යෙසායා 51:1-23

  • ඒදන් උයන වගේ සියොන් ආයෙත් ගොඩනඟයි (1-8)

  • සියොන් හදපු බලවත් තැනැත්තාගෙන් ලැබෙන සැනසීම (9-16)

  • යෙහෝවාගේ කේන්තිය කියන කුසලානය (17-23)

51  “හරි දේ කරන්න ලොකු උත්සාහයක් ගන්න සියල්ලෙනි,යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, මට ඇහුම්කන් දෙන්න. ඔබව ගත්ත පර්වතය ගැනත්ඔබව හාරලා ගත්ත ගල් වළ ගැනත් හිතන්න.   ඔබේ පියා වන ආබ්‍රහම් ගැන හිතන්න.ඔබව බිහි කළ සාරා+ ගැන හිතන්න. මම ඔහුව කැඳවද්දී හිටියේ ඔහු විතරයි.+මම ඔහුට ආශීර්වාද කරලා ඔහුගෙන් පැවතෙන අය ගොඩක් වැඩි කළා.+   යෙහෝවා සියොන්ව සනසයි.+ ඇගේ නටබුන් වුණ ස්ථාන ඔහු සනසයි.+ඔහු ඇගේ පාළුකරය ඒදන් උයන වගෙත්+ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන වගෙත් කරයි.+ සතුටින් ප්‍රීති ඝෝෂා නඟන හඬත්ස්තුති ප්‍රශංසා සහ ගී හඬත් ඇගෙන් ඇහෙයි.+   මගේ සෙනඟෙනි, මම කියන දේ හිතට ගන්න.මගේ ජනයෙනි, මට ඇහුම්කන් දෙන්න.+ මගෙන් නීතියක් නිකුත් වෙයි.+ජාතීන්ට ආලෝකයක් විදිහට මම මගේ යුක්තිය පිහිටුවනවා.+   මගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වෙන කාලය ළඟයි.+ මම ලබා දෙන ගැලවීම ඔබ අද්දකියි.+මගේ දෑත්වලින් මම ජනයාව විනිශ්චය කරනවා.+ දූපත් මං ගැන බලාපොරොත්තු තියයි.+මගේ දෑත* ගැන ඔවුන් බලාපොරොත්තුවෙන් ඉඳියි.   ඇස් ඔසවා අහස දිහා බලන්න.පොළොව දිහාත් බලන්න. අහස දුමක් වගේ විසිරිලා යනවා.පොළොව ඇඳුමක් වගේ දිරලා යනවා.එහි වැසියන් වැලි මැක්කන් වගේ මැරිලා යනවා. ඒත් මම දෙන ගැලවීම සදහටම පවතියි.+මගේ ධර්මිෂ්ඨකම කවදාවත් නැති වෙන්නේ නැහැ.+   හරි දේ ගැන දන්න සියල්ලෙනි, මට ඇහුම්කන් දෙන්න.මගේ නීතිය* හදවතේ ඇති ජනයෙනි,+ මට සවන් දෙන්න. දූවිල්ලට හැරිලා යන මිනිස්සුන්ගේ නින්දාවලට බය වෙන්න එපා.ඔවුන්ගේ අපහාසවලට බයෙන් වෙවුලන්න එපා.   මොකද ඇඳුමක් කාලා දානවා වගේ කාවෙක් ඔවුන්වත් කාලා දායි.රෙදි කන කාවෙක්* ලොම් රෙද්දක් විනාශ කරනවා වගේ ඔවුන්වත් විනාශ කරලා දායි.+ ඒත් මගේ ධර්මිෂ්ඨකම හැමදාටම තියෙයි.මම දෙන ගැලවීම හැම පරම්පරාවක්ම අද්දකියි.”+   යෙහෝවාගේ හස්තය ක්‍රියාත්මක වේවා!ඔහුගේ හස්තය ක්‍රියාත්මක වෙලා ඒකේ ශක්තිය දකින්න ලැබේවා!+ ඈත අතීතයේදී වුණ විදිහටම, කලින් පරම්පරාවලදී සිද්ධ වුණ විදිහටම ඒක ක්‍රියාත්මක වේවා! රාහබ්ව*+ කෑලි කෑලිවලට කඩලා දැම්මේ ඔබ නෙමෙයිද?මුහුදේ සැරිසරන දැවැන්තයාට ඇන්නේ ඔබ නෙමෙයිද?+ 10  ගැඹුරු මුහුදේ මහා ජල කඳ හිඳිලා යන්න සැලැස්සුවේ ඔබ නෙමෙයිද?+ මුදවගත්ත අයට ගමන් කරන්න ගැඹුරු මුහුද මැදින් පාරක් හැදුවේ ඔබ නෙමෙයිද?+ 11  යෙහෝවා මුදවගත්ත අය ආපහු එයි.+ ඔවුන් ප්‍රීති ඝෝෂා නඟමින් සියොන් වෙතට එයි.