යෙසායා 57:1-21

  • ධර්මිෂ්ඨ කෙනාත් විශ්වාසවන්ත අයත් නැති වෙලා යනවා (1, 2)

  • ඊශ්‍රායෙල්වරු ගණිකාවක් වගේ වැඩ කළා කියලා හෙළි වෙයි (3-13)

  • අසරණ අයට ලැබෙන සහනය (14-21)

    • දුෂ්ට අය කැලඹුණු මුහුද වගේ (20)

    • දුෂ්ටයන්ට නම් කිසිම සමාදානයක් නැහැ (21)

57  ධර්මිෂ්ඨ කෙනා විනාශ වෙලා ගියත්කිසිම කෙනෙක්ට ඒ ගැන ගාණක්වත් නැහැ. විශ්වාසවන්තව ඉන්න අය නැති වෙලා යනවා.*+විපත නිසයි* ධර්මිෂ්ඨ කෙනා මිය යන්නේ කියලාකිසිම කෙනෙක් තේරුම්ගන්නේ නැහැ.   ඔහුට සමාදානය ලැබෙනවා. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන හැමෝම මිනී වළේ සැනසීමෙන් සැතපෙනවා.   “ඒත් ඔබ, මන්තරකාරියගේ පුතුන් වන ඔබ,අනාචාරයේ යෙදෙන පුරුෂයෙක්ගේ සහ ගණිකාවකගේ දරුවන් වන ඔබ,මෙහෙට එන්න.   ඔබ විහිළුවට ගන්නේ කාවද? කට ඇරලා දිව දික් කරලා විහිළුවට ලක් කරන්නේ කාවද? ඔබ පව්කාරයන්ගේ දරුවෝ නෙමෙයිද?බොරුකාරයන්ගේ ළමයි+ නෙමෙයිද?   විශාල ගස්+ අතරේ, සරුවට වැඩුණු හැම ගහක් යටම+ඔවුන් රාගයෙන් මත් වෙලා ඉන්නවා.ඔවුන් දරුවන්ව නිම්නවල+පර්වත අතරේ මරලා දැම්මා.   නිම්නවල තියෙන සිනිඳු ගල්වලටයි ඔබ කැමති. ඒවා තමයි ඔබ තෝරගත්ත කොටස.+ ඔබ පාන පූජා ඒ ගල් මත වත් කරනවා. ඒවාට තෑගි පූජා දෙනවා.+මේ දේවලින් මම සතුටු වෙන්නද?   උස කන්දක් මුදුනේ ඔබ ඔබේ යහන සූදානම් කළා.+පූජා ඔප්පු කරන්න ඔබ එතනට ගියා.+   දොරටත් උළුවස්සටත් පිටිපස්සේ ඔබ සිහිවටනයක්* හදාගත්තා. ඔබ මාව අත්හැරියා. ඔබ ඔබේ ඇඳුම් ගලවලා දැම්මා.ඔබ එතනට නැඟලා ගිහින් ඔබේ යහන තවත් විශාල කරගත්තා. ඔබ ඔබේ පෙම්වතුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඔවුන් එක්ක යහනේ වැතිරිලා ඉන්න ඔබ ආස වුණා.+පුරුෂ ලිංගය* දිහා ඔබ බලාගෙන හිටියා.   ඔබ තෙල් අරගෙන මෙලෙක්* ළඟට ගියා.බඳුන් සුවඳ තෙල්වලින් පුරවගෙන ඔහු ළඟට ගියා. ඔබ දුර ඈත පැතිවලට ඔබේ නියෝජිතයන්ව යැව්වා.ඔබ කොච්චර පහතට වැටුණාද කියනවා නම් මිනී වළටම බැස්සා. 10  ඔබ එක එක පාරවල්වල යන්න සෑහෙන්න මහන්සි වුණා.ඒත් ‘මේකෙන් වැඩක් නැහැ’ කියලා ඔබ කිව්වේ නැහැ. ඔබට අලුත් පණක් ලැබුණා. ඒ නිසයි ඔබ ඒක අත්හරින්නේ නැත්තේ.* 11  ඔබ කාට බය වෙලාද බොරු කියන්න පටන්ගත්තේ?+ඔබට මාව සිහි වුණේ නැහැ.+ ඔබ කිසිම දෙයක් හිතට ගත්තේ නැහැ.+ මම නිහඬව හිටියේ නැද්ද? මුකුත් නොකර හිටියේ නැද්ද?