යෙසායා 59:1-21

  • ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි නිසා එයාලා දෙවියන්ගෙන් ඈත් වෙයි (1-8)

  • වැරදි පිළිගනියි (9-15අ)

  • පසුතැවිලි වෙන අය වෙනුවෙන් යෙහෝවා මැදිහත් වෙයි (15ආ-21)

59  ඔබව බේරගන්න බැරි තරමට යෙහෝවා දෙවියන්ගේ අත කොට නැහැ.+ඔබව ඇහෙන්නේ නැති විදිහට ඔහුගේ කන් බිහිරි වෙලා නැහැ.+   ඔබේ දෙවියන් සහ ඔබ අතරේ භේදයක් ඇති වුණේ ඔබේම වැරදි නිසයි.+ ඔහු ඔබෙන් ඔහුගේ මූණ හරවගෙන ඉන්නේ ඔබ කරපු වැරදි නිසයි.ඔබට සවන් දෙන්න ඔහු කැමති නැහැ.+   ඔබේ දෑත් ලේවලිනුත්+ඔබේ ඇඟිලි වැරදි දේවලිනුත් අපවිත්‍ර වෙලා. ඔබේ තොල්වල තියෙන්නෙම බොරුව.+ දිව අග තියෙන්නෙම අධර්මිෂ්ඨකම.   හරි දේ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.+නඩුවකට යන කිසිම කෙනෙක් අවංක නැහැ. ඔවුන් විශ්වාසය තියන්නේ පලක් නැති* දේවල් මත.+ ඔවුන් කතා කරන්නේ කිසි වැඩක් නැති දේවල් ගැනයි. ඔවුන් නපුර පිළිසිඳගෙන දුෂ්ටකම බිහි කරනවා.+   ඔවුන් විෂකුරු සර්පයන්ගේ බිත්තර රකිනවා.මකුළුවෙක්ගේ දැල වියනවා.+ ඒ සර්ප බිත්තර කන ඕනෙම කෙනෙක් මැරෙනවා.පොඩි වෙන බිත්තරවලින් පොළොංගු එනවා.   ඔවුන් වියන මකුළු දැල් ඇඳුමක් විදිහට පාවිච්චි කරන්න බැහැ.ඔවුන් හදන දේ ඔවුන්ට වැස්මක් වෙන්නෙත් නැහැ.+ ඔවුන්ගේ වැඩ හරිම දුෂ්ටයි.ඔවුන්ගේ දෑත්වලින් ඔවුන් කරන්නෙම දරුණු අපරාධ.+   ඔවුන් දුෂ්ටකම් කරන්න දුවලා යනවා.නිදොස් ලේ හලන්න ඉක්මන් වෙනවා.+ ඔවුන්ට තියෙන්නෙම නපුරු සිතුවිලි.ඔවුන් යන්නේ හානියක් සහ විනාශයක් කරන්නයි.+   සමාදානයට යන මඟ ඔවුන් දන්නෙවත් නැහැ.ඔවුන්ගේ පිය සටහන්වල යුක්තිය ගෑවිලවත් නැහැ.+ ඔවුන් හදාගන්නේ ඇද වුණ පාරවල්.ඒවාවලට අඩිය තියන කිසිම කෙනෙක් සමාදානය ගැන දන්නෙවත් නැහැ.+   ඒ නිසයි යුක්තිය අපෙන් දුරස් වෙලා තියෙන්නේ.ධර්මිෂ්ඨකම අපිව හොයාගෙන එන්නේ නැත්තේ. අපි ආලෝකය උදා වෙන කල් බලාගෙන හිටියත් තියෙන්නේ අන්ධකාරය විතරයි.දීප්තිමත් දවසක් දිහා බලාගෙන හිටියත් අපි ගමන් කරන්නේ ගන අඳුරේ.+ 10  අපි තාප්පයක් අල්ලගෙන ඇවිදින අන්ධයන් වගෙයි.ඇස් පේන්නේ නැති අය වගේ අපි අත පත ගගා ඇවිදිනවා.+ හරියට අඳුරේ පැටලිලා වැටෙන අය වගේ අපි මහ දවාලේ පැටලිලා වැටෙනවා.ශක්තිමත් අය අතරේ ඉද්දී අපි හරියට මැරුණ අය වගෙයි. 11  අපි වලස්සු වගේ කෑ මොර දෙනවා.කොබෙයියන් වගේ කෙඳිරිගානවා. අපි යුක්තිය දිහා බලාගෙන හිටියත් එහෙම දෙයක් දකින්නවත් නැහැ.ගැලවීම දිහා බලාගෙන හිටියත් ඒක අපෙන් දුරස් වෙලා. 