යෙසායා 7:1-25

  • ආහස් රජට පණිවිඩයක් (1-9)

    • ෂෙයර්යාෂුබ් (3)

  • එම්මානුවෙල් ලකුණක් (10-17)

  • අවිශ්වාසවන්ත වුණ එකේ ප්‍රතිඵල (18-25)

7  උසියාගේ පුතා වුණ යෝතම්ගේ පුතා ආහස්+ යූදාවල රජකම් කරපු කාලේ සිරියාවේ රජ වුණ රෙෂින් සහ රෙමලියාගේ පුතා වුණ ඊශ්‍රායෙල්වල රජකම් කරපු පේකා+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න ආවා. ඒත් එයාලට* ඒක යටත් කරගන්න බැරි වුණා.+  ඒ කාලේදී දාවිත්ගේ රජ පෙළපතට අයිති අයට මේ ආරංචිය ලැබුණා. “එෆ්‍රායිම්වරු එක්ක සිරියානුවන් එකතු වෙලා.” ඒක ඇහුවාම ආහස් රජයි, එයාගේ සෙනඟයි හොඳටම බය වුණා. එයාලා හරියට හුළඟට හෙලවෙන කැලේ තියෙන ගස් වගේ වෙවුලන්න පටන්ගත්තා.  ඊටපස්සේ යෙහෝවා දෙවියන් යෙසායාට මෙහෙම කිව්වා. “දැන් ඔයාට පුළුවන්ද ඔයාගේ පුතා වන ෂෙයර්යාෂුබ්*+ එක්ක ආහස්ව හම්බ වෙන්න යන්න? රෙදි හෝදන අය වැඩ කරන තැනට යන පාරේ තියෙන ඉහළ පොකුණේ දිය අගල ළඟදී+ ඔයාට එයාව හම්බ වෙයි.  ආහස්ට මෙහෙම කියන්න. ‘කලබල වෙන්නේ නැතුව ඉන්න. කේන්තියෙන් ඉන්න සිරියාවේ රජ වන රෙෂින්ටයි, රෙමලියාගේ පුතාටයි+ බය වෙන්න එපා. එයාලා නිසා අධෛර්යය වෙන්න එපා. ඒ දෙන්නා හරියට නිවීගෙන යන දර කෑලි දෙකක් වගේ.  ඇත්ත, එෆ්‍රායිම්වරු එක්ක එකතු වෙලා ඉන්න සිරියානුවනුයි, රෙමලියාගේ පුතායි ඔයාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා මෙහෙම කතා වුණා තමයි.  “අපි යූදා දේශයට විරුද්ධව ගිහින් ඒක කෑලි කෑලිවලට කඩලා දාමු.* අපි ඒක යටත් කරගෙන* ටාබෙයෙල්ගේ පුතාව එහේ රජ විදිහට පත් කරමු.”+  “‘ඒත් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “ඒක සාර්ථක වෙන්නේ නැහැ.ඒක කොහොමටවත් වෙන්නේ නැහැ.   සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි.දමස්කය පාලනය කරන්නේ රෙෂින්. තව අවුරුදු 65ක් යන්න කලින්එෆ්‍රායිම් කියන ජාතිය නැත්තටම නැති කරලා දානවා. ඒක හොයාගන්නවත් බැරි වෙනවා.+   එෆ්‍රායිම්වල ප්‍රධාන නගරය සමාරිය.+සමාරිය පාලනය කරන්නේ රෙමලියාගේ පුතා.+ ඔබට ස්ථිර විශ්වාසයක් තිබ්බේ නැත්නම් ඔබ ආරක්ෂා වෙන්නෙත් නැහැ.”’” 10  යෙහෝවා ආහස්ට මෙහෙමත් කිව්වා. 11  “මේ දේවල් ඇත්තටම වෙනවා කියලා දැනගන්න ඔයාගේ දෙවි වන යෙහෝවාගෙන් ලකුණක් ඉල්ලන්න.+ ඒක වෙනවා දකින්න ඔයා කැමති ඕනෙම තැනක මම ඒක කරනවා. මිනී වළ තරම් ගැඹුරු තැනක වුණත් අහස තරම් උස තැනක වුණත් මම ඒක කරනවා.” 12  ඒත් ආහස් මෙහෙම කිව්වා. “මට බැහැ. යෙහෝවා මොනවා හරි කරයිද කියලා බලන්න මම ඔහුව පරීක්ෂා කරලා බලන්නේ නැහැ.” 