යෙසායා 55:1-13

  • වියදමක් නොදරා කන්න බොන්න කරන ආරාධනය (1-5)

  • යෙහෝවාවත් ඔහුගේ විශ්වාසවන්ත වචනයත් හොයන්න (6-13)

    • දෙවියන් වැඩ කරන විදිහ මිනිස්සු වැඩ කරන විදිහට වඩා උසස් (8, 9)

    • දෙවියන් කියන දේ අනිවාර්යයෙන් ඉටු වෙනවා (10, 11)

55  පිපාසෙන් ඉන්න සියල්ලෙනි,+ එන්න! ඇවිත් වතුර ගන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම අරන් කන්න. එන්න, මුදල් නොගෙවා වයින් සහ කිරි ගන්න.+ ඇවිත් වියදමක් නොදරා+ ඒවා ගන්න.   බඩගින්න නිවන්න බැරි කෑම වෙනුවෙන් ඔබ මුදල් ගෙවන්නේ ඇයි?කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැති දේවල් වෙනුවෙන් ඔබ උපයන දේවල්* වැය කරන්නේ ඇයි? මට හොඳින් ඇහුම්කන් දීලා හොඳම දේ කන්න.+එහෙම කළොත් ඔබට පුළුවන් රසවත්ම කෑම කාලා ලොකු තෘප්තියක් ලබන්න.+   හොඳට ඇහුම්කන් දෙන්න. මං ළඟට එන්න.+ මට සවන් දෙන්න. එහෙම කළොත් ඔබේ ජීවිතය රැකෙයි.මම හරිම කැමැත්තෙන් ඔබ එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+ඒක දාවිත්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න මම වුණ පොරොන්දුවට එකඟයි. ඒ පොරොන්දුව විශ්වාසවන්තයි.+   බලන්න! මම ඔහුව ජාතීන්ට සාක්ෂිකරුවෙක් විදිහටත්+නායකයෙක්+ සහ අධිපතියෙක්+ විදිහටත් පත් කළා.   බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.එහෙම එන්නේ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+   යෙහෝවාව හඳුනගන්න අවස්ථාව තියෙද්දී ඔහු ගැන හොයන්න.+ ඔහු ළඟින් ඉන්න කාලේදී ඔහුට කන්නලව් කරන්න.+   දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+   “මොකද ඔබ හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ.+ඔබ වැඩ කරන විදිහට වඩා මම වැඩ කරන විදිහ ගොඩක් වෙනස්” කියලා යෙහෝවා කියනවා.   “අහස පොළොවට වඩා ගොඩක් ඉහළින් තියෙනවා වගේ,මම වැඩ කරන විදිහ ඔබ වැඩ කරන විදිහට වඩා ගොඩක් උසස්.මම හිතන විදිහ ඔබ හිතන විදිහට වඩා ශ්‍රේෂ්ඨයි.+ 10  වැස්ස සහ හිම අහසින් පොළොවට වැටිලාපොළොව සම්පූර්ණයෙන්ම තෙමන කල් ඒක ආපහු අහසට යන්නේ නැහැ.ඒ තෙතමනය නිසා පැළ හටගනියි. ගස් වැල්වලින් පලදාව ලැබෙයි. වපුරන්න බීජත් කෑමත් ලැබෙයි. 11  මගේ මුවින් පිට වෙන මගේ වචනයත් ඒ වගේමයි.+ ඒක අවශ්‍ය දේ ඉටු කරන්නේ නැතුව මං ළඟට හැරිලා එන්නේ නැහැ.+මං කියන විදිහටම මං කැමති දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+මං බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම වෙනවා. 12  ඔබ සතුටින් පිටතට එනවා.+ඔබව සමාදානයෙන් ආපහු අරගෙන එනවා.+ ඔබ එද්දී කඳු හෙල් ප්‍රීති ඝෝෂා නඟමින් සතුටු වෙයි.+දේශයේ ගස් කොළන් අත්පුඩි ගහයි.+ 13  කටු පඳුරු වෙනුවට ජුනිපර් ගසුත්+වල් පැළෑටි වෙනුවට මරඳ ගසුත් හටගනියි. ඒ හැම දේකින්ම යෙහෝවාට ලොකු ප්‍රසිද්ධියක්* ලැබෙයි.+ඒවා කවදාවත් නැති නොවන ලකුණක් වෙයි.”

පාදසටහන්

හෝ, “දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි.”
හෝ, “කැමැත්තෙන්ම.”
හෝ, “හොඳ නමක්.”