යෙසායා 54:1-17

  • වඳ ස්ත්‍රියක් වුණ සියොන්ට ගොඩක් පුතුන් ලැබෙයි (1-17)

    • යෙහෝවා සියොන්ට ස්වාමිපුරුෂයෙක් වෙයි (5)

    • සියොන්ගේ දරුවන්ට යෙහෝවා උගන්වයි (13)

    • සියොන්ට විරුද්ධව හදන ආයුධ සාර්ථක වෙන්නේ නැහැ (17)

54  “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+ කවදාවත් ප්‍රසව වේදනා නොවිඳපු තැනැත්තිය,+ සතුටු වෙන්න! සතුටින් කෑගහන්න!+මොකද ස්වාමිපුරුෂයෙක්* ඉන්න ස්ත්‍රියට වඩාඅත්හැරපු ස්ත්‍රියට බොහෝ පුතුන්* ඉන්නවා”+ කියලා යෙහෝවා දෙවියන් කියනවා.   “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැරහැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කරන්න. කූඤ්ඤත් සවිමත් විදිහට ගහන්න.+   මොකද ඔබේ මායිම් දකුණටත් වමටත් පැතිරිලා යයි. ඔබෙන් පැවතෙන අය ජාතීන්ව යටත් කරගනියි.පාළුවට ගිය නගරවල ඔවුන් පදිංචි වෙයි.+   බය වෙන්න එපා.+ මොකද ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ.+ඔබ නින්දාවට පත් වෙලා කියලා හිතන්න එපා. මොකද ඔබට අගෞරව කරන්නේ නැහැ. තරුණ කාලේදී ඔබ අද්දැක්ක ලැජ්ජාව ඔබට අමතක වෙයි.වැන්දඹුවක් විදිහට ඔබ අද්දැක්ක නින්දාව ආයේ කවදාවත් ඔබට සිහි වෙන්නේ නැහැ.”   “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+ මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+   යෙහෝවා ඔබට අඬගහද්දී ඔබ හිටියේ අත්හැරලා දාපු බිරිඳක් වගෙයි. ඔබ හිටියේ ශෝකයෙන් සහ වේදනාවෙන්.+හරියට තරුණ වයසේදී විවාහ වෙලා අත්හැරලා දාපු බිරිඳක් වගේ” කියලා ඔබේ දෙවියන් කියනවා.   “මම මොහොතකට ඔබව අත්හැරියා.ඒත් මම ඔබට මහත් දයාවක් පෙන්නලා ඔබව ආපහු මං ළඟට ගන්නවා.+   මම ලොකු කේන්තියකින් මොහොතකට මගේ මූණ ඔබෙන් ඉවතට හරවගත්තා.+ඒත් සදා නොමියන මගේ ආදරය* නිසා මම ඔබට දයාව පෙන්නනවා.”+ එහෙම කියන්නේ ඔබේ මිදුම්කරු+ වන යෙහෝවායි.   “ඒක හරියට නෝවාගේ කාලේ සිද්ධ වුණ දේ වගෙයි.+ නෝවාගේ දවස්වලදී ඇති වුණා වගේ ජලගැල්මක් ආයේ ඇති වෙන්නේ නැහැ කියලා මම දිවුරලා පොරොන්දු වුණා.+ඒ විදිහටම මම දිවුරලා කියනවා ආයේ ඔබ එක්ක කේන්ති ගන්නෙවත් ඔබට දඬුවම් කරන්නෙවත් නැහැ කියලා.+ 10  කඳු අයින් කරලා දායි.හෙල් දෙදරුම් කයි.ඒත් මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නනවා. ඒක කවදාවත් නවත්තන්නේ නැහැ.+මම ඔබ එක්ක ඇති කරගත්ත සාම ගිවිසුමත් කවදාවත් කැඩිලා යන්නේ නැහැ”+ කියලා ඔබට දයාව පෙන්නන තැනැත්තා වන යෙහෝවා+ කියනවා. 11  “අනේ, දුක් පීඩා විඳින තැනැත්තිය,+ කුණාටුවකට අහු වෙලා ඒ මේ අත වීසි වෙන, සනසන්න කවුරුත් නැති තැනැත්තිය,+මම ඔබව ගල් සහ බදාම දාලා ගොඩනඟනවා.ඔබේ අත්තිවාරම නිල් මැණික්වලින් දානවා.+ 12  ඔබේ පවුරු රතු කැටවලිනුත්ඔබේ දොරටු ගින්දර වගේ දීප්තිමත් ගල්වලිනුත්ඔබේ මායිම් සියල්ල වටින මැණික්වලිනුත් මම ගොඩනඟනවා. 13  ඔබේ දරුවන්* හැමෝම යෙහෝවාගෙන් ඉගෙනගන්න අයයි.+ඔවුන් නිමක් නැති සමාදානයක් අද්දකියි.+ 14  ධර්මිෂ්ඨකම මාර්ගයෙන් ඔබව ස්ථිරව පිහිටුවයි.+ කිසිම කෙනෙක් ඔබට හිංසා කරන්නේ නැහැ.+ඔබ කිසිම දේකට බය වෙන්නේ නැහැ. බයෙන් වෙවුලන්න හේතුවක් නැහැ.මොකද බයගන්වන කිසිම දෙයක් ඔබට ළං වෙන්නෙවත් නැහැ.+ 15  කවුරු හරි ඔබට පහර දුන්නොත්ඒ මගේ අණ පිට නෙමෙයි. ඔබට පහර දෙන්න එන ඕනෙම කෙනෙක් පරාජය වෙනවා.”+ 16  “බලන්න! කම්මල්කරුව හැදුවේ මමයි.ඔහු ගිනි අඟුරු අවුළුවලාආයුධයක් හදයි. ආයුධවලින් විනාශයක් කරන කෙනාව හැදුවෙත් මමයි.+ 17  ඔබට විරුද්ධව හදන කිසිම ආයුධයක් කොහොමටවත් සාර්ථක වෙන්නේ නැහැ.+ඔබව විනිශ්චය කරන්න ඔබට විරුද්ධව කට අරින හැමෝවම බොරුකාරයෝ කියලා ඔබ ඔප්පු කරයි. යෙහෝවා වන මගේ සේවකයන්ට මම දෙන උරුමය ඒකයි.මම ඔවුන්ව සලකන්නේ නිර්දෝෂ අය විදිහටයි” කියලා යෙහෝවා කියනවා.+

පාදසටහන්

හෝ, “දරුවන්.”
හෝ, “ස්වාමියෙක්.”
හෝ, “ස්වාමියෙක්.”
හෝ, “නොසැලෙන ආදරය.”
මූ.අ., “පුතාලා.”