Skip to content

පටුනට යන්න

යොෂුවා පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • යෙහෝවා යොෂුවාව ශක්තිමත් කරයි (1-9)

      • නීතිය කියවලා ඒ ගැන හොඳට කල්පනා කරන්න (8)

    • යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ලෑස්ති වෙයි (10-18)

  • 2

    • යොෂුවා යෙරිකෝවේ තොරතුරු බලාගෙන එන්න පුරුෂයන් දෙන්නෙක්ව යවයි (1-3)

    • රාහබ් තොරතුරු බලන්න ආපු දෙන්නාව හංගයි (4-7)

    • රාහබ්ට වුණ පොරොන්දුව (8-21අ)

      • ලකුණක් විදිහට රතු පාට ලණුවක් ගැටගහයි (18)

    • තොරතුරු බලන්න ගිය දෙන්නා ආයෙත් යොෂුවා ළඟට යයි (21ආ-24)

  • 3

    • ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟෙන් එගොඩ වෙයි (1-17)

  • 4

    • සිහිවටනයක් විදිහට තිබ්බ ගල් (1-24)

  • 5

    • ගිල්ගාල්වලදී චර්මච්ඡේදනය කරයි (1-9)

    • පාස්කුව සමරයි; මන්නා ලැබෙන එක නතර වෙයි (10-12)

    • යෙහෝවා දෙවියන්ගේ සේනාවේ අධිපති (13-15)

  • 6

    • යෙරිකෝවේ පවුර කඩන් වැටෙයි (1-21)

    • රාහබ්වයි, එයාගේ පවුලේ අයවයි බේරගනියි (22-27)

  • 7

    • ආයි නගරයේදී ඊශ්‍රායෙල්වරුන්ව පරද්දයි (1-5)

    • යොෂුවාගේ යාච්ඤාව (6-9)

    • ඊශ්‍රායෙල්වරු පැරදෙන්නේ අකීකරුකම නිසයි (10-15)

    • ආකාන්ගේ වරද හෙළි වෙයි. ගල් ගහලා මරයි (16-26)

  • 8

    • හැංගිලා ඉඳලා ආයි නගරයට පහර දෙන්න යොෂුවා සැලසුම් කරයි (1-13)

    • ආයි නගරය යටත් කරගනියි (14-29)

    • ඒබාල් කන්දේදී නීතිය කියවයි (30-35)

  • 9

    • ඥානවන්ත ගිබියොන්වරු සාම ගිවිසුමක් ඇති කරගනියි (1-15)

    • ගිබියොන්වරුන්ගේ සැලසුම හෙළි වෙයි (16-21)

    • ගිබියොන්වරුන්ට දර එකතු කරන්නත් වතුර අදින්නත් පවරයි (22-27)

  • 10

    • ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන් වෙනුවෙන් සටන් කරයි (1-7)

    • යෙහෝවා ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කරයි (8-15)

      • පලා යන සතුරන්ට හිම කැට වැස්සෙන් පහර දෙයි (11)

      • හිරු නවතියි (12-14)

    • සටනට ආපු රජවරුන් පස්දෙනාව මරලා දායි (16-28)

    • දකුණේ තිබුණ නගර යටත් කරගනියි (29-43)

  • 11

    • උතුරේ තිබුණ නගර යටත් කරගනියි (1-15)

    • යොෂුවා යටත් කරගත්ත ප්‍රදේශ (16-23)

  • 12

    • යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් හිටපු රජවරුන්ව පරද්දයි (1-6)

    • යොර්දාන් ගඟට බස්නාහිරෙන් හිටපු රජවරුන්ව පරද්දයි (7-24)

  • 13

    • යටත් කරගන්න ඉතුරු වෙලා තිබුණ ප්‍රදේශ (1-7)

    • යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ දේශය බෙදයි (8-14)

    • රූබෙන් ගෝත්‍රයට ලැබුණ උරුමය (15-23)

    • ගාද් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-28)

    • මනස්සේ ගෝත්‍රයට ලැබුණ උරුමය (29-32)

    • ලෙවී ගෝත්‍රයට ලැබුණ උරුමය යෙහෝවායි (33)

  • 14

    • යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබුණ දේශය බෙදයි (1-5)

    • කාලෙබ්ට උරුමයක් විදිහට හෙබ්‍රොන් ලැබෙයි (6-15)

  • 15

    • යූදා ගෝත්‍රයට ලැබුණ උරුමය (1-12)

    • කාලෙබ්ගේ දුවට ඉඩමක් ලැබෙයි (13-19)

    • යූදා ගෝත්‍රයට ලැබුණ නගර (20-63)

  • 16

    • යෝසෙප්ගෙන් පැවතෙන අයට ලැබුණ උරුමය (1-4)

    • එෆ්‍රායිම් ගෝත්‍රයට ලැබුණ උරුමය (5-10)

  • 17

    • බස්නාහිර පැත්තෙන් මනස්සේ ගෝත්‍රයට ලැබුණ උරුමය (1-13)

    • යෝසෙප්ගෙන් පැවතෙන අයට තවත් ප්‍රදේශයක් ලැබෙයි (14-18)

  • 18

    • ඉතුරු ඉඩම් ෂීලෝවලදී බෙදලා දෙයි (1-10)

    • බෙන්ජමින් ගෝත්‍රයට ලැබුණ උරුමය (11-28)

  • 19

    • සිමියොන් ගෝත්‍රයට ලැබුණ උරුමය (1-9)

    • සෙබ්‍යූලන් ගෝත්‍රයට ලැබුණ උරුමය (10-16)

    • ඉසකාර් ගෝත්‍රයට ලැබුණ උරුමය (17-23)

    • ආෂෙර් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-31)

    • නෆ්තලී ගෝත්‍රයට ලැබුණ උරුමය (32-39)

    • දාන් ගෝත්‍රයට ලැබුණ උරුමය (40-48)

    • යොෂුවාට ලැබුණ උරුමය (49-51)

  • 20

    • ආරක්ෂාව ලබා දෙන නගර (1-9)

  • 21

    • ලෙවීවරුන්ට වෙන් කරපු නගර (1-42)

      • ආරොන්ගෙන් පැවතෙන අයට (9-19)

      • ඉතුරු කෝහාත්වරුන්ට (20-26)

      • ගේර්ෂොන්වරුන්ට (27-33)

      • මෙරාරීවරුන්ට (34-40)

    • යෙහෝවාගේ පොරොන්දු ඉටු වෙයි (43-45)

  • 22

    • නැඟෙනහිර පැත්තේ උරුමය ලබපු අය එයාලාගේ දේශයට යයි (1-8)

    • යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදයි (9-12)

    • පූජාසනය හදන්න හේතුව පැහැදිලි කරයි (13-29)

    • ප්‍රශ්නේ විසඳගනියි (30-34)

  • 23

    • යොෂුවා අවසන් වතාවට ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධානීන්ට කතා කරයි (1-16)

      • යෙහෝවා එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ (14)

  • 24

    • යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය මතක් කරලා දෙයි (1-13)

    • යෙහෝවාට නමස්කාර කරන්න දිරිගන්වයි (14-24)

      • “මමයි, මගේ පවුලේ අයයි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි” (15)

    • යොෂුවා ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම (25-28)

    • යොෂුවාගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (29-31)

    • යෝසෙප්ගේ ඇටකටු ෂීකෙම්වලදී තැන්පත් කරයි (32)

    • එලියාසර්ගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (33)