යෙසායා 58:1-14

  • හරි විදිහට සහ බොරුවට නිරාහාරව ඉන්න එක (1-12)

  • සබත් දවසෙන් ලොකු සතුටක් ලබන්න (13, 14)

58  “හයියෙන් කෑ මොර ගහන්න. නොනවත්වාම කෑගහන්න. හොරණෑවක් වගේ ඔබේ හඬ වැඩි කරන්න. මගේ සෙනඟට ඔවුන්ගේ කැරලිකාරකම ගැන දන්වන්න.+යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ඔවුන්ගේ වැරදි ගැන කියන්න.   ඔවුන් හැම දවසකම මාව හොයාගෙන එනවා.මගේ මාර්ග ගැන දැනගන්න සතුටුයි කියලා කියනවා.ඔවුන් හරියට ධර්මිෂ්ඨව ජීවත් වෙන ජාතියක් වගෙයි.තමන්ගේ දෙවියන්ගේ නීති අත්හැරියේ නැති පිරිසක් වගෙයි.+ දෙවියන්ට ළං වෙන්න හරිම ආසාවෙන් ඉන්න පිරිසක්+ වගේ,ඔවුන් සාධාරණ තීන්දු දෙන්න කියලා මගෙන් ඉල්ලනවා.   ඔවුන් මෙහෙම කියනවා. ‘අපි නිරාහාරව ඉද්දී ඔබට අපිව පේන්නේ නැත්තේ ඇයි?+ අපි අපේ ශරීරවලට දුක් දෙද්දී ඔබට ඒක පේන්නේ නැත්තේ ඇයි?’+ එහෙම කළේ ඔබ නිරාහාරව ඉන්න දවසේ ඔබ ඔබේම ආශාවන් පස්සේ ගිය නිසයි.ඔබේ සේවකයන්ට හිරිහැර කරපු නිසයි.+   ඔබ නිරාහාරව ඉන්න දවස් ඉවර වෙන්නේ රණ්ඩු දබරවලින්.හිතක් පපුවක් නැතුව කරන පහර දීම්වලින්. මේ විදිහට නිරාහාරව ඉඳලා හිතන්න එපා ඔබේ හඬ ස්වර්ගයට ඇහෙයි කියලා.   නිරාහාරව ඉන්න කියලා මං කියපු දවස් ඔබ ගත කරන්නේ මෙහෙමද?ඔබ හිතනවාද නිරාහාරව ඉන්න දවසේ ඔබේ ශරීරයට දුක් දෙන එක විතරක් ඇතියි කියලා?නැමුණු පන් ගහක් වගේ ඔළුව නවාගෙන ඉන්න එක,ගෝණි රෙදි සහ අළු මත වැතිරිලා ඉන්න එක විතරක් ඇතියි කියලා? ඔබ නිරාහාරව ඉන්නවා කියලා කියන දවස් ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා ඔබ හිතනවාද?   නැහැ. නිරාහාරව ඉන්න කියලා මං කියපු දවස් ඔබ ගත කරන්න ඕනෙ මේ විදිහටයි. අසාධාරණ විදිහට දාලා තියෙන විලංගු අයින් කරන්න.බැඳලා තියෙන වියගහ ලිහලා දාන්න.+පීඩා විඳින අයව නිදහස් කරන්න.+හැම වියගහක්ම දෙකට කඩන්න.   බඩගින්නේ ඉන්න අය එක්ක ඔබේ රොටි බෙදාගන්න.+ඉන්න හිටින්න තැනක් නැති දුප්පත් අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.ඇඳුම් නැති අයට ඇඳුම් දෙන්න.+ඔබේම සහෝදරයාට පිටු පාන එක නවත්තන්න.   එහෙම කරනවා නම් ඔබේ ආලෝකය අලුයම් ආලෝකය වගේ බැබළෙයි.+ඔබ ඉක්මනින්ම සුවය ලබයි. ඔබේ ධර්මිෂ්ඨකම ඔබට ඉදිරියෙන් ගමන් කරයි.යෙහෝවාගේ තේජස ඔබ පිටුපසින් ඇවිත් ඔබට ආරක්ෂාව ලබා දෙයි.+   ඔබ කන්නලව් කරද්දී යෙහෝවා ඔබට පිළිතුරු දෙයි.ඔබ උදව් ඉල්ලද්දී ‘ඔබේ උදව්වට මම ඉන්නවා’ කියලා ඔහු කියයි. ඔබ අන් අය මත දාපු වියගහ අහක් කරනවා නම්,ඇඟිල්ල දික් කරලා අපහාස කරන විදිහට කතා කරන එක නවත්තනවා නම්,+ 10  ඔබ ආසම දේවල් බඩගින්නේ ඉන්න අයට දෙනවා නම්,+පීඩිත අයගේ අවශ්‍යතා ඉටු කරනවා නම්,ඔබේ ආලෝකය අඳුරු තැනකදී වුණත් දීප්තිමත්ව බැබළෙයි.අන්ධකාරය ඔබට මහ දවාල වගේ වෙයි.+ 11  යෙහෝවා නිරතුරුවම ඔබට මඟ පෙන්නයි.ඔබ වියළි දේශයක හිටියත් ඔහු ඔබව බලාගනියි.+ඔබේ ඇටවලට සවියක් ලබා දෙයි.ඔබ හරියට හොඳට වතුර ලැබෙන උයනක් වගේ වෙයි.+කවදාවත් හිඳිලා යන්නේ නැති දිය උල්පතක් වගේ වෙයි. 12  ඔවුන් ඔබ වෙනුවෙන් අතීත නටබුන් ආයෙත් ගොඩනඟයි.+පරම්පරා ගාණක් තිස්සේ තිබුණ අත්තිවාරම් ඔබ ආයෙත් ගොඩනඟයි.+ කැඩුණු පවුරු අලුත්වැඩියා කරන+ තැනැත්තා කියලා ඔබව හඳුන්වයි.මිනිස්සුන්ට මඟ දෙපස ජීවත් වෙන්න පුළුවන් විදිහට මංමාවත් ගොඩනඟන තැනැත්තා කියලත් ඔබව හඳුන්වයි. 13  සබත් නීතියට කීකරු වෙලා මම ශුද්ධ දවසක් විදිහට වෙන් කරපු දවසේදී ඔබ කැමති දේවල් පස්සේ යන එකෙන් වැළකිලා ඉන්නවා නම්,+සබත් දවස ලොකු සතුටක් ලබන දවසක්, යෙහෝවා වෙනුවෙන් වෙන් කරපු ශුද්ධ දවසක් සහ ගෞරවනීය දවසක් විදිහට සලකනවා නම්,+ඔබ කැමති දේවල් පස්සේ යන්නෙවත් තේරුමක් නැති දේවල් කියව කියව ඉන්නෙවත් නැතුව ඒක වැදගත් දවසක් විදිහට සලකනවා නම්, 14  යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න ඔබට පුළුවන් වෙයි.පොළොවේ කඳු හෙල්වල පාලනය මම ඔබට දෙනවා.+ ඔබේ මුතුන්මිත්තා වන යාකොබ්ගේ උරුමයෙන් මම ඔබව පෝෂණය කරනවා.+ඒ දේ කියන්නේ යෙහෝවායි.”

පාදසටහන්