යෙසායා 48:1-22

  • ඊශ්‍රායෙල්ව සෝදිසි කරලා පවිත්‍ර කරයි (1-11)

  • යෙහෝවා බැබිලෝනියට විරුද්ධව වැඩ කරයි (12-16අ)

  • දෙවියන්ගේ ඉගැන්වීම් ප්‍රයෝජනවත් (16ආ-19)

  • “බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!” (20-22)

48  යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, දැන් සවන් දෙන්න.ඔබ ඊශ්‍රායෙල්+ කියන නමින් ඔබව හඳුන්වගන්නවා.ඔබ එන්නේ යූදාගේ දිය උල්පතින්.*යෙහෝවාගේ නමින් ඔබ දිවුරනවා.+ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට කන්නලව් කරනවා.ඒත් ඒ අවංකකමින් සහ ධර්මිෂ්ඨකමින් නෙමෙයි.+   ඔබ ශුද්ධ නුවරට+ අයිති අය කියලා කියාගන්නවා.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන,ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.+   “ඉදිරියේදී වෙන දේවල් ගැන මම අතීතයේදී ඔබට දැනුම් දුන්නා. ඒ වචන පිට වුණේ මගේම මුවින්.ඒවා දැනුම් දුන්නේ මමයි.+ මම කියපු දේවල් ඉටු කරන්න මම එකපාරම පියවර ගත්තා. ඒවා ඒ විදිහටම ඉටු වුණා.+   මොකද ඔබ කොච්චර මුරණ්ඩුද කියලා මම දැනන් හිටියා.ඔබේ බෙල්ල යකඩ වගෙයි. නළල තඹ වගෙයි.+   මම ගොඩක් කාලෙකට කලින් හැම දෙයක් ගැනම ඔබට දැනුම් දුන්නා. ඒ දේ වෙන්න කලින් මම ඒ ගැන ඔබට කිව්වා.එහෙම කළේ ‘මේ දේවල් කළේ මං අදහන දෙවියන්.*මේ දේවල් කිව්වේ මං අදහන දෙවියන්’ කියලා අනිත් දෙවිවරු ගැන ඔබට කියන්න බැරි වෙන්නයි.   ඒ හැම දෙයක්ම ඔබ ඇහුවා, දැක්කා. ඔබ ඒ ගැන අනිත් අයට කියන්නේ නැද්ද?+ මම ඔබට දැන් ඉඳන් අලුත් දේවල් ගැන දැනුම් දෙනවා.+ඔබ දැනන් හිටියේ නැති රහස්, හොඳින් හංගලා තිබුණ දේවල් ඔබට දැනුම් දෙනවා.   දැන් තමයි මම ඒ දේවල් සැලසුම් කරන්නේ. ඒ ගැන අතීතයේදී හෙළි කළේ නැහැ.අද වෙන කල් ඔබ ඒ දේවල් ගැන අහලා තිබුණේ නැහැ.ඉතින් ‘ආ, ඒ දේවල් ගැන මං දැනන් හිටියා’ කියලා කියන්න ඔබට බැහැ.   ඔබට ඒ ගැන අහන්න ලැබුණෙවත්+ දැනගන්න ලැබුණෙවත් නැහැ.අතීතයේදී ඔබේ කන් වහලයි තිබුණේ. මොකද ඔබ මොන තරම් ද්‍රෝහි විදිහට+ වැඩ කරනවාද කියලා මම දන්නවා.ඉපදුණ දවසේ ඉඳලාම ඔබ කළේ වැරදි දේවල්මයි.+   ඒත් මගේ නම ගැන හිතලා මම මගේ කේන්තිය පාලනය කරගන්නවා.+මගේ ගෞරවය වෙනුවෙන් මම ඔබ ගැන ඉවසනවා.මම ඔබව නැති කරලා දාන්නේ නැහැ.+ 10  බලන්න! මම ඔබව පවිත්‍ර කළා. ඒත් රිදී පවිත්‍ර කරන විදිහට නෙමෙයි.+දුක් පීඩා කියන ගිනි උදුනට දාලා මම ඔබව සෝදිසි කළා.*+ 11  මං වෙනුවෙන්, මගේ නම ගැන හිතලා මම පියවර ගන්නවා.+මට කැළලක් ඇති වෙන්න මං ඉඩ දෙන්නේ කොහොමද?