යෙසායා 46:1-13
46 බෙල්* පහතට නැමිලා.+ නෙබෝ* බිමට නැමිලා.
ඔවුන්ගේ රූප සතුන්ගේ පිටේ පටවගෙන යයි. බර අදින සතුන්ගේ පිටේ පටවගෙන යයි.+ඒ රූප හරියට වෙහෙසට පත් වෙලා ඉන්න සතුන් පිටේ පටවන බඩු මලු වගෙයි.
2 ඔවුන් බිමට නැමෙයි. පහතට නැමෙයි.සතුන් පිටේ පටවලා තියෙන තමන්ගේ රූප බේරගන්නවත් ඔවුන්ට බැහැ.ඔවුනුත් වහල්කමට යනවා.
3 “යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, ඊශ්‍රායෙල් සෙනඟ අතරින් බේරිලා ජීවත් වෙන සියල්ලෙනි,+ මට ඇහුම්කන් දෙන්න.ඔබ ඉපදුණ දවසේ ඉඳලා මම ඔබව උසුලගෙන ගියා. මව්කුසෙන් බිහි වුණ දවසේ ඉඳන් මම ඔබව බලාගත්තා.+
4 ඔබ වයසට ගියාට පස්සෙත් මම වෙනස් වෙන්නේ නැහැ.+ඔබේ හිසකෙස් පැසුණු පසුවත් මම දිගටම ඔබව උසුලගෙන යනවා.
මේ වෙන කල් කළා වගේ මම ඔබව වඩාගෙන යනවා. ඔබව උසුලගෙන යනවා. ඔබව ගලවගන්නවා.+
5 ඔබ මාව සමාන කරන්නේ කාටද? ඔහු මං වගේ කියලා ඔබට වෙන කෙනෙක් ගැන කියන්න පුළුවන්ද?+අපි එක වගේ කියලා කියන්න ඔබ මාව සන්සන්දනය කරන්නේ කා එක්කද?+
6 සමහරු තම පසුම්බිවලින් රත්තරන් ලෝභ නැතුව වියදම් කරනවා.ඔවුන් රිදී තරාදියේ දාලා කිරනවා.
රන්කරුවෙක්ව කුලියට ගන්නවා. ඔහු ඒකෙන් දෙවියෙක්ව හදනවා.+
ඊටපස්සේ ඔවුන් ඒක ඉදිරියේ වැඳ වැටිලා ඒකට නමස්කාර කරනවා.+
7 ඔවුන් ඒ රූපය කර උඩ තියාගන්නවා.+ඒක උස්සගෙන ගිහින් ඒකට වෙන් කරපු තැනින් තියනවා. ඒක ඔහේ එතන තියෙනවා.
තිබ්බ තැනින් හෙල්ලෙන්නෙවත් නැහැ.+
ඔවුන් ඒක ඉස්සරහා අඬා වැලපුණත් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ.විපතකින් කාවවත් ගලවගන්න ඒකට බැහැ.+
8 පව්කාරයෙනි, ඒ දේ හිතට ගන්න.
ඒ දේවල් අමතක කරන්න එපා. ධෛර්යය වැඩි කරගන්න.
9 ඈත අතීතයේ වුණ දේවල් මතකයට නඟන්න.දෙවියන් මමයි කියලා මතක තියාගන්න. මට සමාන වෙන කවුරුත් නැහැ.
දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+
10 අවසානයේදී සිද්ධ වෙන දේ ගැන මුලදීම දැනුම් දෙන්නේ මමයි.අනාගතයේ වෙන දේවල් ගැන මම ඈත අතීතයේ ඉඳලාම දැනුම් දුන්නා.+
‘මං තීරණය කරපු දේ* අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+මම කැමති ඕනෙම දෙයක් මම කරනවා’+ කියලා කියන තැනැත්තා මමයි.
11 ගොදුරු අල්ලන් කන කුරුල්ලෙක්ට මම නැඟෙනහිර දෙසින් අඬගහනවා.+මම තීරණය කරපු දේ* ඉටු කරන්න දුර ඈත දේශයක ඉන්න මනුෂ්‍යයෙක්ට අඬගහනවා.+
මම කියපු දේ මම ඒ විදිහටම ඉටු කරනවා.
මම අරමුණු කරපු ඒ දේ ඒ විදිහටම ඉටු කරනවා.+
12 මුරණ්ඩු හිත් ඇති සියල්ලෙනි, මට සවන් දෙන්න.හරි දෙයින් ඈත් වෙලා ඉන්න සියල්ලෙනි, මට ඇහුම්කන් දෙන්න.
13 මගේ ධර්මිෂ්ඨකම පෙන්නන කාලය ළඟයි.ඒක වැඩි ඈතක නෙමෙයි.මම ගැලවීම ලබා දෙන කාලය ප්‍රමාද වෙන්නේ නැහැ.+
මම සියොන්ට ගැලවීම ලබා දෙනවා. ඊශ්‍රායෙල්ට මගේ අලංකාරය දෙනවා.”+
පාදසටහන්
^ බැබිලෝනිවරුන් අදහපු දෙවි කෙනෙක්.
^ බැබිලෝනිවරුන් අදහපු දෙවි කෙනෙක්.
^ හෝ, “අරමුණු කරපු දේ; තීන්දු කරපු දේ.”
^ හෝ, “අරමුණු කරපු දේ; තීන්දු කරපු දේ.”