යොෂුවා 12:1-24

  • යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් හිටපු රජවරුන්ව පරද්දයි (1-6)

  • යොර්දාන් ගඟට බස්නාහිරෙන් හිටපු රජවරුන්ව පරද්දයි (7-24)

12  ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්ව පරාජය කරලා එයාලට අයිති ප්‍රදේශ යටත් කරගත්තා. ආනොන් නිම්නයේ+ ඉඳන් හෙර්මොන්+ කන්ද දක්වා විහිදිලා යන ප්‍රදේශයත් මහ අරබා නිම්නයේ නැඟෙනහිර පැත්තට+ අයිති මුළු ප්‍රදේශයත් එයාලා අයිති කරගත්තා. ඊශ්‍රායෙල්වරු පරාජය කරපු රජවරුන්ගේ විස්තර මේවායි.  අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්+ එයාලාගෙන් කෙනෙක්. එයා ජීවත් වුණේ හෙෂ්බොන් නගරයේ. ආනොන් නිම්නයේ+ එක පැත්තක තිබුණ අරෝයේර්+ නගරයේ පාලකයා වුණේ එයායි. ආනොන් නිම්නයේ මැද ඉඳන් යබ්බොක් නිම්නය වෙන කල් තියෙන මුළු ප්‍රදේශයම තිබුණේ එයාගේ යටතේ. ගිලියද් දේශයෙන් භාගයක් අයිති වුණේ එයාටයි. අම්මොන්වරුන්ගේ දේශ සීමාව වුණෙත් යබ්බොක් නිම්නය.  මහ අරබා නිම්නයේ නැඟෙනහිර පැත්තේ තියෙන ප්‍රදේශයකුත් එයාට අයිති වුණා. කින්නෙරෙත් මුහුද*+ සහ අරබා මුහුද (ලුණු මුහුද)* අතර තිබුණ ප්‍රදේශයත් බෙත්යෙෂිමොත් ඉඳන් දකුණු පැත්තේ තියෙන පිස්ගා කන්ද පාමුල වෙන කල්+ තියෙන ප්‍රදේශයත් ඒකට අයිති වුණා.  ඊශ්‍රායෙල්වරු පරාජය කරපු තවත් රජෙක් තමයි බාෂාන් දේශයේ ඕග්.+ එයා රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටපු අයගෙන් එක් කෙනෙක්.+ එයා ජීවත් වුණේ අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල.  හෙර්මොන් කන්ද, සලෙකා නගරය සහ මුළු බාෂාන්+ දේශයම ඕග් පාලනය කළා. එයාට අයිති ප්‍රදේශය ගෙෂූර්වරුන්ගේ දේශ සීමාව දක්වාත් මයකාත්වරුන්ගේ+ දේශ සීමාව දක්වාත් හෙෂ්බොන්වල රජ වුණ සීහොන්ගේ+ රාජ්‍යයේ සීමාව දක්වාත් විහිදිලා ගියා. ගිලියද් දේශයේ ඉතුරු භාගය අයිති වුණෙත් එයාට.  ඊශ්‍රායෙල්වරු ඒ රජවරුන්ව පරාජයට පත් කළේ+ යෙහෝවාගේ සේවක මෝසෙස්ගේ නායකත්වය යටතේ. ඊටපස්සේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් ඒ දේශ රූබෙන් ගෝත්‍රයටයි, ගාද් ගෝත්‍රයටයි, මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි උරුමයක් විදිහට දුන්නා.+  ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට බස්නාහිර පැත්තේ තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්වත් පරාජය කළා. ඒ, යොෂුවාගේ නායකත්වය යටතේ. ලෙබනොන්වල නිම්නයේ+ තියෙන බාල්ගාද්+ නගරයේ ඉඳන් සේයිර්+ වෙන කල් විහිදිලා යන හලක් කන්ද+ දක්වා තියෙන මුළු ප්‍රදේශයම එයාලා යටත් කරගත්තා. ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට අනුව දේශය බෙදලා ඒක එයාලට උරුමයක් විදිහට දුන්නා.+  එයාලට උරුමයක් විදිහට දුන්න ඒ ප්‍රදේශයට කඳුකරය, පහත් බිම්,* මහ අරබා නිම්නය, කඳු බෑවුම්, පාළුකරය සහ නෙගෙබ්+ පළාත අයිති වුණා. ඒ ප්‍රදේශවල කලින් ජීවත් වුණේ හිත්තීවරු, අමෝරිවරු,+ කානානිවරු, පෙරිස්සිවරු, හිවීයවරු සහ යෙබූසිවරු.+ ඊශ්‍රායෙල්වරු පරාජය කරපු ඒ රජවරු මේ අයයි.   යෙරිකෝවේ රජ,+ බෙතෙල් ළඟ තියෙන ආයි නගරයේ රජ,+ 10  යෙරුසලමේ රජ, හෙබ්‍රොන්වල රජ,+ 11  යාමුත්වල රජ, ලාකිෂ්වල රජ, 12  එග්ලොන්වල රජ, ගෙෂෙර්වල රජ,+ 13  දෙබීර්වල රජ,+ ගේදෙර්වල රජ, 14  හොර්මාවල රජ, ආරද්වල රජ, 15  ලිබ්නාවල රජ,+ අදුල්ලාම්වල රජ, 16  මක්කේදාවල රජ,+ බෙතෙල්වල රජ,+ 17  තප්පුවාවල රජ, හේෆෙර්වල රජ, 18  අපෙක්වල රජ, ලෂ්ෂාරොන්වල රජ, 19  මාදොන්වල රජ, හාෂොර්වල රජ,+ 20  ෂිම්රොන්මෙරොන්වල රජ, අක්ෂාප්වල රජ, 21  තයනක්වල රජ, මෙගිද්දෝවල රජ, 22  කෙදෙෂ්වල රජ, කර්මෙල් ප්‍රදේශයේ තියෙන යොක්නෙයාම්වල රජ,+ 23  දෝර් කඳු බෑවුම්වල තියෙන දෝර් නගරයේ රජ,+ ගිල්ගාල්වල තියෙන ගොයීම්වල රජ සහ 24  තිර්ෂාවල රජ. ඊශ්‍රායෙල්වරු පරාජය කරපු රජවරුන්ගේ මුළු ගාණ 31යි.

පාදසටහන්

ඒ කියන්නේ මළ මුහුද.
ඒ කියන්නේ ගෙනසරෙත් විල නැත්නම් ගලීල මුහුද.
මූ.අ., “ෂෙපේලා.”