යෙසායා 50:1-11

  • ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි නිසා ඇති වුණ ප්‍රතිඵල (1-3)

  • යෙහෝවාගේ කීකරු සේවකයා (4-11)

    • දෙවියන්ගෙන් ඉගෙනගත්ත අයට ලැබෙන පුහුණුව (4)

50  යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඔබේ මවව පිටත් කරලා යවද්දී මං ඇයට දික්කසාද ලියවිල්ලක්+ දුන්නාද? මගේ ණයක් බේරගන්නද මම ඔබව විකුණුවේ? ඔබේම වැරදි නිසයි+ ඔබව විකුණුවේ.ඔබේම වැරදි නිසයි ඔබේ මවව පිටත් කරලා යැව්වේ.+   එහෙමනම් මං එද්දී කවුරුත් හිටියේ නැත්තේ ඇයි? මම අඬගහද්දී කවුරුත් උත්තර දුන්නේ නැත්තේ ඇයි?+ ඔබව මුදවගන්න මගේ අත දිග මදිද?නැත්නම් ඔබව ගලවගන්න මට බලය නැද්ද?+ මම අණ දුන්නාම මුහුද වියළී යයි.+මම ගංගාවන් කාන්තාර කරනවා.+ වතුර නැති නිසා ඒවායේ ඉන්න මාළු මැරිලා යයි.වතුර නැති නිසා උන් කුණු වෙලා යනවා.   මම අහසට අඳුර පලඳවනවා.+ගෝණි රෙදිවලින් ඒක වහලා දානවා.”   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, කතා කරන්න මගේ දිව හොඳින් පුහුණු කළා.+එහෙම කළේ සුදුසු වචන කතා කරලා+ විඩාවට පත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න* මට පුළුවන් වෙන්නයි. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කළා.ශිෂ්‍යයෙක් ඇහුම්කන් දෙන විදිහට ඇහුම්කන් දෙන්න ඔහු මගේ කන් විවර කළා.+   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මගේ කන් විවර කළා.මම කැරලිකාර විදිහට වැඩ කළේවත්+ ඔහුට පිටු පාලා මුරණ්ඩු විදිහට වැඩ කළේවත් නැහැ.+   මට පහර දෙන අයට මගේ පිට තළන්නත්මගේ කම්මුල්වලින් රැවුල්ගස් උගුල්ලා දාන්නත් මම ඉඩ දුන්නා. නින්දා කරද්දී, කෙළ ගහද්දී මං මගේ මූණ හරවගත්තේ නැහැ.+   ඒත් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට උදව් කරයි.+ ඒ නිසයි මට ලැජ්ජාවක් දැනෙන්නේ නැත්තේ. මම ගිනිගලක් වගේ ශක්තිමත්ව ඉන්නේ.*+මාව ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා මං දන්නවා.   මම ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ප්‍රකාශ කරන තැනැත්තා මං ළඟම ඉන්නවා. මට චෝදනා කරන්න පුළුවන් කාටද?+ එහෙමනම් එන්න, නඩුවට අපි පෙනී ඉමු.* මට විරුද්ධව පැමිණිල්ලක් තියෙන්නේ කාටද? ඔහුට මං ඉදිරියට එන්න කියන්න.   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට උදව් කරයි. මං වරදකරුවෙක් කියලා තීන්දු කරන්න පුළුවන් කාටද? බලන්න! ඔවුන් හැමෝම වස්ත්‍රයක් වගේ දිරලා යයි. කාවෙක් ඔවුන්ව කාලා දායි. 10  යෙහෝවා ගැන ගරුබියක් තියෙන්නේ ඔබ අතරේ ඉන්න කාටද? ඔහුගේ සේවකයාගේ+ හඬට කීකරු වෙන්නේ කවුද? කිසිම එළියක් නැතුව ගන අඳුරේ ගමන් කළේ කවුද? ඒ කෙනාට පුළුවන් යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔහු උදව් කරයි කියන විශ්වාසයෙන් ඉන්න. 11  “ඒත් ගින්නක් අවුළුවන ඔබ සියල්ලෙනි,ගිනිපුපුරු හැම අතටම විහිදුවන සියල්ලෙනි,ඔබ පත්තු කළ ගින්නේ ආලෝකයෙන් ගමන් කරන්න.ඔබ විහිදුවන ගිනිපුපුරු මැදින් ගමන් කරන්න. ඔබ මගෙන් මේ දඬුවම ලබනවා. ඔබ වේදනාවෙන් බිම වැතිරිලා ඉඳියි.

පාදසටහන්

හෝ සමහරවිට, “හරි විදිහට පිළිතුරු දෙන්න.”
මූ.අ., “මගේ මූණ ගිනිගලක් වගේ කරගත්තේ.”
හෝ, “අපි මූණට මූණ හම්බ වෙමු.”