යෙසායා 60:1-22

  • යෙහෝවාගේ තේජස සියොන් මත බැබළෙයි (1-22)

    • කූඩුවලට පියාඹන කොබෙයියන් වගේ (8)

    • තඹ වෙනුවට රත්තරන් (17)

    • කුඩා තැනැත්තා දහසක් වෙයි (22)

60  “ස්ත්‍රිය,+ නැඟිටින්න! ආලෝකය විහිදුවන්න! මොකද ඔබට ආලෝකය උදා වෙලා. යෙහෝවා දෙවියන්ගේ තේජස ඔබ මත බැබළෙනවා.+   මොකද පොළොව අන්ධකාරයෙන් වැහිලා යයි.ගන අඳුර ජාතීන්ව වෙළාගනියි.ඒත් ඔබ මත යෙහෝවා ඔහුගේ ආලෝකය බබළවයි.ඔහුගේ තේජස ඔබෙන් දකින්න පුළුවන් වෙයි.   ජාතීන් ඔබේ ආලෝකයට ඇදිලා එයි.+දීප්තිමත්ව බැබළෙන ඔබේ තේජසට*+ රජවරු+ ඇදිලා එයි.   ඔබේ ඇස් ඇරලා වටපිට බලන්න! ඔවුන් හැමෝවම එකට රැස් කරලා. ඔවුන් එන්නේ ඔබ ළඟටයි. දුර ඈත ඉඳන් ඔබේ පුතුන් වැල නොකැඩී එනවා.+ඔබේ දූවරුන්ව උකුළේ තියාගෙන එනවා.+   ඒ කාලේදී මේක දැකලා ඔබේ මුහුණ සතුටින් බැබළෙයි.+ඔබේ සිත සතුටින් පිරිලා ඉතිරිලා යයි.මොකද මුහුදේ සම්පත් ඔබ වෙතට ගලාගෙන එයි.ජාතීන්ගේ වස්තු ඔබ ළඟට ගෙන එයි.+   රංචු පිටින් එන ඔටුවන්ගෙන්,මිදියන්වලින් සහ ඒෆාවලින්+ එන ශක්තිමත් ඔටුවන්ගෙන් ඔබේ දේශයම පිරිලා යයි. ෂෙබාවලින් විශාල පිරිසක් එයි.රත්තරන් සහ කට්ටකුමංජල් අරගෙන ඔවුන් එයි. ඔවුන් ප්‍රසිද්ධියේ යෙහෝවාට ප්‍රශංසා කරයි.+   කේදාර්වරුන්ගේ+ හැම සත්ව රැළක්ම එකට එකතු කරලා ඔබ වෙතට අරන් එයි. නෙබායොත්වරුන්ගේ+ බැටළුවන්ව ඔබ ළඟට ගෙනෙයි. උන්ව මගේ පූජාසනය උඩ ඔප්පු කරද්දී මම ඒවා පිළිගන්නවා.+තේජසින් බැබළෙන මගේ ගෘහය මම අලංකාර කරනවා.+   වලාකුළු වගේ එන මේ අය කවුද?කූඩුවලට පියාඹන කොබෙයියන් වගේ එන මේ අය කවුද?   දූපත් මං ගැන බලාපොරොත්තු තියයි.+තර්ෂිෂ් නැව් ඉදිරියෙන්ම එයි.ඒවා දුර ඈත ඉන්න ඔබේ පුතුන්ව රැගෙන එනවා.+ඔවුන්ගේ රන් සහ රිදීත් රැගෙන එනවා.ඔවුන් එන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්නයි.මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.*+ 10  විදේශිකයන් ඔබේ පවුරු ගොඩනඟයි.ඔවුන්ගේ රජවරු ඔබට සේවය කරයි.+මොකද මම කේන්තියෙන් ඔබට පහර දුන්නා.ඒත් මම ඔබ ගැන සතුටු වෙන නිසා ඔබට දයාව පෙන්නනවා.+ 11  ඔබේ දොරටු නිතරම විවෘත කරලා තියෙයි.+රෑ දවල් දෙකේම ඒවා වහන්නේ නැතුව තියෙයි.එහෙම කරන්නේ ජාතීන්ගේ වටින වස්තු ඔබ වෙතට රැගෙන එන්නයි.ඔවුන්ගේ රජවරු ඒ වෙනුවෙන් පෙරමුණ ගනියි.+ 12  ඔබට සේවය නොකරන ඕනෙම ජාතියක්, ඕනෙම රාජ්‍යයක් නැති වෙලා යනවා.