යෙසායා 66:1-24

  • සැබෑ නමස්කාරය සහ බොරු නමස්කාරය (1-6)

  • සියොන් කියන මව සහ ඇගේ පුතුන් (7-17)

  • නමස්කාර කරන්න මිනිස්සු යෙරුසලමට රැස් වෙයි (18-24)

66  යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+   “හැම දෙයක්ම හැදුවේ මගේම අතින්.හැම දෙයක්ම ඇති වුණේ ඒ විදිහටයි” කියලා යෙහෝවා කියනවා.+ “ඒත් යටහත්පහත් අය දිහා, පසුතැවිලි වෙන අය දිහා,මගේ වචනයට බයක්* දක්වන අය දිහා මම බලනවා.+   ගොනෙක්ව මරන කෙනාව මම සලකන්නේ මිනී මැරුමක් කරන කෙනෙක් විදිහටයි.+ බැටළුවෙක්ව පූජා කරන කෙනාව සලකන්නේ බල්ලෙක්ගේ බෙල්ල කඩලා දාන කෙනෙක් විදිහටයි.+ තෑගි පූජාවක් ඔප්පු කරන කෙනාව සලකන්නේ පූජාවක් විදිහට ඌරෙක්ගේ ලේ ගේන කෙනෙක් විදිහටයි.+ සිහිගැන්වීමක් විදිහට කට්ටකුමංජල්+ ඔප්පු කරන කෙනාව සලකන්නේ මන්තරයක් ජප කරලා+ ආශීර්වාද කරන* කෙනෙක් විදිහටයි. ඔවුන් යන්නේ ඔවුන්ට කැමති මාර්ගවල.පිළිකුල් දේවල් කරලා ඔවුන් ලොකු සතුටක් ලබනවා.   ඒ නිසා ඔවුන්ට දඬුවම් කරන්න ඕනෙ කොහොමද කියලා මම තීරණය කරනවා.+ඔවුන් බයෙන් ඉන්න දේවල්ම මම ඔවුන් පිටට ගේනවා. මොකද මම අඬගැහුවාම කවුරුත් උත්තර දුන්නේ නැහැ.+මම කතා කළාම කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. මම වැරදියි කියලා සලකන දේවල්මයි ඔවුන් දිගටම කළේ.මම අකමැති දේවල්මයි ඔවුන් තෝරගත්තේ.”+   යෙහෝවාගේ වචනයට බයක්* දක්වන සියල්ලෙනි, ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න. “මගේ නාමය නිසා ඔබට වෛර කරපු, ඔබව කොන් කරපු ඔබේ සහෝදරයන් සමච්චලේට ‘යෙහෝවාට ප්‍රශංසාව ලැබේවා’+ කියලා කිව්වා. ඒත් දෙවියන් පෙනී ඉඳලා ඔබව සතුටට පත් කරයි.ඔවුන්ම තමයි නින්දාවට පත් වෙන්නේ.”+   නගරයෙන් ඝෝෂාවක හඬක් ඇහෙනවා. දේවමාලිගාවෙන් විශාල හඬක් ඇහෙනවා. ඒ ඇහෙන්නේ යෙහෝවා තමන්ගේ සතුරන්ට ලැබෙන්න ඕන දඬුවම දෙන හඬයි.   ප්‍රසව වේදනා ඇති වෙන්න කලින් ඇය දරුවා බිහි කළා.+ ප්‍රසව වේදනා විඳින්නේ නැතුව ඇය පිරිමි දරුවෙක් බිහි කළා.   ඒ වගේ දෙයක් ගැන කවදාවත් අහලා තියෙනවාද? ඒ වගේ දෙයක් දැකලා තියෙනවාද? දේශයක් එක දවසකින් බිහි වෙයිද? ජාතියක් එක මොහොතකින් බිහි වෙයිද? ඒත් සියොන්ට ප්‍රසව වේදනා ඇති වුණ ගමන්ම ඇය ඇගේ පුතුන්ව බිහි කළා.   “දරුවෙක් බිහි වෙන තැනට ගෙනාවාට පස්සේ මම දරුවාට බිහි වෙන්න ඉඩ නොදී ඉන්නවාද” කියලා යෙහෝවා අහනවා. “දරුවා ඉපදෙන තැනට ගෙනල්ලා මම කුස වහලා දානවාද” කියලා ඔබේ දෙවියන් අහනවා. 10  යෙරුසලමට ආදරය කරන සියල්ලෙනි,+ සතුටු වෙන්න. ඇයත් එක්ක ප්‍රීති වෙන්න.+ ඇය ගැන වැලපෙන සියල්ලෙනි, ඇයත් එක්ක ප්‍රීතියෙන් ඉපිල යන්න. 11  මොකද ඔබ සැනසීම කියන ඇගේ පියයුරුවලින් පෝෂණය වෙලා තෘප්තියට පත් වෙයි.හොඳින් පෝෂණය වෙන ඔබ, ඇයට ලැබෙන ගෞරවය නිසා ගොඩක් සතුටු වෙයි. 12  යෙහෝවා මෙහෙම කියනවා. “මම ඇයට සමාදානය ලබා දෙනවා. ඒක හරියට ගංගාවක් වගේ.+වේගයෙන් ගලාගෙන එන ජල පහරක් වගේ ජාතීන්ගේ තේජස ඇය වෙතට එන්න සලස්වනවා.