යෙසායා 9:1-21

  • ගලීලයට ආලෝකය උදා වෙයි (1-7)

    • ‘සමාදානයේ කුමාරයාගේ’ උපත (6, 7)

  • දෙවියන්ගේ අත ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව දිගහරියි (8-21)

9  ඒත් ඒ අන්ධකාරය සෙබ්‍යූලන් සහ නෆ්තලී දේශ නින්දාවට පත් කරපු අවස්ථාවේ තිබුණ අන්ධකාරය තරම් දරුණු වෙන්නේ නැහැ.+ පස්සේ කාලෙක ඔහු මුහුද පැත්තට යන මාර්ගයත් යොර්දාන් පළාතත් විදේශිකයන් වාසය කරන ගලීලයත් ගෞරවයට පත් කරනවා.   අඳුරේ ගමන් කරපු ජනයාලොකු ආලෝකයක් දැක්කා. ඝනාන්ධකාරයෙන් වැහිලා ගිය දේශයේ ජීවත් වුණ අයටආලෝකය උදා වුණා.+   ඔබ ඒ සෙනඟව මහත් ජාතියක් වෙන්න සැලැස්සුවා.ඔවුන්ගේ සතුට තවත් වැඩි කළා. අස්වැන්න නෙළද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,වටින දේවල්* බෙදාගද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,ඔවුන් ඔබ ඉස්සරහා සතුටු වෙනවා.   මොකද මිදියන්වරුන්ව පරාජය කරපු දවසේ කළා වගේ+ඔබ ඔවුන් පිට පටවලා තිබුණ වියගහ කඩලා දැම්මා.ස්වාමියාගේ සැරයටිය, ඔවුන් උරහිස්වලට පහර දෙන්න පාවිච්චි කරපු දණ්ඩ ඔබ කඩලා දැම්මා.   පොළොව දෙදරුම් කන තරම් ශබ්දයක් නඟන සෙබළුන්ගේ පාවහනුත්ලෙයින් පෙඟුණු ඔවුන්ගේ ඇඳුමුත්ගින්නට දාන දර වගේ වෙයි.   අපිට දරුවෙක් ඉපදුණා.+අපිට පුතෙක්ව දුන්නා.පාලන බලය* ඔහුගේ අතට භාර දෙයි.*+ ඔහුව උතුම් උපදේශකයා,+ බලවත් දෙවියන්,+ සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා කියලා හඳුන්වයි.   දාවිත්ගේ සිංහාසනය මත+ ඉඳගන්න ඔහුට, ඔහුගේ රාජ්‍යය ලැබෙනවා.ඔහුගේ පාලන බලයට* සීමාවක්, මායිමක් නැහැ.ඒක හැම තැනටම විහිදෙනවා.සමාදානයට කෙළවරක් නැහැ.+මෙතැන් පටන් හැමදාටම ඒ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ධර්මිෂ්ඨකම+ සහ යුක්තිය+ නිසා ඒ රාජ්‍යය හැමදාටම පවතිනවා. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මහත් ආශාවකින් ඒ දේ කරනවා.   යෙහෝවා යාකොබ්ට විරුද්ධව විනිශ්චය පණිවිඩයක් ප්‍රකාශ කළා.ඒක ඊශ්‍රායෙල් පිටට එයි.+   හැමෝම ඒ ගැන දැනගනියි.එෆ්‍රායිම් සහ සමාරියේ ඉන්න ජනයා ඒ ගැන දැනගනියි.අහංකාරකමින් ඉදිමිලා ඉන්න ඔවුන් මුරණ්ඩු විදිහට මෙහෙම කියයි. 10  “ගඩොලින් හදපු ගෙවල් කඩලා දැම්මත්අපි ඒ වෙනුවට ගල්වලින් ගෙවල් හදනවා.+ සිකමෝර් ගස් කපලා දැම්මත්අපි ඒ වෙනුවට දේවදාර ගස් පාවිච්චි කරනවා.”* 11  යෙහෝවා රෙෂින්ගේ සතුරන්ව ඔහුට* විරුද්ධව එවනවා.ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න ඔවුන්ගේ සතුරන්ව පොලඹවනවා. 12  සිරියානුවන් නැඟෙනහිරෙනුත් පිලිස්තිවරු බටහිරෙනුත්* ඇවිත්+ඊශ්‍රායෙල්වරුන්ව එක කටට ගිලලා දායි.+ සෙනඟගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+ 13  මොකද සෙනඟ ඔවුන්ට පහර දුන්න තැනැත්තා ළඟට ආපහු හැරිලා ආවේ නැහැ.ඔවුන් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ මඟ පෙන්වීම් හෙව්වේ නැහැ.+ 14  යෙහෝවා එක දවසකින් ඊශ්‍රායෙල්ගේ හිසයි, වලිගෙයි කපලා දානවා.අංකුරයයි, පන් ගහයි* කපලා දානවා.+ 15  හිස කියන්නේ ගෞරවය දිනාගත්ත වැඩිමහල්ලාට.වලිගේ කියන්නේ නොමඟ යවන උපදෙස් දෙන අනාගතවක්තෘට.+ 16  මේ සෙනඟට මඟ පෙන්නන අය ඔවුන්ව අතරමං කරනවා.ඔවුන් පස්සේ යන අය තමන් යන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ. 17  ඒ නිසයි යෙහෝවා මේ සෙනඟ අතරේ ඉන්න තරුණයන් ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැත්තේ.පියා නැති දරුවන්ටවත්* වැන්දඹුවන්ටවත් දයාව පෙන්නන්නේ නැත්තේ.ඔවුන් හැමෝම දෙවියන්ට ද්‍රෝහි වුණ දුෂ්ටයෝ.+ඔවුන්ගේ කටින් පිට වෙන්නේ කිසිම වැඩක් නැති දේවල්මයි. ඔවුන්ගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+ 18  දුෂ්ටකම හරියට ඇවිළෙන ගින්නක් වගේකටු පඳුරුයි, වල් පැළයි පුච්චලා දානවා. වනළැහැබටත් ඒක පැතිරෙනවා.අළු වෙලා යන ඒවාවලින් ඉතුරු වෙන්නේ ඉහළට නඟින දුම් වලාවන් විතරයි. 19  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ කේන්තිය ගින්නක් වගේ.ඒ ගින්න දේශය පුරාම පැතිරිලා ගිහින්.දේශයේ ඉන්න මිනිස්සු ඒ ගින්නට දාන දර වගේ. ඒකෙන් බේරෙන්න කෙනෙක් තව කෙනෙක්ට,අඩුම තරමේ තමන්ගෙම සහෝදරයාටවත් උදව් කරන්නේ නැහැ. 20  කෙනෙක් දකුණු පැත්තේ මස් කපාගෙන කනවා.ඒත් බඩගින්න නිවෙන්නේ නැහැ.තව කෙනෙක් වම් පැත්තේ මස් කපාගෙන කනවා.ඒත් බඩ පිරෙන්නේ නැහැ. එක් එක් කෙනා තම තමන්ගෙම අත් කපාගෙන කනවා. 21  මනස්සේ එෆ්‍රායිම්ව කාලා දානවා.එෆ්‍රායිම් මනස්සේව කාලා දානවා. දෙන්නා එකතු වෙලා යූදාට විරුද්ධ වෙනවා.+ ඒ හැම දෙයක්ම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+

පාදසටහන්

මූ.අ., “කොල්ලය.”
හෝ, “ආණ්ඩුව.”
මූ.අ., “ඔහුගේ කර පිට තියයි.”
හෝ, “ඔහුගේ ආණ්ඩුවට.”
හෝ සමහරවිට, “දේවදාර ගස් හිටවනවා.”
ඒ කියන්නේ ඊශ්‍රායෙල්ට.
මූ.අ., “පිටිපස්සෙනුත්.”
හෝ සමහරවිට, “තාල වර්ගයේ ගස්වල අත්තක්.”
හෝ, “අම්මා තාත්තා නැති දරුවන්ටවත්.”