යෙසායා 52:1-15

  • සියොන්, අවදි වෙන්න! (1-12)

    • ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද අලංකාරයි (7)

    • සියොන්වල මුරකරුවෝ එකතු වෙලා කරන ඝෝෂාව (8)

    • යෙහෝවාගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන අය පවිත්‍රව ඉන්න ඕනේ (11)

  • යෙහෝවාගේ සේවකයාව උසස් කරයි (13-15)

    • පෙනුම විකෘති කරයි (14)

52  අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්‍ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+   යෙරුසලම, දැන් දූවිලි ගොඩෙන් නැඟිටින්න. දූවිලි ගහලා දාලා ඇවිත් ඉඳගන්න. වහලෙක් වෙලා හිටිය සියොන් දියණිය, ඔබේ බෙල්ලට දාපු විලංගු ගලවලා දාන්න.+   යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඔබව විකුණුවේ මුදලකට නෙමෙයි.+ඔබව මුදවගන්නෙත් මුදලකට නෙමෙයි.”+   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “මුලදී මගේ සෙනඟ විදේශිකයන් විදිහට ජීවත් වෙන්න ඊජිප්තුවට ගියා.+ඊටපස්සේ ඇසිරියාව කිසිම හේතුවක් නැතුව ඔවුන්ට හිරිහැර කළා.”   “මං මොනවාද මේකට කරන්නේ” කියලා යෙහෝවා කියනවා. “මොකද මගේ සෙනඟව අරන් ගියේ මුදලක් ගෙවලා නෙමෙයි. ඔවුන්ව පාලනය කරන අය ආඩම්බරෙන් ඒ ගැන කියවනවා”+ කියලා යෙහෝවා කියනවා.“දවස ගාණේ මගේ නමට අගෞරව කරනවා.+   ඒ හේතුව නිසා මගේ සෙනඟට මගේ නම ගැන අවබෝධ වෙයි.+මොකද කතා කරන්නේ මමයි කියලා එදාට ඔවුන් තේරුම්ගනියි. මේ දේ කියන්නේ මමයි.”   ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද, කඳු මත තියෙන ඔහුගේ පාද කොච්චර අලංකාරද!+ඔහු සාමය ගැන ප්‍රකාශ කරයි.+හොඳ දේවල් ගැන ශුභාරංචියක් කියයි.ඔහු ගැලවීම ගැන ප්‍රකාශ කරයි.ඔහු සියොන්ට “ඔබේ දෙවියන් රජ වෙලා”+ කියලා කියයි.   ඇහුම්කන් දෙන්න! ඔබේ මුරකරුවෝ හඬ නඟා කතා කරයි. ඔවුන් එකතු වෙලා සතුටින් කෑගහයි.මොකද යෙහෝවා සියොන්ව ආපහු එකතු කරද්දී ඔවුන් ඒක පැහැදිලිව දකියි.*   යෙරුසලමේ නටබුන් වුණ තැන් සියල්ලෙනි,+ සතුටු වෙන්න. එකට එකතු වෙලා ප්‍රීති ඝෝෂා නඟන්න.මොකද යෙහෝවා ඔහුගේ සෙනඟව සැනසුවා.+ ඔහු යෙරුසලම මුදවගත්තා.+ 10  යෙහෝවා සියලු ජාතීන්ට ඔහුගේ ශුද්ධ හස්තය දකින්න සැලැස්සුවා.+අපේ දෙවියන් තමන්ගේ සෙනඟව ගලවගන්න විදිහ* පොළොවේ ඉන්න හැමෝම දකියි.+ 11  අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න. 12  ඔබට එහෙන් කලබලෙන් පිටතට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ.ඔබට පලා දුවන්න වෙන්නෙත් නැහැ.මොකද යෙහෝවා ඔබට ඉදිරියෙන් යනවා.+ඊශ්‍රායෙල්ගේ දෙවියන් ඔබට පිටුපසින් ඇවිත් ඔබව ආරක්ෂා කරනවා.+ 13  බලන්න! මගේ සේවකයා+ හොඳ අවබෝධයකින් වැඩ කරයි. ඔහුව උසස් කරයි.ඔහුට ඉහළ තැනක් දෙයි. ඔහුව හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් කරයි.+ 14  හැම මනුස්සයෙක්ටම වඩා ඔහුගේ පෙනුම විකෘති කළා.ඔහුගේ කඩවසම් පෙනුම මිනිස්සුන්ගේ පෙනුමට වඩා අවලස්සන කළා.ඒ නිසා හුඟදෙනෙක් පුදුමයෙන් ඔහු දිහා බලාගෙන හිටියා. 15  ඒ විදිහටම ඔහු බොහෝ ජාතීන්ව+ පුදුම කරයි. ඔවුන් බයෙන් ගැස්සෙයි. රජවරු ඔහු ඉදිරියේ කටවල් පියාගනියි.*+මොකද කවුරුත් ඔවුන්ට කියපු නැති දේවල් ඔවුන් දකියි.ඔවුන් අහලා තිබුණේ නැති දේවල් ගැන හිතලා බලයි.+

පාදසටහන්

මූ.අ., “ශක්තිය පැලඳගන්න.”
හෝ, “ඇස් දෙකෙන්ම දකියි.”
හෝ, “අපේ දෙවියන් ජය ගන්න විදිහ.”
හෝ, “රජවරුන්ට කියන්න දෙයක් නැති වෙයි.”