යෙසායා 44:1-28

  • දෙවියන් තෝරගත්ත සෙනඟට ලැබෙන ආශීර්වාද (1-5)

  • යෙහෝවා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ (6-8)

  • මිනිස්සු හදාගන්න රූපවලින් කිසිම වැඩක් නැහැ (9-20)

  • ඊශ්‍රායෙල්ගේ මිදුම්කරු යෙහෝවායි (21-23)

  • සයිරස් මාර්ගයෙන් ආපහු ගොඩනඟයි (24-28)

44  “මගේ සේවක යාකොබ්, දැන් සවන් දෙන්න.මම තෝරගත්ත තැනැත්තා+ වන ඊශ්‍රායෙල්, ඇහුම්කන් දෙන්න.   යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.ඔබේ සැදුම්කරුත් ඔබව බිහි කරපු තැනැත්තාත්+මව්කුසෙන් ඔබ බිහි වුණ දා ඉඳන් ඔබට උදව් කරපු තැනැත්තාත් මෙහෙම කියනවා. ‘මගේ සේවක යාකොබ්, බය වෙන්න එපා.+මම තෝරගත්ත කෙනා වන යෙෂුරූන්,*+ බය වෙන්න එපා.   මොකද මම පිපාසයෙන් ඉන්න කෙනාට*+ බොන්න වතුර දෙනවා.වියළී ගිය දේශය පුරාම දිය පාරවල් ගලා යන්න සලස්වනවා. ඔබේ දරුවන්ට මගේ බලය ලබා දෙනවා.+ඔබෙන් පැවතෙන්නන්ට මගේ ආශීර්වාදය ලබා දෙනවා.   ඔවුන් නිල් තණකොළ වගෙත්+දිය පාරවල් ළඟ වැඩෙන ගස්* වගෙත් සරුවට වැඩෙයි.   ඔවුන්ගෙන් කෙනෙක් “මම අයිති යෙහෝවාටයි”+ කියලා කියයි. තවත් කෙනෙක් තමන්ව යාකොබ් කියන නමින් හඳුන්වලා දෙයි.වෙනත් කෙනෙක් “මං යෙහෝවාට අයිතියි” කියලා තමන්ගේ අතේ ලියාගෙන තමන්ගේ නම ඊශ්‍රායෙල් කියලා වෙනස් කරගනියි.’   ඊශ්‍රායෙල්ගේ රජත්+ ඔහුගේ මිදුම්කරුත්+ යෙහෝවායි.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+   මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?+ එහෙමනම් ඔහුට බය නැතුව කතා කරන්න කියන්න. ඒක මට ඔප්පු කරන්න කියන්න.+ මම ඈත අතීතයේ සෙනඟක් බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් කරපු විදිහටළඟදී වෙන්න තියෙන දේවල් ගැනත්ඉදිරියට වෙන්න තියෙන දේවල් ගැනත් දැනුම් දෙන්න කියලා ඔහුට කියන්න.   මගේ සෙනඟෙනි, බය වෙන්න එපා.බයෙන් ගල්ගැහෙන්න එපා.+ ඔබ එක් එක් කෙනාට ඒ හැම දෙයක් ගැනම මම කලින්ම කිව්වේ නැද්ද? ඔබට ඒ ගැන දැනුම් දුන්නේ නැද්ද? මගේ සාක්ෂිකරුවන් ඔබයි.+ මං හැර දෙවියන් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? එකම පර්වතය මමයි.+ ඒ වගේ වෙන කිසිම කෙනෙක් නැහැ කියලා මං දන්නවා.’”   රූප හදාගන්න හැමෝම කිසිම වැඩකට නැති අයයි.ඔවුන් ලොකු භක්තියකින් සලකන රූපවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ ඔවුන්* කිසිම දෙයක් දකින්නෙවත් කිසිම දෙයක් දන්නෙවත් නැති සාක්ෂිකරුවන්.+ඒ නිසා ඔවුන්ව හදන අය ලැජ්ජාවට පත් වෙනවා.