යෙසායා 64:1-12

  • පසුතැවිලි වෙලා කරන යාච්ඤාවේ ඉතුරු කොටස (1-12)

    • “අපේ කුඹල්කරු” යෙහෝවායි (8)

64  ඔබ අහස දෙබෑ කරලා පොළොවට ආවා නම්,ඔබ ඉදිරියේ කඳු දෙදරුම් කයි.   ඔබ කැලෑව අවුළුවන ගින්නක් වගෙත්වතුර උතුරුවන ගින්නක් වගෙත් ආවා නම්,ඔබේ නාමය ගැන ඔබේ සතුරන් දැනගනියි.ජාතීන් ඔබ ඉදිරියේ බයෙන් වෙවුලයි.   අපි බලාපොරොත්තු වුණේ නැති බය උපදවන දේවල් ඔබ කළා.+ඔබ පොළොවට ආවා. ඔබ ඉදිරියේ කඳු දෙදරුම් කෑවා.+   ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න* අය වෙනුවෙන් පියවර ගන්න,+ඔබ වගේ දෙවි කෙනෙක් ගැන අතීතයේ ඉඳලා මේ වෙන කල්කිසිම කෙනෙක් අහලවත් දැකලවත් තේරුම් අරගෙනවත් නැහැ.   සතුටින් හරි දේ කරන,+ ඔබව සිහියේ තියාගෙන ඉන්න,ඔබ කැමති විදිහට ජීවත් වෙන අයට ඔබ ළං වුණා. ඒත් අපි දිගටම වැරදි කරපු නිසා ඔබට අපි එක්ක ගොඩක් කේන්ති ගියා.+අපි සෑහෙන කාලයක් එහෙම කළා. ඉතින් අපි ගැලවීම ලබන්න වටිනවාද?   අපි හැමෝම අපවිත්‍ර වෙලා ඉන්න කෙනෙක් වගේ.අපි කරන ධර්මිෂ්ඨ දේවල් හරියට අපවිත්‍ර රෙදිකඩක්* වගේ.+ අපි හැමෝම ගහක කොළයක් වගේ වේළිලා යනවා.අපේ වැරදි හුළඟ වගේ අපිව ඈතට අරන් යනවා.   ඔබේ නාමයට කන්නලව් කරන කවුරුත් නැහැ.ඔබේ උදව් ලබාගන්න කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ.මොකද ඔබ ඔබේ මූණ අපෙන් අහකට හරවගත්තා.+අපේ වැරදි නිසා ඔබ අපිව වැහැරිලා* යන්න සැලැස්සුවා.   යෙහෝවා දෙවියනි, ඔබයි අපේ පියාණන්.+ අපි නිකම්ම නිකම් මැටි පිඩක් වගේ. අපේ කුඹල්කරු* ඔබයි.+අපි හැමෝම ඔබේ අතින් හදපු බඳුන් වගෙයි.   අනේ යෙහෝවා, අපි එක්ක හුඟක් කේන්ති ගන්න එපා.+අපේ වැරදි හැමදාටම මතකයේ තියාගන්න එපා. අනේ, අපි දිහා බලන්න. අපි හැමෝම ඔබේ සෙනඟ කියලා අමතක කරන්න එපා. 10  ඔබේ ශුද්ධ නගර පාළුකරයක් වෙලා. සියොන් පාළුකරයක් වෙලා.යෙරුසලම පාළුවට ගිය තැනක් වෙලා.+ 11  අපේ පියවරු ඔබට ප්‍රශංසා කරපු අපේ ශුද්ධ ගෘහය,අපේ තේජවත් මාලිගාව ගිනිබත් කරලා.+අපි වටින දේවල් විදිහට සලකපු හැම දෙයක්ම නටබුන් වෙලා. 12  යෙහෝවා දෙවියනි, එච්චර දෙයක් වෙලා තියෙද්දීත් ඔබ මුකුත් නොකර බලාගෙන ඉන්නවාද? අපිට මේ තරම් දුක් විඳින්න ඉඩ දීලා ඔබ නිහඬව බලාගෙන ඉන්නවාද?+

පාදසටහන්

හෝ, “ඉවසීමෙන් බලන් ඉන්න.”
හෝ, “ඔසප් කාලේදී පාවිච්චි කරන රෙදිකඩක්.”
මූ.අ., “දිය වෙලා.”
හෝ, “අපිව හදපු කෙනා.”