+ ඒ නිසා ඔබ මට කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ. 12  ඔබ කොයි තරම් ධර්මිෂ්ඨද+ කියලා මම පෙන්නන්නම්. ඔබ කරන දේවලුත්+ මම හෙළි කරනවා.ඒ කිසිම දේකින් ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.+ 13  උදව් ඉල්ලලා ඔබ අඬා වැලපෙද්දීඔබ එකතු කරගත්ත රූප නම් ඔබව ගලවගන්නේ නැහැ.+ ඒ හැම එකක්ම සුළඟට ගහගෙන යයි.එක හුස්මකට ඒවා වීසි වෙලා යයි.ඒත් මගේ රැකවරණයට එන කෙනා දේශය උරුම කරගනියි.මගේ ශුද්ධ කන්ද අයිති කරගනියි.+ 14  කෙනෙක් මෙහෙම කියයි. ‘පාරක් හදන්න! මාර්ගය සූදානම් කරන්න!+ මගේ සෙනඟ ගමන් කරන මාර්ගයේ තියෙන හැම බාධාවක්ම ඉවත් කරන්න.’” 15  උසස්ම තැනැත්තාණන්,සදහටම ජීවත් වෙන,+ ශුද්ධයි කියන නම දරන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. “මම ජීවත් වෙන්නේ ඉහළින්ම තියෙන ශුද්ධ තැනක.+ඒත් දුකෙන් හිත් බර වෙලා ඉන්න, අසරණ අය එක්කත් මම ඉන්නවා.එහෙම කරන්නේ අසරණයන්ව ප්‍රාණවත් කරන්නයි.දුකෙන් හිත් බර වෙලා ඉන්න අයට අලුත් පණක් ලබා දෙන්නයි.+ 16  මම හැමදාමත් ඔවුන්ට විරුද්ධව ඉන්නේ නැහැ.ඔවුන් එක්ක කේන්තියෙන් ඉන්නේ නැහැ.+එහෙම කළොත් මම නිසා මිනිස්සු සිහි නැතුව ඇද වැටෙයි.+මම හදපු පණ ඇති ජීවීන් පවා ඇද වැටෙයි. 17  ඔහු කරපු වරද නිසා, වංචාවෙන් දේවල් උපයන එක පස්සේම ගිය නිසා+ මට ඔහු එක්ක කේන්ති ගියා.ඉතින් මම ඔහුට පහර දුන්නා. මම මගේ මූණ ඔහුගෙන් හරවගත්තා. මම ඔහු එක්ක කේන්තියෙන් හිටියා. ඒත් ඔහු කැරලිකාරයෙක්+ වගේ දිගටම තමන්ගේ හිතේ කැමැත්තට අනුව වැඩ කළා. 18  ඔහු කරන දේවල් මම දැක්කා.ඒත් මම ඔහුව සුව කරනවා.+ ඔහුට මඟ පෙන්නලා+ඔහුවත් ඔහු එක්ක ශෝකයෙන් ඉන්න අයවත්+ සනසනවා.”+ 19  “ප්‍රශංසාව ගේන වචන* මම මුවින් තියනවා. දුර ඈත ඉන්න කෙනාටත් ළඟ ඉන්න කෙනාටත් නිමක් නැති සමාදානය දෙනවා”+ කියලා යෙහෝවා කියනවා.“මම ඔහුව සුව කරනවා.” 20  “ඒත් දුෂ්ට අය සන්සුන් වෙන්නේ නැති කැලඹුණු මුහුද වගේ.මුහුද ඒකේ තියෙන කුණුරොඩු සහ මඩ ආයේ ආයේ උඩට ගේනවා. 21  දුෂ්ටයන්ට නම් කිසිම සමාදානයක් නැහැ”+ කියලා මගේ දෙවියන් කියනවා.

පාදසටහන්

ඒ කියන්නේ මැරිලා යනවා.
හෝ සමහරවිට, “විපතෙන් ගැලවෙන්නයි.”
සමහරවිට රූප නමස්කාරයට පාවිච්චි කරපු දෙයක් වෙන්න ඇති.
මෙතන කතා කරන්නේ රූප නමස්කාරය ගැන වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “රජ.”
මූ.අ., “ඔබ වෙහෙසට පත් වෙන්නේ නැත්තේ.”
මූ.අ., “තොල්වල පල.”