යෙසායා 45:1-25

  • බැබිලෝනිය අල්ලගන්න සයිරස්ව අභිෂේක කරයි (1-8)

  • මැටි පිඩට කුඹල්කරු එක්ක වාද කරන්න බැහැ (9-13)

  • අනිත් ජාතීන් ඊශ්‍රායෙල්ට ගෞරව කරයි (14-17)

  • දෙවියන්ගේ නිර්මාණවලත් ඔහු හෙළි කරන දේවලත් දෝෂයක් නැහැ (18-25)

    • පොළොව හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නයි (18)

45  යෙහෝවා දෙවියන් තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ+ දකුණු අතින් අල්ලගත්තා.+එහෙම කළේ ඔහු ඉදිරියේ ජාතීන්ව යටත් කරන්නයි.+රජවරුන්ගේ බලය නැති කරන්නයි.*දොරටු නොවැසෙන විදිහට,නුවරේ දොරටු ඔහුට විවෘත කර දෙන්නයි.දෙවියන් ඔහුට කියන්නේ මේකයි.   “මම ඔබට ඉදිරියෙන් ගිහින්+කඳු සමතලා කරනවා. තඹ දොරටු කෑලිවලට කඩනවා.යකඩ පොලු කපලා දානවා.+   අඳුරු තැන්වල තියෙන වස්තු මම ඔබට දෙනවා.සැඟවුණු තැන්වල තියෙන නිධාන මම ඔබට දෙනවා.+එහෙම කරන්නේ ඔබට නම කියලා කතා කරන මම,ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා+ කියලා ඔබට දැනගන්න පුළුවන් වෙන්නයි.   මම ඔබට නම කියලා කතා කරන්නේමගේ සේවකයා වන යාකොබ් නිසයි. මං තෝරගත්ත කෙනා වන ඊශ්‍රායෙල් නිසයි. ඔබ මාව හඳුනගෙන හිටියේ නැතත් මම ඔබේ නමට ගෞරවය ලැබෙන්න සලස්වනවා.   මම යෙහෝවායි. මට සමාන වෙන කවුරුත් නැහැ. මං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+ ඔබ මාව හඳුනගෙන හිටියේ නැතත් මම ඔබව ශක්තිමත් කරනවා.*   එහෙම කරන්නේ නැඟෙනහිර ඉඳන් බස්නාහිර දක්වා ඉන්න ජනයාටමං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ+ කියලාදැනගන්න සලස්වන්නයි. මම යෙහෝවායි. මට සමාන වෙන කවුරුත් නැහැ.+   ආලෝකයත්+ අන්ධකාරයත්+ හැදුවේ මමයි.සමාදානය ඇති කරන්නෙත්+ විපත්තියක් ගේන්නෙත්+ මමයි.ඒ හැම දෙයක්ම කරන්නේ යෙහෝවා වන මමයි.   ස්වර්ගය, අහසින් වැසි වස්සවන්න.+වලාකුළුවලින් ධර්මිෂ්ඨකම නමැති වැහි බිඳු ඇද හැලේවා! පොළොව සරු වෙලා එහි ගැලවීම නමැති බීජත්ධර්මිෂ්ඨකම නමැති බීජත් හටගනු ලැබේවා!+ ඒවා පොළොව පුරා පැතිරේවා! ඒක වෙන්න සැලැස්සුවේ යෙහෝවා වන මමයි.”   තමන්ගේ සැදුම්කරු එක්ක වාද කරන කෙනාට මොන තරම් දරුණු විපතක් වෙයිද!ඔහු බිම විසිරිලා තියෙන වළං කෑලි අතරේ තියෙනතවත් එක වළං කෑල්ලක් විතරයි. මැටි පිඩකට පුළුවන්ද “ඔයා මොනවාද මේ හදන්නේ”+ කියලා කුඹල්කරුගෙන්* අහන්න? හදපු දේට පුළුවන්ද “ඔයාට අත් නෑ” කියලා හදපු කෙනාට කියන්න?* 10  තාත්තා කෙනෙක්ගෙන් “ඔයා මේ තාත්තා වෙලා තියෙන්නේ මොන වගේ ළමයෙක්ටද” කියලා අහන කෙනාටත් අම්මා කෙනෙක්ගෙන් “ඔයා මේ බිහි කරලා තියෙන්නේ කාවද” කියලා අහන කෙනාටත් මොන තරම් දරුණු විපතක් වෙයිද! 11  ඊශ්‍රායෙල්ව බිහි කරපු ශුද්ධ තැනැත්තා වන යෙහෝවා+ මෙහෙම කියනවා. “ඉදිරියේ වෙන දේවල් ගැන මගෙන් ප්‍රශ්න කරන්න ඔබට පුළුවන් කියලා හිතනවාද?මගේ දරුවන් ගැනයි,+ මගේ අතින් හදපු දේවල් ගැනයි මට අණ දෙන්න ඔබට පුළුවන්ද? 12  පොළොව හදලා+ එහි ජීවත් වෙන්න මිනිසාව නිර්මාණය කළේ මමයි.+ අහස දිගහැරියේ මගේම දෑතින්.+එහි සේනාවට අණ දෙන්නේ මමයි.”+ 13  “ධර්මිෂ්ඨකමින් වැඩ කරන්න මම කෙනෙක්ව සූදානම් කළා.+මම ඔහුගේ ගමන් මඟ සමතලා කරනවා. මගේ නුවර ගොඩනඟන්නේ ඔහුයි.+වහලුන් වෙලා ඉන්න මගේ සෙනඟව කිසි මුදලක්වත් අල්ලසක්වත් ගන්නේ නැතුව+ ඔහු නිදහස් කරයි.