යෙසායා 8:1-22

  • ඇසිරියාවේ ආක්‍රමණය (1-8)

    • මහෙර්ෂාලල්හෂ්බස් (1-4)

  • බය වෙන්න එපා. “දෙවියන් අපිත් එක්කයි!” (9-17)

  • යෙසායාවයි, දරුවන්වයි ලකුණු විදිහට දෙයි (18)

  • තොරතුරු දැනගන්න ඕනෙ නීතියෙන්, භූතයන්ගෙන් නෙමෙයි (19-22)

8  යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “ලොකු ලෑල්ලක් අරගෙන,+ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගල් කූරකින්* ‘මහෙර්ෂාලල්හෂ්බස්’* කියලා ඒකේ ලියන්න.  ඒක ලියනවා දැක්කා කියලා විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලවා ස්ථිර කරගන්න මට ඕනේ. එයාලා ඒක ලිඛිතව කරන්න ඕනේ. සාක්ෂිකරුවන් විදිහට පූජක උරියාවයි,+ යෙබෙරෙකියාගේ පුතා වුණ සෙකරියාවයි පාවිච්චි කරන්න.”  මම අනාගතවක්තෘවරිය* එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා.+ ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “එයාට මහෙර්ෂාලල්හෂ්බස් කියන නම තියන්න.  මොකද පුතා ‘අම්මා, තාත්තා’ කියලා කියන්නත් කලින් දමස්කයේ වස්තුයි, සමාරියේ වටින දේවලුයි කොල්ල කාලා ඒවා ඇසිරියාවේ රජ ඉස්සරහට අරගෙන යනවා.”+  යෙහෝවා මට මෙහෙමත් කිව්වා.   “මේ මිනිස්සු ෂිලෝවා ඇළ මාර්ගයේ හෙමිහිට ගලාගෙන එන දිය පහර ප්‍රතික්ෂේප කරලා+රෙෂින්ගෙයි, රෙමලියාගේ පුතාගෙයි+ පැත්ත ගන්න කැමති වෙනවා.   ඒ නිසා යෙහෝවා වන මමඇසිරියාවේ රජවයි,+ ඔහුගේ බලවත් හමුදාවයිමේ සෙනඟට විරුද්ධව එවනවා. ඔහු හරියට මහ ගඟේ* බලවත් ජල කන්දරාව වගේ.ඒක ගංඉවුර යට කරගෙන පිටාර ගලයි.   මුළු යූදා දේශයම යට කරලා දායි. ඔහු බෙල්ල ළඟටම එන ගං වතුරක් වගේ හැම දෙයක්ම යට කරගෙන යයි.+අනේ එම්මානුවෙල්,*+ඔහු පියාපත් විහිදුවලා ඔබේ මුළු දේශයම වහගන්නවා!”   සෙනඟෙනි, ගිහින් විනාශයක් කරන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා. පොළොවේ ඈත ප්‍රදේශවල ඉන්න සියල්ලෙනි, අහන්න! සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා.+ සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා. 10  ඔබ කැමති දෙයක් සැලසුම් කරන්න. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කැමති දෙයක් කියන්න. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.මොකද දෙවියන් අපිත් එක්කයි!*+ 11  යෙහෝවා මාත් එක්ක කතා කරද්දී ඔහුගේ මහත් බලය මට ලැබුණා. මේ සෙනඟ යන පාරේ යන්න එපා කියලා ඔහු මට අවවාද කළා. ඔහු මෙහෙම කිව්වා. 12  “මේ සෙනඟ කුමන්ත්‍රණයක් කියලා කියන දේට ඔබ කුමන්ත්‍රණයක් කියලා කියන්න එපා. ඔවුන් බය වෙන දේට බය වෙන්න එපා.