යෙසායා 56:1-12

  • විදේශිකයන් සහ වඳ පුරුෂයන් අද්දකින ආශීර්වාද (1-8)

    • හැමෝම වෙනුවෙන් තියෙන යාච්ඤා ගෘහයක් (7)

  • අන්ධ මුරකරුවෝ, බුරන්න බැරි බල්ලෝ (9-12)

56  යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “යුක්තිගරුකව ජීවත් වෙන්න.+ හරි දේ කරන්න.මොකද මම ඉක්මනින් ගැලවීම ලබා දෙනවා.මම මගේ ධර්මිෂ්ඨකම හෙළි කරනවා.+   ඒ විදිහට ජීවත් වෙන මිනිසා,අත්හරින්නේ නැතුව ඒ මාර්ගයේම ගමන් කරන මිනිසා සන්තෝෂවත්.සබත කඩ නොකර ඒක පවත්වන කෙනා සන්තෝෂවත්.+කිසිම නපුරු දෙයක් නොකරන කෙනා සන්තෝෂවත්.   යෙහෝවාට නමස්කාර කරන විදේශිකයා,+‘යෙහෝවා අනිවාර්යයෙන්ම මාව ඔහුගේ සෙනඟ අතරින් වෙන් කරයි’ කියලා කියන එකෙන් වළකින්න ඕනේ. වඳ පුරුෂයා, ‘බලන්න! මම වේළිලා ගිය ගහක් වගෙයි’ කියලා කියන එකෙන් වළකින්න ඕනේ.”  මොකද යෙහෝවා නියම කරපු සබත් දවස් පවත්වන, ඔහු කැමති දේ කරන්න තීරණය කරන, ඔහුගේ ගිවිසුම රකින වඳ පුරුෂයන්ට ඔහු මෙහෙම කියනවා.   “මගේ ගෘහය ඇතුළේ, මගේ ගෘහය වටේ තියෙන තාප්ප ඇතුළේ මම ඔවුන්ට සිහිවටනයක් සහ නමක් දෙනවා.ඒක දූපුතුන්ටත් වඩා වටිනවා. හැමදාටම තියෙන නමක් මම ඔවුන්ට දෙනවා.ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ.   යෙහෝවාට සේවය කරන්නත්යෙහෝවාගේ නාමයට ආදරය කරන්නත්+ඔහුගේ සේවකයන් වෙන්නත් ඔහු ළඟට එන විදේශිකයන්ව,සබත කඩ නොකර ඒක පවත්වන,මගේ ගිවිසුම අත්හරින්නේ නැතුව ඒක රකින ඔවුන් හැමෝවම,   ඔව්, ඔවුන්වත් මම මගේ ශුද්ධ කන්දට ගේනවා.+මගේ යාච්ඤා ගෘහයේදී ඔවුන්ට සතුටු වෙන්න සලස්වනවා. මගේ පූජාසනයේ ඔවුන් ඔප්පු කරන දවන පූජා සහ අනිත් පූජා මම සතුටින් භාරගන්නවා. මොකද මගේ ගෘහය හැම ජාතියකටම අයිති මිනිස්සු වෙනුවෙන් තියෙන යාච්ඤා ගෘහයක් විදිහට හඳුන්වනවා.”+  විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව ආපහු එකතු කරන,+ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම එකතු කරපු මේ සෙනඟට අමතරව තවත් අයව ඔවුන්ට එකතු කරනවා.”+   එළිමහනේ ඉන්න වනසතුන් සියල්ලෙනි,කැලෑවල ඉන්න සතුන් සියල්ලෙනි, ඇවිත් කන්න!+ 10  ඔහුගේ මුරකරුවන් අන්ධයි.+ වෙන්න පුළුවන් දේවල් ගැන ඔවුන්ට කිසිම ගාණක් නැහැ.+ ඔවුන් හැමෝම බුරන්න බැරි බල්ලෝ වගේ.+ ඔවුන් හති දමදම බිම වැතිරිලා ඉන්නවා. ඔවුන්ගේ එකම ආශාව නිදාගන්න එකයි. 11  ඔවුන් කෑදර බල්ලන් වගේ.ඔවුන් කොච්චර කෑවත් කවදාවත් තෘප්තියට පත් වෙන්නේ නැහැ. ඔවුන් කිසිම අවබෝධයක් නැති එඬේරු.+ ඔවුන් හැමෝම හිතුමනාපෙට වැඩ කරනවා.ඒ හැම කෙනෙක්ම තමන්ගේ වාසිය වෙනුවෙන් මෙහෙම කියනවා. 12  “එන්න, මම වයින් ටිකක් ගේන්නම්.එන්න, අපි බොමු. වෙරි වෙන කල්ම මත්පැන් බොමු.+ හෙට දවසත් අද වගේම වෙයි. අදටත් වඩා හෙට හොඳ වෙයි.”

පාදසටහන්