කාලෙක.+ ඒ නිසා මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තමයි දෙවියන්”+ කියලා යෙහෝවා කියනවා. 13  “මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ.+මගේ අතින් කිසිම දෙයක් උදුරගන්න කාටවත් බැහැ.+ මම පියවර ගද්දී ඒකට හරස් වෙන්න පුළුවන් කාටද?”+ 14  ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් හමුදාවක් බැබිලෝනියට යවලා ඔවුන්ගේ දොරටුවල අගුලු කඩලා දානවා.+කල්දිවරු තමන්ගේ නැව්වල ඉඳන් විලාප නඟයි.+ 15  මම යෙහෝවා. ඔබේ ශුද්ධ තැනැත්තාත්+ ඊශ්‍රායෙල්වරුන්ගේ නිර්මාතෘත්+ ඔබේ රජත්+ මමයි.” 16  මුහුද මැදින් මාර්ගයකුත්සැඩ පහරවල් හරහා මාර්ගයකුත්+ හදපු තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා. 17  යුධ රථ සහ අශ්වයන් පිටතට ගෙනාව,+රණශූරයන් එක්ක මුළු සේනාවම පිටතට ගෙනාව තැනැත්තා මෙහෙම කියනවා. “ඔවුන් වැටිලා යනවා. ආයේ කවදාවත් නැඟිටින්නේ නැහැ.+ පහන් තිරයක් නිවලා දානවා වගේ ඔවුන්වත් නැති කරලා දානවා.” 18  “අතීතයේ වුණ දේවල් සිහි කරන්න එපා.දැන් ඒ දේවල් ගැන හිතහිත ඉන්න එපා. 19  බලන්න! මම අලුත් දෙයක් කරනවා.+දැනටමත් ඒක සිද්ධ වෙන්න පටන් අරන්. ඔබට ඒක තේරුම්ගන්න බැරිද? මම පාළුකරය හරහා මාර්ගයක් හදනවා.+කාන්තාරය මැදින් ගංගාවන් ගලා බහින්න සලස්වනවා.+ 20  වනසත්තු මට ගෞරව කරයි.හිවලුන් සහ පැස්බරුන් පවා මට ගෞරව කරයි.මොකද මම පාළුකරයේදී වතුර ලබා දෙනවා.කාන්තාරයේදී ගංගාවන් ගලා බහින්න සලස්වනවා.+එහෙම කරන්නේ මගේ සෙනඟගේ, මම තෝරගත්ත තැනැත්තාගේ+ පිපාසය නිවන්නයි. 21  ඔවුන් මටම කියලා වෙන් කරගන්න මම බිහි කරපු සෙනඟයි.මම ඔවුන්ව බිහි කළේ මට ප්‍රශංසා කරන්න ඔවුන්ට පුළුවන් වෙන්නයි.+ 22  ඒත් යාකොබ්, ඔබ මට අඬගැහුවේ නැහැ.+ඊශ්‍රායෙල්, ඔබ එහෙම කළේ ඔබට මාව එපා වුණ නිසයි.+ 23  ඔබ දවන පූජා විදිහට බැටළුවන්ව මං ඉස්සරහට ගෙනාවේ නැහැ.ඔබේ පූජාවලින් මාව ගෞරවයට පත් කළෙත් නැහැ. මට තෑග්ගක් ගේන්න කියලා මම ඔබට බල කළේවත්කට්ටකුමංජල්+ ගේන්න කියලා ඔබට කරදර කළේවත් නැහැ. 24  ඔබේ සල්ලිවලින් ඔබ මට පූජා කරන්න සුවඳ පැළෑටි මිල දීලා ගත්තෙවත්ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැහැ.+ ඔබේ වැරදි දැන් මට ලොකු බරක්.ඒවා නිසා දැන් මට වෙහෙසයි.+ 25  ඔබේ වැරදි* මකලා දාන්නේ+ මමයි. මම එහෙම කරන්නේ මගේ නම වෙනුවෙනුයි.+ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ.+ 26  එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු.ඔබ නිර්දෝෂයි කියලා කියන්න තියෙන කරුණු කියන්න. ඒවා මට අමතක වෙලා නම් මතක් කරලා දෙන්න. 27  ඔබේ මුල් පියා පව් කළා.ඔබේ නියෝජිතයන්* මට විරුද්ධව කැරලිගැහුවා.+ 28  ඒ නිසා මම ශුද්ධස්ථානයේ ඉන්න ප්‍රධානීන්ව සලකන්නේ අපවිත්‍ර අය විදිහටයි.මම යාකොබ්ව විනාශයට භාර දෙනවා.ඊශ්‍රායෙල්ව අපහාසයට ලක් කරන්න ඉඩහරිනවා.+

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ ජාතීන් අදහන දෙවිවරු ගැනයි.
හෝ, “මං ගැන විශ්වාසයක් ඇති කරගන්න.”
හෝ, “ඔබේ කැරලිකාර වැඩ.”
මෙතන කතා කරන්නේ නීතිය උගන්වපු අය ගැන වෙන්න පුළුවන්.