ඒක දැකලා වෙවුලන්න එපා. 13  ශුද්ධ කෙනෙක් විදිහට ඉන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා මතක තියාගන්න.+ඔබ බය වෙන්න ඕනෙ ඔහුටයි.ඔබ ගරු කරන්න ඕනෙ ඔහුටයි.”+ 14  ඔහු ශුද්ධස්ථානයක් වගේ වෙයි.ඒත් ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත් දෙකටමපය වදින ගලක් වගෙත්පය පැටලිලා වැටෙන්න හේතු වෙන ගලක් වගෙත් වෙයි.+යෙරුසලමේ වැසියන්ට ඔහුඋගුලක් සහ දැලක් වගේ වෙයි. 15  ඔවුන්ගෙන් හුඟදෙනෙක් පය පැටලිලා වැටෙයි. හොඳටම තුවාල වෙයි.ඔවුන් උගුලට අහු වෙයි. 16  සාක්ෂිය සටහන් වුණ ලියවිල්ල අකුළන්න. නීතිය* සඳහන් ලියවිල්ලට මුද්‍රාවක් තියලා ඒක මගේ ගෝලයන්ට දෙන්න. 17  යෙහෝවා කරන්න යන දේ ගැන මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.+ ඔහු යාකොබ්ගේ පෙළපතින් තමන්ගේ මූණ හංගගෙනයි ඉන්නේ.+ ඔහු ගැන මගේ බලාපොරොත්තු මම අත්හරින්නේ නැහැ. 18  මම වගේම යෙහෝවා මට දුන්න දරුවනුත්+ ඊශ්‍රායෙල්වරුන්ට දුන්න ලකුණු+ සහ ආශ්චර්යයන්. ඒවා දුන්නේ සියොන් කන්දේ වාසය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. 19  “කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති, මුමුනන මායාකාරයන්ගෙන්* හරි ශාස්ත්‍ර කියන්නන්ගෙන් හරි අහලා තොරතුරු දැනගන්න” කියලා සෙනඟ ඔබට කිව්වොත් ඔබ ඒක කරනවාද? සෙනඟ උදව් ඉල්ලන්න ඕනෙ ඔවුන්ගේ දෙවියන්ගෙන් නේද? ජීවත් වෙන අයට උදව් කරන්න කියලා මැරුණ අයගෙන් ඉල්ලන එක හරිද?+ 20  ඔවුන් තොරතුරු දැනගන්න බලන්න ඕනෙ නීතිය සහ සාක්ෂිය සටහන් වුණ ලියවිල්ලයි. ඔවුන් ඒකට අනුව කතා කරන්නේ නැති වෙද්දී ඔවුන්ට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ.+ 21  පීඩාවට පත් වෙලා කෑමට කිසිම දෙයක් නැති දේශය මැදින් ඔවුන් යයි.+ බඩගින්න නිසා කේන්තියෙන් ඉද්දී ඔවුන්ගේ රජටයි, දෙවියන්ටයි ශාප කරන්න අහස දිහා බලයි. 22  ඊටපස්සේ ආයෙත් බිම බලද්දී ඔවුන්ට දකින්න තියෙන්නේ දුක් වේදනා සහ අඳුර විතරයි. විපත් සහ ඝන අන්ධකාරය විතරයි. ආලෝකයක් ලැබෙන ඡායාවක්වත් දකින්න නැහැ.

පාදසටහන්

මූ.අ., “මිනිස්සු සාමාන්‍යයෙන් පාවිච්චි කරන පන්හිඳකින්.”
තේරුම, “කොල්ල කන්න ඉක්මනින් එනවා” වෙන්න පුළුවන්.
ඒ කියන්නේ යෙසායාගේ බිරිඳ.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.
තේරුම, “දෙවියන් අපිත් එක්කයි.”
හෙබ්‍රෙව් භාෂාවෙන් එම්මානුවෙල්. යෙසා 7:14; 8:8 බලන්න.
හෝ, “මඟ පෙන්වීම්.”
ඒ කියන්නේ මැරුණ අය එක්ක කතා කරන්න හදන අයගෙන්.