+ 10  කිසිම ප්‍රයෝජනයක් නැති දෙවි කෙනෙක්ව හදාගන්නත්+පිළිමයක් හදාගන්නත් තරම් මෝඩ කෙනා කවුද? 11  බලන්න! ඔහුගේ සගයන් හැමෝම ලැජ්ජාවට පත් වෙනවා.+ රූප හදන අය නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඔවුන් හැමෝටම ඔවුන්ට නියමිත තැන්වල රැස් වෙන්න කියන්න. ඔවුන් හැමෝම හොඳටම බය වෙලා ලැජ්ජාවට පත් වෙයි. 12  කම්මල්කරු යකඩය ගිනි අඟුරු මත තියලා තම ආයුධවලින් ඒක නවා ගන්නවා. මිටියෙන් තළලා ඒකෙන් රූපයක් හදාගන්නවා.ඔහු තම ශක්තිමත් අතින් ඒ රූපය හදනවා.+ ඊටපස්සේ ඔහුට දැනෙන බඩගින්න නිසා ඔහුගේ ශක්තිය නැති වෙනවා.වතුර බොන්නේ නැති නිසා ඔහු විඩාවට පත් වෙනවා. 13  ලී කැටයම්කරු මනින ලණුවෙන් ලීය මනිනවා. ඔහු රතු පාට හුණු කෑල්ලකින් රූපයක හැඩයක් ඒ ලීයේ අඳිනවා. ඔහු නියනෙන් ඒ හැඩය කැටයම් කරනවා. කව කටුවකින් තවත් සලකුණු දාගන්නවා. මනුෂ්‍යයෙක්ගේ හැඩරුවට සමාන,+ලස්සන රූපයක් ඔහු හදාගන්නවා.ඊටපස්සේ ඔහු ඒ රූපය නිවසක* තියනවා.+ 14  තවත් කෙනෙක්ගේ රස්සාව දේවදාර ගස් කපන එකයි. සමහරවිට ඔහු ඕක් ගහක් තෝරගනියි.ඔහු ඒ ගහට වනයේ ගස් අතරේ සරුවට වැඩෙන්න ඉඩහරියි.+ එහෙම නැත්නම් ඔහු ලෝරෙල් ගහක් පැළ කරයි. ඇද හැලෙන වර්ෂාව නිසා ඒක හොඳින් වැඩෙයි. 15  ඊටපස්සේ ඔහු ඒ ගහ දරට පාවිච්චි කරනවා. ඒ දරවලින් කොටසක් අරන් ගිනිමැලයක් ගහලා ඔහු උණුසුමක් ලබාගන්නවා.තවත් කොටසකින් ගින්නක් අවුළුවලා රොටි පුච්ච ගන්නවා. ඔහු ගහේ තව කොටසකින් දෙවියෙක්ව හදාගෙන ඒකට නමස්කාර කරනවා. ඒකෙන් රූපයක් කැටයම් කරගෙන ඒක ඉස්සරහා වැඳ වැටෙනවා.+ 16  ඔහු ලීවලින් කොටසක් දරට පාවිච්චි කරනවා.ඔහු ඒකෙන් මස් උයාගෙන කාලා සතුටු වෙනවා. ඔහු ඒ ගින්නෙන්ම උණුසුමක් ලබාගෙන මෙහෙම කියනවා. “ෂා! මේ ගින්න නම් නියමයි!” 17  ඒත් ඉතුරු ලීවලින් ඔහු දෙවි කෙනෙක්ගේ රූපයක් හදාගන්නවා. ඒක ඉස්සරහා වැඳ වැටිලා ඒකට නමස්කාර කරනවා. ඒකට යාච්ඤා කරලා මෙහෙම කියනවා. “මගේ දෙවියන් ඔබයි. මාව ගලවගන්න.”+ 18  ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් තේරුම්ගන්නේ නැහැ.+මොකද ඔවුන්ගේ ඇස් අන්ධ කරලා. ඔවුන්ට කිසිම දෙයක් පේන්නේ නැහැ.කිසිම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් හදවතක් ඔවුන්ට නැහැ. 19  තියෙන තොරතුරු දිහා බලලා කිසිම කෙනෙක් ඒවා තේරුම්ගන්නෙවත්ඒ ගැන හිතලා බලලා මේ නිගමනයට එන්නෙවත් නැහැ. “මම ලීවලින් කොටසක් දරට පාවිච්චි කළා.