13  එතකොට යෙසායා එයාට මෙහෙම කිව්වා. “දාවිත්ගෙන් පැවතෙන්නෙනි, මේ දේට ඇහුම්කන් දෙන්න. මිනිස්සුන්ගේ ඉවසීම සෝදිසි කළා මදිවටද දැන් ඔබ දෙවියන්ගේ ඉවසීමත් සෝදිසි කරලා බලන්න හදන්නේ?+ 14  කොහොමවුණත් දැන් යෙහෝවාම ඔබට ලකුණක් දෙනවා. තරුණිය ගැබ්ගෙන පුතෙක් බිහි කරනවා.+ ඇය ඒ පුතාට එම්මානුවෙල්*+ කියන නම තියනවා. 15  දරුවා වැරදි දේ ප්‍රතික්ෂේප කරලා හරි දේ තෝරගන්න පුළුවන් වයසට එන්න කලින් ඔහුට බටරුයි, මීපැණියි කන්න වෙයි. 16  දරුවා වැරදි දේ ප්‍රතික්ෂේප කරලා හරි දේ තෝරගන්න පුළුවන් වයසට එන්න කලින් ඔබ ගොඩක් බයෙන් ඉන්න මේ රජවරු දෙන්නාගෙම දේශ පාළුවට යනවා.+ 17  යූදාවලින් එෆ්‍රායිම්වරු වෙන් වුණ කාලේ ඉඳන් මේ වෙන කල් තිබුණේ නැති දරුණු කාලෙකට මුහුණ දෙන්න යෙහෝවා ඔබටයි, ඔබේ තාත්තාගේ පවුලේ අයටයි, ඔබේ සෙනඟටයි ඉඩහරිනවා.+ මොකද ඔහු ඇසිරියාවේ රජව ඔබට විරුද්ධව එවනවා.+ 18  “ඒ දවසේදී යෙහෝවා ඊජිප්තුවේ නයිල් ගඟේ දුර ඈත තියෙන අතු ගංගා ළඟ ඉන්න මැස්සන්ටත් ඇසිරියාවේ ඉන්න මීමැස්සන්ටත් අඬගහනවා. 19  උන් රොත්ත පිටින් ඇවිල්ලා දුෂ්කර බෑවුම්, පර්වතවල තියෙන කුහර, හැම කටු පඳුරක්ම සහ සත්තු වතුර බොන හැම තැනක්ම වහගන්නවා. 20  “ඒ දවසේදී යෙහෝවා මහ ගඟ* අවට තියෙන ප්‍රදේශයෙන් කුලියට ගන්න දැළි පිහියක් මාර්ගයෙන් ඒ කියන්නේ ඇසිරියාවේ රජ මාර්ගයෙන්+ ඔබේ හිසකෙස්, රැවුල විතරක් නෙමෙයි කකුල්වල තියෙන රෝම සම්පූර්ණයෙන්ම කපලා අයින් කරනවා. 21  “ඒ දවසේදී මනුස්සයෙක් තමන්ගේ රැළෙන් එක වැස්සියක්වයි, බැටළුවන් දෙන්නෙක්වයි මරන්නේ නැතුව තියාගන්නවා. 22  කිරි ගොඩක් තියෙන නිසා ඔහුට බටර් කන්න සිද්ධ වෙයි. දේශයේ ඉතුරු වෙලා ඉන්න හැමෝටම බටර් සහ මීපැණි ඇරෙන්න කන්න වෙන කිසිම දෙයක් නැහැ. 23  “ඒ දවසේදී රිදී ෂෙකෙල් 1,000ක් වටින මිදිවැල් 1,000ක් තිබුණ වතුවල දකින්න ලැබෙන්නේ කටු පඳුරු සහ වල් පැළ විතරයි. 24  මුළු දේශයම කටු පඳුරු සහ වල් පැළෑටිවලින් වැහිලා යන නිසා එහෙට ඇතුල් වෙන අයට ඊතල සහ දුනු අරගෙන යන්න සිද්ධ වෙයි. 25  එළිපෙහෙළි කරලා තිබුණ කඳු ආපහු කටු පඳුරු සහ වල් පැළවලින් වැහිලා යයි. බයට මිනිස්සු ඒ පැත්තට යන්නෙවත් නැහැ. ඒවා ගොනුන්ගෙත් බැටළුවන්ගෙත් තණබිම් වෙයි.”

පාදසටහන්

හෝ සමහරවිට, “එයාට.”
තේරුම, “ආපහු එන්නේ කුඩා පිරිසක් විතරයි.”
හෝ සමහරවිට, “බය කරගමු.”
හෝ, “පවුරේ කොටසක් කඩලා.”
තේරුම, “දෙවියන් අපිත් එක්කයි.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.