ජාතීන් සහමුලින්ම විනාශ වෙලා යනවා.+ 13  ලෙබනොන්වල අලංකාර ගස් ඔබ වෙතට ගෙනෙයි.+මගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන්නජුනිපර්, ඈෂ් සහ සයිප්‍රස් ගස් ඔබ වෙතට ගෙනෙයි.+මගේ පා පුටුව මම ගෞරවයට පත් කරනවා.+ 14  ඔබට පීඩා කරපු අයගේ දරුවෝ ඔබ ළඟට ඇවිත් ඔබ ඉදිරියේ දණ නමයි.ඔබට අගෞරව කරන අය ඔබේ පාමුල වැටෙයි.ඔවුන්ට සිද්ධ වෙයි ඔබව යෙහෝවාගේ නුවර කියලත්ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට අයිති සියොන්+ කියලත් හඳුන්වන්න. 15  ඔබව අත්හැරලා දැම්මා. ඔබ වෛරයට ලක් වුණා. මිනිස්සු ඔබ හරහා යන එන එක නතර කළා.+ඒ වුණත් මම ඔබව හැමදාටම මිනිස්සුන්ගේ ප්‍රශංසාව ලබන තැනක් කරනවා.පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගේ සතුටට හේතු වෙන තැනක් කරනවා.+ 16  ඔබ ජාතීන්ගේ කිරි උරා බොයි.+රජවරුන්ගේ ළයෙන්* පෝෂණය වෙයි.+යෙහෝවා වන මම ඔබේ ගැලවුම්කරු කියලා එදාට ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.යාකොබ්ගේ බලවත් තැනැත්තා ඔබේ මිදුම්කරු කියලා ඔබ දැනගනියි.+ 17  මම තඹ වෙනුවට රත්තරනුත්යකඩ වෙනුවට රිදීත්ලී වෙනුවට තඹත්ගල් වෙනුවට යකඩත් ගේනවා.මම සමාදානය, ඔබව රැකබලා ගන්න අය විදිහටත්ධර්මිෂ්ඨකම, වැඩ පවරන අය විදිහටත් පත් කරනවා.+ 18  ඔබේ දේශයේදී ප්‍රචණ්ඩ දේවල් ගැන ආයේ අහන්න ලැබෙන්නේ නැහැ.ඔබේ දේශ සීමා ඇතුළේ විනාශයක් ගැනවත් විපත්තියක් ගැනවත් අහන්න ලැබෙන්නේ නැහැ.+ ඔබේ පවුරු ගැලවීම කියලත්+ ඔබේ දොරටු ප්‍රශංසාව කියලත් හඳුන්වයි. 19  දවාලේදී ඔබට තවදුරටත් ආලෝකය ලැබෙන්නේ හිරුගෙන් නෙමෙයි.රාත්‍රියේදී ඔබට එළිය ලැබෙන්නේ බැබළෙන සඳුගෙන් නෙමෙයි.යෙහෝවා සදහටම ඔබට ආලෝකයක් වෙයි.+ඔබේ දෙවියන් ඔබේ අලංකාරය වෙයි.+ 20  ඔබේ හිරු ආයේ බැස යන්නේ නැහැ.ඔබේ සඳුගේ ආලෝකය නැති වෙන්නේ නැහැ.යෙහෝවා සදහටම ඔබේ ආලෝකය වෙයි.+ඔබ වැලපෙන දවස් අවසන් වෙලා තියෙයි.+ 21  ඔබේ සෙනඟ හැමෝම ධර්මිෂ්ඨ අය වෙයි.ඔවුන් දේශය සදහටම උරුම කරගනියි. රිකිල්ලක් වන ඔවුන්ව පැළ කළේ මමයි.ඔවුන්ව මගේම අත්වලින් හැදුවේ+ මට ගෞරවයක් ගේන්නයි.+ 22  කුඩා තැනැත්තා දහසක් වෙයි.දුර්වල තැනැත්තා බලවත් ජාතියක් වෙයි. යෙහෝවා වන මම නියම කාලෙට මේ හැම දෙයක්ම වේගයෙන් සිද්ධ වෙන්න සලස්වනවා.”

පාදසටහන්

හෝ, “ඔබේ අරුණාලෝකයට.”
හෝ, “අලංකාර කරයි.”
මූ.අ., “පියයුරුවලින්.”