යෙසායා 62:1-12

  • සියොන්ට අලුත් නමක් දෙයි (1-12)

62  මම සියොන්ව ආදරයෙන් සිහි කරන නිසා නිහඬව ඉන්නේ නැහැ.+යෙරුසලම ගැන සිහි කරන නිසා නිහඬව බලන් ඉන්නේ නැහැ.ඇගේ ධර්මිෂ්ඨකම දීප්තිමත්ව බැබළෙන කල්+ඇගේ ගැලවීම පහනක් වගේ දැල්වෙන කල්+ මම නිහඬව ඉන්නේ නැහැ.   “ස්ත්‍රිය,+ ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමත්රජවරු ඔබේ තේජසත් දකියි.+ ඔබව අලුත් නමකින් හඳුන්වයි.+යෙහෝවා දෙවියන්ම ඒ නම ඔබට දෙයි.   ඔබ යෙහෝවාගේ අතේ තියෙන අලංකාර ඔටුන්නක් වගෙත්ඔබේ දෙවියන්ගේ අතේ තියෙන රාජකීය හිස්වැස්මක් වගෙත් වෙයි.   ඔබව ආයේ කවදාවත් අත්හැරපු ස්ත්‍රියක් කියලා හඳුන්වන්නේ නැහැ.+ඔබේ දේශය පාළුවට ගිය තැනක් කියලා ආයේ කවදාවත් කියන්නේ නැහැ.+ ඒ වෙනුවට ඔබව ‘මම ඇය ගැන සතුටු වෙනවා’ කියන නමින් හඳුන්වයි.+ඔබේ දේශය ‘විවාහ වුණ තැනැත්තිය’ කියලා හඳුන්වයි. මොකද යෙහෝවා ඔබ ගැන සතුටු වෙයි.ඔබේ දේශය විවාහ වුණ තැනැත්තියක් වගේ වෙයි.   තරුණයෙක් තරුණියක්ව විවාහ කරගන්න විදිහටඔබේ පුතාලා ඔබව විවාහ කරගනියි. මනාලිය ගැන සතුටු වෙන මනාලයෙක් වගේඔබේ දෙවියන් ඔබ ගැන සතුටු වෙයි.+   යෙරුසලම, මම ඔබේ පවුරුවලට මුරකරුවන්ව පත් කළා. දිවා රෑ දෙකේම ඔවුන්ට නිහඬව ඉන්න අවසර නැහැ. යෙහෝවා ගැන කතා කරන සියල්ලෙනි,මුකුත් නොකර ඉන්න එපා.   ඔහු යෙරුසලම ස්ථිරව පිහිටුවන කල් ඔහුට දිගටම කන්නලව් කරන්න.ඔහු ඇයට පොළොවේ හැමෝගෙම ප්‍රශංසාව ලැබෙන්න සලස්වන කල්+ නිහඬ නොවන්න.”   යෙහෝවා ඔහුගේ දකුණත ඔසවලා, ඔහුගේ බලවත් හස්තය ඔසවලා දිවුරලා මෙහෙම පොරොන්දු වුණා. “මම ආයේ ඔබේ ධාන්‍යවලින් කන්න සතුරන්ට ඉඩ දෙන්නේ නැහැ.ඔබ මහන්සි වෙලා පෙරපු අලුත් වයින් බොන්න විදේශිකයන්ට ඉඩ දෙන්නේ නැහැ.+   ධාන්‍ය රැස් කරන අයම ඒවා කෑමට ගනියි. ඔවුන් යෙහෝවාට ප්‍රශංසා කරයි.වයින් පෙරන අයම මගේ ශුද්ධ මළුවලදී ඒ වයින්වලින් බොයි.”+ 10  එළියට යන්න. දොරටුවලින් එළියට යන්න. සෙනඟට යන්න මාර්ගය එළිපෙහෙළි කරන්න.+ මාර්ගයක් හදන්න. මහා මාර්ගයක් හදන්න. ගල්, බොරලු ඉවත් කරන්න.+ සෙනඟට පේන්න සංඥාවක් ඔසවන්න.+ 11  යෙහෝවා පොළොවේ හතර කොනට ඇහෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. “සියොන් දියණියට මෙහෙම කියන්න.‘බලන්න! ඔබේ ගැලවීම අත ළඟයි!+ ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.’”+ 12  ඔවුන්ව යෙහෝවා මුදවගත්ත ශුද්ධ සෙනඟ විදිහට හඳුන්වයි.+ඔබව ‘උනන්දුවෙන් හොයපු, අත්හැරලා දැම්මේ නැති නගරය’+ කියලා හඳුන්වයි.

පාදසටහන්