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. 14  යෙහෝවා මෙහෙම කියනවා. “ඊජිප්තුවේ ලාභයත්* ඉතියෝපියාවේ බඩු භාණ්ඩත්* උසට ඉන්න සෙබාවරුනුත්ඔබේ පැත්තට ඇවිත් ඔබට අයිති වෙයි. ඔවුන් විලංගු දාගෙන ඔබ පිටිපස්සෙන් ඇවිදියි. ඔබ ළඟට ඇවිත් ඔබට හිස නමා ආචාර කරයි.+ ඔවුන් ලොකු ගෞරවයකින් මෙහෙම කියයි. ‘ඇත්තටම දෙවියන් ඔබ එක්ක ඉන්නවා.+ඔහුට සමාන වෙන කවුරුත් නැහැ. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.’” 15  දෙවියනි ඔබ, ඔබ කරන දේ නිතරම හෙළි කරන්නේ නැති දෙවි කෙනෙක්.ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් සහ ගැලවුම්කරු ඔබයි.+ 16  ඔවුන් හැමෝම ලැජ්ජාවට පත් වෙලා නින්දා විඳියි.අද්දකින නින්දාව නිසා රූප හදන හැමෝම විසිරිලා යයි.+ 17  ඒත් ඊශ්‍රායෙල්, යෙහෝවා ඔබව ගලවගන්නවා. ඔබට දෙන ගැලවීම හැමදාටම වලංගුයි.+ ආයේ කවදාවත් ඔබ ලැජ්ජාවටවත් නින්දාවටවත් පත් වෙන්නේ නැහැ.+ 18  අහස නිර්මාණය කළ+ සැබෑ දෙවියන් යෙහෝවායි.පොළොව හදලා ඒක ස්ථිරව පිහිටවපු+ තැනැත්තා ඔහුයි.ඔහු පොළොව හැදුවේ අරමුණක් ඇතුවයි.*ඒක හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නයි.+ ඒ හැම දෙයක්ම කරපු ඔහු මෙහෙම කියනවා. “මම යෙහෝවායි. මට සමාන වෙන කවුරුත් නැහැ. 19  මං කතා කළේ සැඟවුණු තැනක ඉඳන් නෙමෙයි.+ අඳුරු දේශයක ඉඳන් නෙමෙයි.‘මගේ මඟ පෙන්වීම් හොයන්න. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ’ කියලාමම යාකොබ්ගෙන් පැවතෙන අයට කිව්වේ නැහැ. හරි දේ* කතා කරන, සත්‍ය දේ දන්වන මම යෙහෝවායි.+ 20  ජාතීන්ගෙන් බේරිලා එන සෙනඟෙනි,+ එකට එකතු වෙන්න. එක් රැස් වෙලා දැන් එන්න. කැටයම් කරපු රූප උස්සගෙන එහේ මෙහේ යන,ගලවගන්න බැරි දෙවි කෙනෙක්ට+ කන්නලව් කරන අය කිසිම දෙයක් දන්නේ නැහැ. 21  ඔබේ නඩුවත් සාක්ෂිත් ඉදිරිපත් කරන්න. හැමෝම එකට එකතු වෙලා කතා කරගන්න. අනාගතයේදී සිද්ධ වෙන දේවල් ගැන අතීතයේ ඉඳන්ම කිව්වේ කවුද? ඒ දේවල් කලින්ම දැන්නුවේ කවුද? යෙහෝවා වන මම නෙමෙයිද? මං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.මම ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්, ගැලවුම්කරුවෙක්.+ මං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+ 22  පොළොවේ හතර කොනේ ඉන්න සෙනඟෙනි, හැරිලා මං ළඟට ඇවිත් ගැලවීම ලබාගන්න.+මොකද දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ 23  මම මං ගැනම දිවුරලා පොරොන්දුවක් දුන්නා.මගේ කටින් පිට වුණ වචන විශ්වාසවන්තයි.ඒවා ඉටු නොවී තියෙන්නේ නැහැ.+ හැමෝම මට දණ නමයි.මට විශ්වාසවන්තව ඉන්න පොරොන්දු වෙයි.+ 24  ඔවුන් මෙහෙම කියයි. ‘යෙහෝවා හැම වෙලේම කරන්නේ හරි දේ. ඔහු ගොඩක් බලවත්. ඔහු එක්ක කේන්තියෙන් ඉන්න හැමෝම ලැජ්ජාවෙන් ඔහු ඉදිරියට එයි. 25  යෙහෝවාට සේවය කරපු නිසා ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝම හරි දේ කළා කියලා ඔප්පු වෙයි.+ඔහු නිසා ඔවුන් ආඩම්බරයෙන් කතා කරයි.’”

පාදසටහන්

මූ.අ., “රජවරුන්ගේ ඉඟටි ලිහා දමන්නයි.”
මූ.අ., “ඔබේ ඉඟටිය තදින් බඳිනවා.”
හෝ, “ඒක හදපු කෙනාගෙන්.”
හෝ සමහරවිට, “මැටි පිඩ කියයිද ‘ඔයා හදපු දේට අණ්ඩක් දාලා නැහැනේ’ කියලා.”
හෝ සමහරවිට, “කම්කරුවන්.”
හෝ සමහරවිට, “වෙළෙන්දන්.”
හෝ සමහරවිට, “හිස්, පාළු තැනක් වෙන්න නෙමෙයි.”
හෝ, “ධර්මිෂ්ඨ දේ.”