+ මට අයිති ගෞරවය මං වෙන කාටවත් දෙන්නේ නැහැ.* 12  අනේ යාකොබ්, මං තෝරගත්ත ඊශ්‍රායෙල්, මට සවන් දෙන්න. පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ.+ 13  පොළොවේ අත්තිවාරම දැම්මේ මගේ අතින්.+මගේ දකුණතින් අහස දිගහැරියා.+ මම ඒවාට* අඬගහද්දී ඒවා එක්ව නැඟී සිටියි. 14  හැමෝම එක් රැස් වෙලා සවන් දෙන්න. ඔවුන් අතරින් ඒ දේවල් ගැන දැනුම් දුන්නේ කවුද? යෙහෝවා වන මම ඔහුට* ආදරය කළා.+ ඔහු බැබිලෝනියට විරුද්ධව මං කැමති දේ ඉටු කරයි.+ඔහුගේ අතින් ඔහු කල්දිවරුන්ට පහර දෙයි.+ 15  ඒ ගැන කිව්වේ මමයි. ඔහුට අඬගැහුවේ මමයි.+ මම ඔහුව කැඳෙව්වා. ඔහු කරන දේ සාර්ථක වෙනවා.+ 16  මං ළඟට ඇවිත් මේ දේට සවන් දෙන්න. මුල ඉඳන්ම මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ.+ කියපු දේ ඉටු වෙන්න පටන්ගද්දී මම එතන හිටියා.” ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය දීලා දැන් මාව ඔබ ළඟට එව්වා. 17  ඔබේ මිදුම්කරු සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා.+ “යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්.ඔබේම යහපත වෙනුවෙන්* ඔබට උගන්වන්නේ මමයි.+ඔබ යන්න ඕනෙ පාර ඔබට පෙන්නලා දෙන්නෙත් මමයි.+ 18  ඔබ මගේ ආඥාවලට ඇහුම්කන් දෙනවා නම් කොච්චර හොඳද!+ එහෙම කරනවා නම් ඔබේ සමාදානය ගංගාවක් වගෙත්+ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි වගෙත් වෙයි.+ 19  ඔබෙන් පැවතෙන අය වැලි වගෙත්ඔබෙන් බිහි වෙන අය වැලි කැට වගෙත් ගණනින් වැඩි වෙයි.+ ඔවුන්ගේ නම කවදාවත් මං ඉදිරියෙන් මැකිලා යන්නෙවත් නැති වෙලා යන්නෙවත් නැහැ.” 20  බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+ කල්දිවරුන්ගෙන් පලා දුවන්න! ප්‍රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්‍රකාශ කරන්න.+ පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+ මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+ 21  ඔහු ඔවුන්ව පාළු ප්‍රදේශ හරහා අරන් එද්දී ඔවුන්ට පිපාසයක් දැනුණේ නැහැ.+ ඔහු ඔවුන් වෙනුවෙන් පර්වතයෙන් වතුර ගලා එන්න සැලැස්සුවා.පර්වතයක් දෙබෑ කරලා වතුර වේගයෙන් ගලා එන්න සැලැස්සුවා.”+ 22  “දුෂ්ටයන්ට නම් කිසිම සමාදානයක් නැහැ” කියලා යෙහෝවා කියනවා.+

පාදසටහන්

හෝ සමහරවිට, “යූදාගෙන් පැවතෙන්නෙනි.”
හෝ, “මං අදහන රූපේ.”
හෝ, “පරීක්ෂා කළා.” හෝ සමහරවිට, “තෝරගත්තා.”
හෝ, “වෙන කා එක්කවත් බෙදාගන්නේ නැහැ.”
ඒ කියන්නේ අහසයි, පොළොවයි.
ඒ කියන්නේ සයිරස්ට.
හෝ, “ඔබේම හොඳට; ප්‍රයෝජනයට.”