12  අපි ඔබ ඉදිරියේ ගොඩක් කැරලිගැහුවා.+අපි කරපු හැම වරදක්ම අපිට විරුද්ධව සාක්ෂි දෙනවා.+ අපි කැරලිගහපු විදිහත්අපේ වැරදිත් අපි හොඳින් දන්නවා.+ 13  අපි ගොඩක් වැරදි කළා. යෙහෝවාව ප්‍රතික්ෂේප කළා.අපේ දෙවියන්ට අපි පිටු පෑවා. අපි කතා කළේම අනිත් අයට පීඩා කරන එක ගැනයි. කැරලිගහන එක ගැනයි.+බොරු ගොතන්නේ කොහොමද කියලමයි අපි හිතුවේ. ඊටපස්සේ අපි ඒ බොරු කිව්වා.+ 14  යුක්තිය පන්නලා දාලා.+ධර්මිෂ්ඨකම පේන මානෙකවත් නැහැ.+අවංකකම* මංසන්ධිවල ඇද වැටිලා.හරි දේට ඇතුළට එන්නවත් බැහැ. 15  සත්‍යය* අතුරුදහන් වෙලා.+නරක දෙයින් ඈත් වෙන ඕනෙම කෙනෙක්ව කොල්ල කනවා. යුක්තිය ඉටු වෙන්නේ නැහැ+ කියලා යෙහෝවා දැක්කා.ඒ ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. 16  පියවරක් ගන්න කිසිම කෙනෙක් නැහැ කියලා ඔහු දැක්කා.ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙන්න කවුරුත් නැති එක ගැන ඔහු පුදුම වුණා.ඔහු ඔහුගෙම අතින් ගැලවීම ලබා දුන්නා.*ඔහුගේ ධර්මිෂ්ඨකම පියවර ගන්න ඔහුව පෙලඹුවා. 17  ඉතින් ඔහු යුද ඇඳුමක් වගේ ධර්මිෂ්ඨකම පැලඳගත්තා.ගැලවීම* කියන හිස්වැස්ම පැලඳගත්තා.+ ඇඳුමකින් සැරසෙනවා වගේ වරදට නිසි ප්‍රතිඵල දෙන්න ඔහු සැරසුණා.+ඔහු සළුවක් දානවා වගේ උද්‍යෝගය පැලඳගත්තා. 18  ඔවුන් කරපු දේවලට අනුව ඔහු ඔවුන්ට ප්‍රතිඵල දෙයි.+ ඔහුට විරුද්ධව වැඩ කරන අය ඔහුගේ කේන්තිය අද්දකියි. ඔහුගේ සතුරන් දඬුවම් ලබයි.+ දූපත්වලටත් ඔහු නිසි ප්‍රතිඵල දෙයි. 19  බස්නාහිර ඉන්න අය යෙහෝවාගේ නමට ගරුබිය දක්වයි.නැඟෙනහිර ඉන්න අය ඔහුගේ තේජස නිසා ඔහුට ගරුබිය දක්වයි.මොකද යෙහෝවා වේගයෙන් ගලන ගඟක් වගේ එයි.ඒ ගඟ ඔහුගේ බලයෙන් වේගයෙන් ඉදිරියටම ගලාගෙන එයි. 20  “සියොන්වලට මිදුම්කරු+ එයි.+වැරදිවලින් ඉවත් වෙන යාකොබ්ගෙන් පැවතෙන අය ළඟට ඔහු එයි”+ කියලා යෙහෝවා කියනවා. 21  යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔවුන් එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි.+ මම ඔබට දුන්න මගේ බලයත් ඔබේ මුවින් තිබ්බ මගේ වචනත් ඔබේ මුවින් අයින් වෙන්නේ නැහැ. ඒවා ඔබේ දරුවන්ගේ මුවින්වත් ඔබේ මුනුපුරු මිනිපිරියන්ගේ මුවින්වත් අයින් වෙලා යන්නේ නැහැ. අද ඉඳන් හැමදාටම ඒවා ඒ විදිහටම තියෙයි.” එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.

පාදසටහන්

හෝ, “හිස්.”
හෝ, “සත්‍යය.”
හෝ, “අවංකකම.”
හෝ, “ජය ලබාගත්තා.”
හෝ, “ජයග්‍රහණය.”