යෙසායා 47:1-15

  • බැබිලෝනිය වැටෙයි (1-15)

    • අහසේ වස්තූන්ට නමස්කාර කරන අය බොරුකාරයන් කියලා ඔප්පු වෙයි (13-15)

47  බැබිලෝනියේ කන්‍යා දියණියනි,+බිමට බැහැලා දූවිල්ලේ ඉඳගන්න. කල්දිවරුන්ගේ දියණියනි, බිම ඉඳගන්න.ඔබට දැන් ඉඳගන්න සිංහාසනයක් නැහැ.+මිනිස්සු ආයේ කවදාවත් ඔබ කුමාරිකාවක් වගේ කියලා කියන්නේ නැහැ.   ඇඹරුම් ගලක් අරගෙන පිටි අඹරන්න. ඔබේ මුහුණු වැස්ම අයින් කරන්න. දිග වස්ත්‍රය ගලවලා දාන්න. කකුල් පේන විදිහට ඔබේ ඇඳුම ඔසවන්න. ගංගා හරහා ගමන් කරන්න.   ඔබේ නිරුවත හැමෝම දකියි. ඔබේ නින්දාවට හේතුව හැමෝටම පෙනෙයි. ඔබට ලැබෙන්න ඕනෙ දඬුවම මම අනිවාර්යයෙන්ම දෙනවා.+ කිසි මනුස්සයෙක් මට හරස් වෙන්නේ නැහැ.*   “අපිව මුදවගන්නේඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තායි.+ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.”   කල්දිවරුන්ගේ දියණියනි,+නිහඬව අඳුරේ ඉඳගෙන ඉන්න.යළි කිසිදා ඔබව රාජ්‍යයන්වල රැජින විදිහට හඳුන්වන්නේ නැහැ.+   මගේ සෙනඟ එක්ක මට කේන්ති ගියා.+ මගේ උරුමය නින්දාවට පත් වෙන්න මම ඉඩහැරියා.+මම ඔවුන්ව ඔබේ අතට භාර දුන්නා.+ ඒත් ඔබ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ මහලු අය පිටත් ඔබ උහුලන්න බැරි බරක් පැටෙව්වා.+   “මම හැමදාම රැජිනක් වගේ ඉන්නවා”+ කියලා ඔබ කිව්වා. ඔබ කරපු දේවල් ගැන ඔබ පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.අන්තිමට මොනවා වෙයිද කියලා කල්පනා කළෙත් නැහැ.   විනෝදකාමී ජීවිතේට ඇලුම් කරන තැනැත්තිය,+ දැන් සවන් දෙන්න.සුරක්ෂිතව ඉඳගෙන ඉන්න ඔබ හිතාගෙන ඉන්නේ මෙහෙමයි. “මං තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ.+ මම කවදාවත් වැන්දඹුවක් වෙන්නේ නැහැ. මගේ දරුවන් මට අහිමි වෙන්නෙත් නැහැ.”+   ඒත් නොහිතන මොහොතක, එකම දවසේදී ඔබට මේ දේවල් දෙකටම මූණ දෙන්න වෙයි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වැන්දඹුවක් වෙයි. ඒ හැම විපතකින්ම ඔබ තදින් පහර කයි.+මොකද ඔබ හිතේ හැටියට මන්තර ගුරුකම් සහ හදිහූනියම් කළා.*+ 10  ඔබ දුෂ්ට දේ කළත් ඔබට විපතක් වෙයි කියලා හිතුවේ නැහැ. “කාටවත් මාව පේන්නේ නැහැ” කියලා ඔබ කිව්වා. ඔබේ ප්‍රඥාව සහ දැනුම ඔබව නොමඟ යැව්වා.ඔබ හිතාගෙන ඉන්නේ “මං තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ” කියලා. 11  ඒත් ඔබ පිටට විපතක් එනවා.ඔබ කොච්චර මන්තර ගුරුකම් කළත් ඒක නවත්තන්න බැහැ.* විපත්තිය අනිවාර්යයෙන්ම ඔබ පිටට එනවා. ඒකෙන් බේරෙන්න ඔබට බැහැ. හීනෙකින්වත් නොහිතපු විනාශයකට ඔබ ගොදුරු වෙනවා.+ 12  ඔබ තරුණ කාලේ ඉඳන් ලොකු වෙහෙසක් දරලා කරපුමන්තර ගුරුකම්, හදිහූනියම්+ දිගටම කරන්න. සමහරවිට ඒවායින් ඔබට ප්‍රයෝජනයක් ලැබෙයි.ඒවායින් ඔබේ සතුරන්ව බය කරන්න ඔබට පුළුවන් වෙයි. 13  අනන්ත අප්‍රමාණ උපදේශකයන්ගෙන් උපදෙස් ලබලා ඔබ වෙහෙසට පත් වෙලා. අහසේ වස්තුවලට නමස්කාර කරන අයටත්* තරු දිහා බලන අයටත්+ඔබට මුහුණ දෙන්න වෙන දේවල් ගැන තොරතුරුනව සඳ පායන දවසේදී කියන අයටත්ඉදිරියට ඇවිත් ඔබව බේරගන්න කියලා කියන්න. 14  බලන්න! ඔවුන් හරියට පිදුරු වගේ. ගින්නක් ඇවිත් ඔවුන්ව පුච්චලා දානවා. ඒ මහ ගින්නෙන් තමන්ව බේරගන්න ඔවුන්ට බැහැ. ඒ ගිනි අඟුරු උණුසුම ලබාගන්න තියෙන ඒවා නෙමෙයි.ඒ ගින්න ගිනි තපින්න පුළුවන් ගින්නක් නෙමෙයි. 15  ඔබේ තරුණ කාලේ ඉඳන් ඔබ එක්ක ගොඩක් මහන්සි වෙලා වැඩ කරපුමන්තර ගුරුකම් කරන අයට වෙන්නෙත් ඒ දේමයි. ඔවුන් මුළා වෙයි. ඔවුන්ව හැම පැත්තටම විසුරුවලා දායි.ඔබව බේරගන්න කවුරුත් එන්නේ නැහැ.+

පාදසටහන්

හෝ සමහරවිට, “මට හම්බ වෙන කාටවත් මං කාරුණිකව සලකන්නේ නැහැ.”
හෝ සමහරවිට, “ඔබ මොන තරම් මන්තර ගුරුකම් සහ හදිහූනියම් කළත් ඔබට ඒ දේ වෙනවා.”
හෝ, “ඒ විපත හරවලා යවන්න ඔබ දන්නේ නැහැ.”
හෝ සමහරවිට, “අහස රාශිවලට බෙදන අයටත්; ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ටත්.”