යෙසායා 61:1-11

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්න අභිෂේක කරයි (1-11)

    • ‘යෙහෝවා දයාව පෙන්නන කාලය’ (2)

    • “ධර්මිෂ්ඨකම කියන පල හටගන්න විශාල ගස්” (3)

    • විදේශිකයන් උදව්වට එයි (5)

    • “යෙහෝවා දෙවියන්ගේ පූජකයන්” (6)

61  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය මට දුන්නා.+මොකද නිහතමානී අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යෙහෝවා මාව අභිෂේක කළා.+ ඔහු මාව එව්වේ බිඳුණු සිත් ඇති අයගේ තුවාල සුව කරන්නයි.වහලුන්ට නිදහස ලැබෙනවා කියලත්හිරකරුවන්ගේ ඇස් පෑදෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි.+   යෙහෝවා නිහතමානී අයට දයාව පෙන්නන කාලය ගැන ප්‍රකාශ කරන්නයි.අපේ දෙවියන් ඔහුගේ සතුරන්ට දඬුවම් කරන කාලය ඇවිල්ලා+ කියලා ප්‍රකාශ කරන්නයි.ශෝකයෙන් ඉන්න සියල්ලන්ව සනසන්නයි.+   ඔහු මාව එව්වේ සියොන් ගැන ශෝකයෙන් ඉන්න අයව රැකබලා ගන්නයි.අළු වෙනුවට ඔවුන්ට හිස් පලඳනාවක් දෙන්නත්ශෝකය වෙනුවට ප්‍රීතිය කියන තෛලය ආලේප කරන්නත්කලකිරීම වෙනුවට ප්‍රශංසාව කියන ඇඳුම අන්දවන්නත් ඔහු මාව එව්වා. ධර්මිෂ්ඨකම කියන පල හටගන්න විශාල ගස් විදිහට ඔවුන්ව හඳුන්වයි.ඔවුන්ව පැළ කළේ යෙහෝවායි. ඒ දේ කළේ ඔහුට ගෞරවයක් ගේන්නයි.+   ඔවුන් අතීත නටබුන් ආයෙත් ගොඩනඟයි.කාලයක් තිස්සේ විනාශ වුණ තැන් ආයෙත් ඉදි කරයි.+ඔවුන් පාළුවට ගිය නගර,පරම්පරා ගාණක් තිස්සේ පාළුවට ගිය තැන් ආපහු ගොඩනඟයි.+   “නාඳුනන අය ඇවිත් ඔබේ රැළවල් බලාගනියි.විදේශිකයන්+ ඔබ වෙනුවෙන් වගා කරයි. ඔබේ මිදිවතු බලාගනියි.+   ඔබව යෙහෝවා දෙවියන්ගේ පූජකයන් කියලා හඳුන්වයි.+ඔවුන් ඔබව අපේ දෙවියන්ගේ සේවකයන් කියලා හඳුන්වයි. ඔබ ජාතීන්ගේ සම්පත් ප්‍රයෝජනයට ගනියි.+ඔවුන්ගේ වස්තු* ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරයි.   ලැජ්ජාව වෙනුවට ඔබට ආශීර්වාද දෙගුණයක් ලැබෙයි.නින්දාව වෙනුවට ඔවුන් තමන්ට ලැබෙන උරුමය ගැන සතුටින් කෑගහයි. ඔවුන්ගේ දේශයෙන් කොටස් දෙකක් ඔවුන්ට ලැබෙයි.+ ඔවුන් සදහටම සතුටින් ඉඳියි.+   මොකද යෙහෝවා වන මම යුක්තියට ප්‍රිය කරනවා.+හොරකමත් අධර්මිෂ්ඨකමත් මම පිළිකුල් කරනවා.+ ඔවුන්ගේ කුලිය මම විශ්වාසවන්තව ඔවුන්ට ලබා දෙනවා.මම ඔවුන් එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+   ඔවුන්ගේ දරුවන් ජාතීන් අතරෙත්+ඔවුන්ගෙන් පැවතෙන අය මිනිස්සු අතරෙත් ප්‍රසිද්ධ වෙයි. ඔවුන් යෙහෝවා ආශීර්වාද කරපු අයගෙන් පැවතෙන අය+ කියලාඔවුන්ව දකින හැමෝම හඳුනගනියි.” 10  මම යෙහෝවා ගැන සතුටින් ඉපිල යනවා. මගේ හිතත් ගතත් මගේ දෙවියන් ගැන ප්‍රීතියෙන් පිරිලා ඉතිරිලා යනවා.+ මොකද ගැලවීම කියන වස්ත්‍ර ඔහු මට ඇන්දුවා.+ධර්මිෂ්ඨකම කියන සළුව ඔහු මට පැලඳුවා.මම පූජකයෙක් පලඳින විදිහේ හිස්වැස්මක් පැලඳගෙන ඉන්න මනාලයෙක් වගෙයි.+ආභරණවලින් සැරසිලා ඉන්න මනාලියක් වගෙයි. 11  පොළොව අලුත් පැළෑටි බිහි කරනවා වගෙත්උයන, එහි වපුරපු බීජ දලුලන්න සලස්වනවා වගෙත්ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවාසියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකමත්+ ප්‍රශංසාවත් හටගන්න+ සලස්වනවා.

පාදසටහන්

හෝ, “තේජස.”