යෙසායා 65:1-25

  • රූපවලට නමස්කාර කරන අයට යෙහෝවා දෙන තීන්දුව (1-16)

    • වාසනාවේ සහ ඉරණම තීරණය කරන දෙවිවරු (11)

    • “මගේ සේවකයන්ට කන්න කෑම තියෙයි” (13)

  • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (17-25)

    • ගෙවල් ගොඩනඟයි; මිදිවතු වවයි (21)

    • වෙහෙස මහන්සිය අපතේ යන්නේ නැහැ (23)

65  “මාව හඳුනගන්න උත්සාහයක් නොදරපු අයට මම කවුද කියලා හෙළි කරන්න මම කැමති වුණා.මගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැති අයට උත්තර දෙන්න මම කැමති වුණා.+ මගේ නාමයට කන්නලව් නොකරපු ජාතියකට ‘මේ බලන්න! මම ඔබ ළඟ ඉන්නවා’ කියලා මම කිව්වා.+   මුරණ්ඩු සෙනඟක් දිහාවට,+වැරදි මාර්ගයක යන,+හිතුමනාපෙට වැඩ කරන+ සෙනඟක් දිහාවට මම දෑත් දිගු කරගෙන දවස පුරා බලාගෙන හිටියා.   ඔවුන් මගේ මූණ ඉස්සරහම මාව කේන්ති ගස්සන දේවල් කරනවා.+ඔවුන් උයන්වල පූජා ඔප්පු කරනවා.+ ගඩොල් මත දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කරනවා.   ඔවුන් සොහොන් ගෙවල් අතරේ ඉඳගෙන ඉන්නවා.+රහසිගත තැන්වලට* වෙලා ඌරු මස් කකා+රාත්‍රිය ගත කරනවා.ඔවුන්ගේ කෑම භාජනවල තියෙන්නේ පිළිකුල්* දේවල්.+   ඔවුන් මෙහෙම කියනවා. ‘ඔහෙට වෙලා ඉන්න. මං ළඟට එන්න එපා.මම ඔයාට වඩා ශුද්ධයි.’* මේ හැම දෙයක්ම මගේ නහයට යන දුමක් වගේ. දවස පුරාම ඇවිළෙන ගින්නක් වගේ.   බලන්න! හැම දෙයක්ම මම ඉදිරියේ ලියලයි තියෙන්නේ.මම නිකන් බලාගෙන ඉන්නේ නැහැ.මම ඔවුන්ට දඬුවම් කරනවා.+ඔවුන් කරපු හැම දෙයක් වෙනුවෙන්ම මම ඔවුන්ට දඬුවම් කරනවා.   ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පියවරුන්ගේ වැරදිවලටත් මම දඬුවම් කරනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔවුන් කඳු මුදුන්වල දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කළා.+හෙල් මතදී මට නින්දා කළා.ඒ නිසා මම මුලින්ම කරන්නේ ඔවුන් කරපු හැම නපුරු දේකටම දඬුවම් කරන එකයි.”   යෙහෝවා මෙහෙම කියනවා. “අලුත් වයින් හදන්න පුළුවන් මිදිපොකුරක් දැක්කාම කෙනෙක් කියයි,‘ඒක වීසි කරන්න එපා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්’ කියලා. මගේ සේවකයන් වෙනුවෙන් මම කරන්නෙත් ඒ වගේ දෙයක්.මම ඔවුන් හැමෝවම විනාශ කරන්නේ නැහැ.+   මම යාකොබ්ගෙන් පෙළපතක් කැඳවනවා.මගේ කඳු උරුම කරගන්න යූදාගෙන් කෙනෙක්ව කැඳවනවා.+මම තෝරගත්ත අය දේශය උරුම කරගන්නවා.මගේ සේවකයෝ එහි වාසය කරයි.+ 10  ෂාරොන්+ බැටළුවන්ට තණබිමක් වෙයි.ආකොර්+ නිම්නය ගවයන් ලගින තැනක් වෙයි.මාව හඳුනගන්න උත්සාහ කරන මගේ සෙනඟ වෙනුවෙන් මම ඒ දේ කරනවා. 11  ඒත් ඔබ යෙහෝවාව අත්හැරපු,+මගේ ශුද්ධ කන්ද අමතක කරපු අය+ අතරේ හිටියා.වාසනාවේ දෙවියන්ට මේසයක් සූදානම් කරපු,ඉරණම තීරණය කරන දෙවියන් වෙනුවෙන් වයින් වත් කරපු අය අතරේ ඔබ හිටියා. 12  ඉතින් ඔබේ ඉරණම මම කඩුවට භාර දෙනවා.+මැරුම් කන්න ඔබ හැමෝම දණ නමයි.+මම ඔබට අඬගැහුවත් ඔබ මට පිළිතුරු දුන්නේ නැහැ.මම කතා කළත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ.+ඔබ දිගටම කළේ මම වැරදියි කියලා සලකන දේවල්මයි.ඔබ තෝරගත්තේ මම අකමැති දේවල්.”+ 13  ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මගේ සේවකයන්ට කන්න කෑම තියෙයි. ඒත් ඔබ බඩගින්නේ ඉඳියි.+ මගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් ඉඳියි. මගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යයි.+ ඒත් ඔබ ලැජ්ජාවට පත් වෙයි.+ 14  මගේ සේවකයන්ගේ හිතට දැනෙන සහනය නිසා ඔවුන් ප්‍රීති ඝෝෂා නඟයි.ඒත් ඔබ, ඔබේ හිතේ තියෙන වේදනාව නිසා අඬා වැලපෙයි.හිතේ තියෙන කනස්සල්ල නිසා විලාප තියයි. 15  ඔබෙන් ඉතුරු වෙන එකම දේ ඔබේ නම විතරයි. මම තෝරගත්ත අය ඒ නම ශාපයක් විදිහට පාවිච්චි කරයි.ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔබ සියලුදෙනාවම මරලා දානවා.ඒත් ඔහුගේ සේවකයන්ට ඔහු වෙනත් නමක් දෙනවා.+ 16  තමන්ට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන මිහිපිට ජීවත් වෙන ඕනෙම කෙනෙක්ටසත්‍යය පවසන* දෙවියන් ආශීර්වාද කරයි.දිවුරුමක් දෙන මිහිපිට ඉන්න ඕනෙම කෙනෙක්ඒ දිවුරුම දෙන්නේ සත්‍යය පවසන* දෙවියන් ගැන කියලයි.+ මොකද කලින් අද්දැක්ක කටුක දේවල් අමතක වෙලා යනවා.ආයේ මගේ ඇස් දෙකෙන් ඒවා දකින්නේ නැහැ.+ 17  බලන්න! මම අලුත් අහසක් සහ අලුත් පොළොවක් නිර්මාණය කරනවා.+කලින් සිද්ධ වුණ දේවල් ආයේ මතකයට එන්නේ නැහැ.ඒවා ආයේ හිතට බරක් වෙන්නේ නැහැ.+ 18  ඉතින් මම නිර්මාණය කරන දේ ගැන සතුටු වෙන්න. සදහටම ප්‍රීති ඝෝෂා නඟන්න. මම යෙරුසලම ගොඩනඟනවා.* ඒ ගැන සතුටු වෙන්න.ඇගේ සෙනඟ වෙනුවෙන් මං කරන දේ ගැනත් සතුටු වෙන්න.+ 19  මම යෙරුසලම ගැනත් මගේ සෙනඟ ගැනත් සතුටු වෙනවා.+ආයේ කවදාවත් ඇගෙන් අඬා වැලපෙන හඬක්වත් විලාප තියන හඬක්වත් ඇහෙන්නේ නැහැ.”+ 20  “ආයේ කවදාවත් අලුත උපන් බිලිඳෙක් දවස් කීපයක් ජීවත් වෙලා මිය යන්නේ නැහැ.කිසිම මහලු කෙනෙක් ආයු කාලය සම්පූර්ණ කරන්නේ නැතුව මිය යන්නේ නැහැ. අවුරුදු සීයක් ජීවත් වෙලා මිය යන කෙනාව සලකන්නේ කුඩා දරුවෙක් විදිහටයි.අවුරුදු සීයක් ජීවත් වුණ කෙනෙක් වුණත් වරදක් කළොත් ඔහු පිටට ශාපයක් එයි.* 21  ඔවුන් ගෙවල් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙයි.+මිදිවතු වවලා ඒවාවල පලදාව රස විඳියි.+ 22  ඔවුන් ගොඩනඟන ගෙවල්වල වෙනත් අය ජීවත් වෙන්නේ නැහැ.ඔවුන් වගා කරන මිදිවතුවල පලදාව වෙනත් අය කෑමට ගන්නේ නැහැ. මොකද මගේ සෙනඟගේ ආයු කාලය ගසක ආයු කාලය වගේ වෙයි.+මම තෝරගත්ත අය ඔවුන් කරන වැඩවලින් නියම සතුටක් ලබයි. 23  ඔවුන්ගේ වෙහෙස මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ.+ඔවුන් බිහි කරන දරුවන් විපත්ති අද්දකින්නේ නැහැ.මොකද ඔවුනුත් ඔවුන්ගෙන් පැවතෙන අයත්+එන්නේ යෙහෝවාගෙන් ආශීර්වාද ලබපු අයගෙනුයි.+ 24  ඔවුන් මට අඬගහන්නත් කලින් මම පිළිතුරු දෙනවා.ඔවුන් කන්නලව් කරකර ඉද්දීම මම ඔවුන්ට උත්තර දෙනවා. 25  වෘකයා බැටළු පැටවා එක්ක සමාදානයෙන් කෑම කයි.සිංහයා ගොනා වගේ පිදුරු කයි.+සර්පයාගේ කෑම වෙන්නේ දූවිලි. මගේ ශුද්ධ කන්දේදී කිසිම කෙනෙක්ට උන්ගෙන් අනතුරක් වෙන්නෙවත් හානියක් වෙන්නෙවත් නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

පාදසටහන්

හෝ සමහරවිට, “මුරපොළවල්වලට.”
හෝ, “අපවිත්‍ර.”
හෝ සමහරවිට, “මගේ ශුද්ධකම ඔයාට ලැබෙයි.”
හෝ, “විශ්වාසවන්ත.” මූ.අ., “ආමෙන්.”
හෝ, “විශ්වාසවන්ත.” මූ.අ., “ආමෙන්.”
මූ.අ., “නිර්මාණය කරනවා.”
හෝ සමහරවිට, “අවුරුදු සීයකට කලින් මැරෙන කෙනාව සලකන්නේ ශාප ලබපු කෙනෙක් විදිහටයි.”