+නිමක් නැති ප්‍රීතිය ඔටුන්නක් වගේ ඔවුන්ගේ හිස මත තියෙයි.+ සතුට සහ ප්‍රීතිය ඔවුන්ට උරුම වෙයි.දුකත් වැලපීමත් පලා යයි.+ 12  “වෙන කවුරුත් නෙමෙයි ඔබව සනසන්නේ මමයි.+ එහෙමනම් මැරිලා යන මිනිසාට ඔබ බය වෙන්නේ ඇයි?+තණකොළ ගහක් වගේ වේළිලා යන මනුස්සයෙක්ට ඔබ බය වෙන්නේ ඇයි? 13  ඔබව හදපු තැනැත්තා+ වන යෙහෝවාව ඔබ අමතක කළේ ඇයි?අහස දිගහැරපු,+ පොළොවේ අත්තිවාරම් දාපු තැනැත්තාව අමතක කළේ ඇයි? ඔබට පීඩා කළ කෙනාට ඔබව විනාශ කරන්න බලය තියෙනවා කියලා හිතාගෙනදවස පුරාම ඔබ ඔහුගේ කේන්තියට බයෙන් හිටියා. ඔබට හිරිහැර කරපු ඒ කේන්තිකාරයා දැන් කොහෙද? 14  අත් පා දම්වැල්වලින් බැඳලා පහතට නැමිලා ඉන්න කෙනාව ඉක්මනින්ම නිදහස් කරනවා.+ඔහු මැරෙන්නෙවත් මිනී වළට යන්නෙවත් නැහැ.ඔහුට කෑම හිඟ වෙන්නෙත් නැහැ. 15  යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්.මුහුද කලඹලා එහි රළ පහර දරුණු කරන්නේ මමයි.+මාව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ 16  මගේ වචන මම ඔබේ මුවින් තියනවා.මගේ දෑතේ සෙවණෙන් ඔබව වහගන්නවා.+එහෙම කරන්නේ අහස නියමිත තැන පිහිටුවන්නයි. පොළොවේ අත්තිවාරම දාන්නයි.+‘ඔබ මගේ සෙනඟ’+ කියලා සියොන්ට කියන්නයි. 17  අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා. ඔබ මුළු කුසලානයම බිව්වා.වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+ 18  ඔබට මඟ පෙන්නන්න ඔබ බිහි කරපු පුතුන්ගෙන් එක් කෙනෙක්වත් නැහැ.ඔබේ අතින් අල්ලගන්න ඔබ ඇතිදැඩි කරපු එක පුතෙක්වත් නැහැ. 19  මේ දේවල් දෙකට මුහුණ දෙන්න ඔබට වෙනවා. විනාශයට සහ පාළු කිරීමටත් සාගතයට සහ කඩුවටත් ඔබට මුහුණ දෙන්න වෙයි.+ ඔබට අනුකම්පා කරන්න ඉන්නේ කවුද? ඔබව සනසන්න ඉන්නේ කවුද?+ 20  ඔබේ පුතුන් ක්ලාන්ත වෙලා ඇද වැටිලා.+ හැම මංසන්ධියකම ඔවුන් බිම වැතිරිලා ඉන්නවා.ඔවුන් හරියට දැලකට අහු වුණ සතුන්* වගේ. යෙහෝවාගේ කේන්තියත් ඔබේ දෙවියන්ගේ දඬුවමත් ඔවුන් උපරිමයෙන් අද්දැක්කා.” 21  ස්ත්‍රිය, ඔබ හිරිහැර විඳපු මත් වෙලා ඉන්න කෙනෙක් වගේ. ඒත් ඔබ මත් වෙලා ඉන්නේ වයින් නිසා නෙමෙයි.අනේ, දැන් මේ දේට සවන් දෙන්න. 22  ඔබේ ස්වාමීන් වන යෙහෝවා, තම සෙනඟ වෙනුවෙන් සටන් කරන ඔබේ දෙවියන් මෙහෙම කියනවා. “වැනිවැනී යන්න සලස්වන කුසලානය මම ඔබේ අතින් ගන්නවා.+මගේ කේන්තිය කියන කුසලානයෙන්ඔබ ආයේ කවදාවත් බොන්නේ නැහැ.+ 23  මම ඒක ඔබට වධ හිංසා කරන අයගේ අතට දෙනවා.+‘ඔබව පාගගෙන යන්න බිම දිගා වෙන්න’ කියලා ඔවුන් ඔබට කිව්වා. ඉතින් ඔබට ඔබේ පිට බිම වගෙත්ඔවුන්ට ඇවිදගෙන යන්න පාරක් වගෙත් කරගන්න සිද්ධ වුණා.”

පාදසටහන්

හෝ, “බලය.”
හෝ, “මඟ පෙන්වීම්.”
හෝ සමහරවිට, “පණුවෙක්.”
මූ.අ., “වල් බැටළුවන්.”