+ ඔබව පෝෂණය කරයි. ඔබව උකුළේ තියාගෙන යයි.ඔබව ඔඩොක්කුවේ තියාගෙන නළවයි. 13  මවක් ඇගේ දරුවාව සනසනවා වගේමම හැමදාම ඔබව සනසනවා.+යෙරුසලම නිසා ඔබ සැනසීම අද්දකියි.+ 14  ඒ දේවල් දැකලා ඔබේ හිත සතුටින් පිරෙයි.අලුත් තණකොළ වගේ ඔබේ ඇට ප්‍රාණවත් වෙයි. යෙහෝවා ඔහුගේ සේවකයන්ට ඔහුගේ හස්තය* දකින්න සලස්වයි.ඒත් ඔහු ඔහුගේ සතුරන්ව නින්දාවට පත් කරයි.”+ 15  “මොකද යෙහෝවා ගින්නක් වගේ එයි.+ඔහුගේ රථ සුළිසුළඟක් වගෙයි.+දැවෙන කේන්තියකින් ඔහු එන්නේ ඔවුන්ට ප්‍රතිඵල දෙන්නයි.ගිනිදලුවලින් ඔවුන්ට දඬුවම් කරන්නයි.+ 16  යෙහෝවා ගින්නකින් විනිශ්චය ලබා දෙනවා.මනුෂ්‍යයන් හැමෝටම විරුද්ධව ඔහුගේ කඩුවෙන් තීන්දුව දෙනවා.යෙහෝවා අතින් විශාල පිරිසක් මැරුම් කනවා. 17  “උයන්වලට*+ යන්නත් රූපයකට වඳින්නත් තමන්වම පවිත්‍ර කරගෙන සූදානම් වෙන අය වගේම ඌරු මස්,+ පිළිකුල් දේවල් සහ මීයන්+ කන අය විනාශ වෙනවා” කියලා යෙහෝවා කියනවා. 18  “මම ඔවුන් කරන දේවල් ගැනත් ඔවුන් හිතන දේවල් ගැනත් දන්නවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අයවත් හැම භාෂාවක්ම කතා කරන අයවත් එකට රැස් කරන්න මම එනවා. ඔවුන් එකට රැස් වුණාම මගේ තේජස දකියි.” 19  “මම ඔවුන් අතරේ ලකුණක් පේන්න සලස්වනවා. බේරුණ අයගෙන් සමහරදෙනෙක්ව දුනු පාවිච්චි කරන්න දක්ෂ ජාතීන් වෙතට යවනවා. තර්ෂිෂ්,+ පූල් සහ ලුද්වලට+ යවනවා. මම ඔවුන්ව තූබල්, යාවාන්+ සහ දුර ඈත තියෙන දූපත්වලටත් යවනවා. මං ගැන අහලා නැති, මගේ තේජස දැකලා නැති ඒ ජාතීන් වෙතට මම ඔවුන්ව යවනවා. ඔවුන් මගේ තේජස ගැන ජාතීන් අතරේ ප්‍රකාශ කරයි.+ 20  ඔවුන් සියලු ජාතීන් අතරේ ඉන්න ඔබේ සහෝදරයන්ව+ යෙහෝවාට තෑග්ගක් විදිහට ගේනවා. ඔවුන්ව අශ්වයන් පිටෙත් අශ්ව රථවලත් කරත්තවලත් කොටළුවන් පිටෙත් වේගයෙන් දුවන ඔටුවන් පිටෙත් නග්ගගෙන මගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට අරගෙන එයි” කියලා යෙහෝවා කියනවා. “ඔවුන් එන්නේ හරියට ඊශ්‍රායෙල් සෙනඟ පවිත්‍ර භාජනයක දාලා තෑග්ගක් අරගෙන යෙහෝවාගේ ගෘහයට එන විදිහටයි.” 21  “මම සමහරදෙනෙක්ව පූජකයන් විදිහටත් තවත් අයව ලෙවීවරුන් විදිහටත් තෝරගන්නවා” කියලා යෙහෝවා කියනවා. 22  “මම හදන අලුත් අහසත් අලුත් පොළොවත්+ දිගටම මම ඉදිරියේ තියෙනවා වගේ ඔබෙන් පැවතෙන අයත් ඔබේ නමත් දිගටම තියෙයි.”+ එහෙම කියන්නේ යෙහෝවායි. 23  “නව සඳ පායන හැම දවසකමත් හැම සබත් දවසකමත්මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයන් මං ඉදිරියට එයි”+ කියලා යෙහෝවා කියනවා. 24  “ඔවුන් පිටතට ගිහින් මට විරුද්ධව කැරලිගහපු අයගේ මළ කඳන් දිහා බලයි.ඒ මළ කඳන්වල ඉන්න පණුවෝ මැරිලා යන්නේ නැහැ.ඒවා දවලා දාන ගින්න නිවන්නේ නැහැ.+ඒ මළ කඳන් සියලු මනුෂ්‍යයන්ට ලොකු පිළිකුලක් වෙයි.”

පාදසටහන්

හෝ, “ගැඹුරු ගෞරවයක්.”
හෝ සමහරවිට, “රූපයකට ප්‍රශංසා කරන.”
හෝ, “ගැඹුරු ගෞරවයක්.”
හෝ, “බලය.”
ඒ කියන්නේ පිළිමවලට නමස්කාර කරන්න තිබුණ විශේෂ උයන්.