ඒ ගිනි අඟුරු උඩ මම රොටියි, මසුයි පුච්චගත්තා. ඉතින් මං මොකටද ඉතුරු කොටසෙන් පිළිකුල් රූපයක් හදාගන්නේ?+ ලී කොටයකට* මං මොකටද නමස්කාර කරන්නේ?” 20  ඔහු හරියට කෑමට අළු ගන්න කෙනෙක් වගේ. නොමඟ ගිය ඔහුගේ සිත ඔහුව මුළා කරලා. ඔහුට තමන්ව බේරගන්න බැහැ. ඔහු මෙහෙම කියන්නෙත් නැහැ. “මගේ දකුණු අතේ මේ තියෙන්නේ බොරු දෙයක් නේද?” 21  “අනේ යාකොබ්, අනේ ඊශ්‍රායෙල්, ඒ දේවල් මතක තියාගන්න.මොකද ඔබ මගේ සේවකයා. ඔබව බිහි කළේ මමයි. ඔබයි මගේ සේවකයා.+ අනේ ඊශ්‍රායෙල්, මම ඔබව අමතක කරන්නේ නැහැ.+ 22  ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා.+මම ඔබේ පව් ගන වලාකුළකින් වහලා දානවා. මං ළඟට ආපහු එන්න. එතකොට මං ඔබව මුදවගන්නවා.+ 23  ස්වර්ගය, ඔබ ප්‍රීති ඝෝෂා නඟන්න!මොකද යෙහෝවා මැදිහත් වුණා. පොළොවේ ගැඹුරු තැන්, ඔබ ජය ඝෝෂා නඟන්න! කඳු සියල්ල, ඔබ සතුටින් කෑගහන්න!+වනාන්තර, ඔබත් ඔබේ ගසුත් සතුටින් කෑගහන්න! මොකද යෙහෝවා යාකොබ්ව මුදවගත්තා.ඔහු තමන්ගේ තේජස ඊශ්‍රායෙල් මාර්ගයෙන් දකින්න සැලැස්සුවා.”+ 24  මව්කුසේ ඉන්න කාලේ ඉඳලා ඔබට උදව් කරපු තැනැත්තාත්ඔබේ මිදුම්කරුත් වන යෙහෝවා+ මෙහෙම කියනවා. “හැම දෙයක්ම හැදුවේ යෙහෝවා වන මමයි. මම තනියම අහස්තලය දිගහැරියා.+පොළොව හැදුවෙත් මමයි.+ මගේ උදව්වට හිටියේ කවුද? 25  හිස් වචන දොඩවන අයගේ* ලකුණු මම බොරුවක් කියලා පෙන්නනවා.පේන කියන අය මෝඩයන් වෙන්න සලස්වන්නේ මමයි.+බුද්ධිමතුන්ව වියවුල් කරන්නෙත්ඔවුන්ගේ දැනුම මෝඩකමට පෙරළන්නෙත් මමයි.+ 26  තම සේවකයාගේ වචන සැබෑ වෙන්න සලස්වන්නෙත්තම පණිවිඩකරුවන් කියන අනාවැකි සම්පූර්ණයෙන්ම ඉටු වෙන්න සලස්වන්නෙත් මමයි.+යෙරුසලම ගැන ‘ඇය ජනාවාස වෙයි’+ කියලත් යූදාවල නගර ගැන ‘ඒවා ආපහු ගොඩනඟනවා.+ඇගේ නටබුන් වුණ තැන් ආපහු හදනවා’+ කියලත් කියන්නේ මමයි. 27  ‘වියළී යන්න. මම ඔබේ හැම ගංගාවක්ම හිඳිලා යන්න සලස්වනවා’+ කියලාගැඹුරු ජල පහරවල්වලට කියන්නෙත් මමයි. 28  සයිරස්+ ගැන ‘ඔහු මං පත් කරපු එඬේරායි.මම කැමති හැම දෙයක්ම ඔහු සම්පූර්ණයෙන් ඉටු කරයි’+ කියලත් කියන්නේ මමයි.යෙරුසලම ගැන ‘ඇයව ආපහු ගොඩනඟනවා’ කියලත් දේවමාලිගාවට ‘ඔබේ අත්තිවාරම ආපහු දානවා’+ කියලත් කියන්නේ මමයි.”

පාදසටහන්

තේරුම, “නිර්දෝෂ කෙනා.” ඊශ්‍රායෙල් ජාතිය හඳුන්වන්න පාවිච්චි කරපු ගෞරවාන්විත නමක්.
හෝ, “පිපාසිත දේශයට.”
හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.
ඒ කියන්නේ රූප.
හෝ, “දේවාලයක.”
හෝ, “වේළිලා ගිය ලී කෑල්ලකට.”
හෝ, “බොරු අනාගතවක්තෘවරුන්ගේ.”