යෙසායා 6:1-13

  • යෙහෝවා ඔහුගේ මාලිගාවේ ඉන්න දර්ශනයක් (1-4)

    • “යෙහෝවා ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි” (3)

  • යෙසායාගේ තොල් පවිත්‍ර කරයි (5-7)

  • යෙසායාට පැවරුමක් දෙයි (8-10)

    • “මම යන්න කැමතියි! මාව යවන්න!” (8)

  • “අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් මෙහෙම තියෙයිද?” (11-13)

6  උසියා රජ මැරුණ අවුරුද්දේදී+ යෙහෝවා දෙවියන් සිංහාසනයක ඉඳගෙන ඉන්න දර්ශනයක් මම දැක්කා. ඒ සිංහාසනය තිබුණේ ගොඩක් ඉහළින්.+ ඔහු ඇඳගෙන හිටපු ඇඳුමෙන් දේවමාලිගාව වැහිලා ගියා.  ඔහු වටේට සෙරාෆ්වරු හිටියා. ඒ එක් එක් කෙනාට පියාපත් හය ගාණේ තිබුණා. ඔවුන් පියාපත් දෙකකින් මූණත් තවත් පියාපත් දෙකකින් කකුලුත් වහගෙන හිටියා. අනිත් පියාපත් දෙකෙන් පියාසර කළා.   සෙරාෆ්වරු එක් කෙනෙක් තව කෙනෙක්ට ශබ්ද නඟා මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.+ මුළු පොළොවම ඔහුගේ තේජසින් පිරිලා.”  ඒ හඬට* දේවමාලිගාවේ උළුවහු දෙදරුම් කෑවා. දේවමාලිගාව දුමෙන් පිරිලා ගියා.+   එතකොට මම මෙහෙම කිව්වා. “අනේ! මම අනිවාර්යයෙන්ම මැරෙයි.මොකද මම පව්කාරයෙක්. මගේ කටින් පිට වෙන වචනත් අපවිත්‍රයි.අනික මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර වචන කියන මිනිස්සු අතරේ.+මම මගේ ඇස් දෙකෙන්ම රජව, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාව දැක්කා!”  ඒ වෙලාවේ සෙරාෆ්වරුන්ගෙන් එක් කෙනෙක් පූජාසනයේ+ තිබුණ ගිනි අඟුරක් අඬුවකින් අරගෙන මං ළඟට පියාසර කරගෙන ආවා.+  ඔහු මගේ කට ඒකෙන් ස්පර්ශ කරලා මෙහෙම කිව්වා. “බලන්න! මම මේකෙන් ඔබේ තොල් ස්පර්ශ කළා. ඔබේ වැරදි දැන් අයින් කළා.ඔබේ පව්වලට සමාව ලැබුණා.”  ඊටපස්සේ යෙහෝවා මෙහෙම කියනවා මට ඇහුණා. “මම යවන්නේ කාවද? අපි වෙනුවෙන් යන්නේ කවුද?”+ ඉතින් මම මෙහෙම කිව්වා. “මම යන්න කැමතියි! මාව යවන්න!”+   ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “ගිහින් මේ සෙනඟට මේ පණිවිඩේ කියන්න. ‘ඔබ මේ දේවල් ආයේ ආයේ ඇහුවත්ඒක තේරුම්ගන්නේ නැහැ.මේවා ආයේ ආයේ දැක්කත්ඒක කොහොමටවත් අවබෝධ කරගන්නේ නැහැ.’+ 10  මේ සෙනඟගේ හිත මුරණ්ඩු කරවන්න.+ඔවුන්ගේ කන් වහන්න.+ඇස් පියවන්න.එතකොට කිසිම දෙයක් දකින්නවත්කිසිම දෙයක් අහන්නවත් ඔවුන්ට බැරි වෙයි.කිසිම දෙයක් හිතට ගන්නවත් හැරිලා ඇවිත් සුවයක් ලබන්නවත් ඔවුන්ට බැරි වෙයි.”+ 11  එතකොට මම මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් මෙහෙම තියෙයිද?” ඔහු මට මෙහෙම උත්තර දුන්නා. “නගර විනාශ වෙලා, කිසිම කෙනෙක් නැති නටබුන් ගොඩක් වෙන කල්ම,ගෙවල්වල මිනිස්සු නැතුව,මුළු දේශයම නාස්ති වෙලා, පාළු වෙලා යන කල්ම මේ විදිහට තියෙයි.+ 12  යෙහෝවා මිනිස්සුන්ව ඈත දේශයකට පන්නලා දාන කල්ම,+ පාළුවට ගිය දේශය නැත්තටම නැති වෙලා යන කල්ම මේ විදිහට තියෙයි. 13  “ඒත් සෙනඟගෙන් දහයෙන් කොටසක් දේශයේ ඉතුරු වෙනවා. ඒ කොටසත් ආයේ පුච්චලා දානවා. ඊශ්‍රායෙල් සෙනඟ හරියට ලොකු ගහක් වගේ. ගහ කපලා දැම්මාම කඳේ කොටසක් ඉතුරු වෙනවා. ඒකෙන් ශුද්ධ රිකිල්ලක්* හටගනියි.”

පාදසටහන්

මූ.අ., “ශබ්ද නඟා කතා කරපු කෙනාගේ හඬට.”
හෝ, “පැවතෙන ශුද්ධ කෙනෙක්.”