යොෂුවා 13:1-33

  • යටත් කරගන්න ඉතුරු වෙලා තිබුණ ප්‍රදේශ (1-7)

  • යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ දේශය බෙදයි (8-14)

  • රූබෙන් ගෝත්‍රයට ලැබුණ උරුමය (15-23)

  • ගාද් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-28)

  • මනස්සේ ගෝත්‍රයට ලැබුණ උරුමය (29-32)

  • ලෙවී ගෝත්‍රයට ලැබුණ උරුමය යෙහෝවායි (33)

13  යොෂුවා හුඟක් වයසට ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “යොෂුවා, ඔයා දැන් හුඟක් වයසයි. ඒත් මේ දේශයේ තව ලොකු කොටසක් ඔයාලට යටත් කරගන්න තියෙනවා.  පිලිස්තිවරුන්ටයි, ගෙෂූර්වරුන්ටයි+ අයිති හැම ප්‍රදේශයක්ම තාමත් යටත් කරගෙන නැහැ.+  (ඒ ප්‍රදේශ තියෙන්නේ ඊජිප්තු දේශයට නැඟෙනහිරෙන් තියෙන නයිල් ගඟේ අතු ගංගාවේ ඉඳන් උතුරේ එක්‍රොන් නගරය වෙන කල් තියෙන ප්‍රදේශයේ. ඒ ප්‍රදේශය කලින් කානානිවරුන්ගේ පළාතක් විදිහට සැලකුවා.)+ ඒ වගේම ගාසා, අෂ්දොද්,+ අෂ්කෙලොන්,+ ගාත්+ සහ එක්‍රොන්+ කියන නගරත් යටත් කරගන්න තියෙනවා. ඒ නගර පාලනය කරන්නේ පිලිස්තිය ජාතික+ අධිපතීන් පස්දෙනෙක්. අව්විවරු+ ජීවත් වෙන ප්‍රදේශය, ඒ කියන්නේ  දකුණට වෙන්න තියෙන ප්‍රදේශයත් ඉතුරුයි. කානානිවරුන්ට අයිති මුළු ප්‍රදේශයත් සීදොන්වරුන්ට+ අයිති මෙයාරා නගරයත් අමෝරිවරුන්ගේ දේශ සීමාවේ තියෙන අපෙක් නගරය දක්වා තියෙන ප්‍රදේශයත් යටත් කරගන්න තියෙනවා.  ගෙබල්වරුන්ගේ+ දේශයත් යටත් කරගන්න ඕනේ. හෙර්මොන් කන්ද පාමුල තියෙන බාල්ගාද් නගරයේ ඉඳන් ලේබෝහමාත්*+ වෙන කල් තියෙන ලෙබනොන්වල නැඟෙනහිර කොටසත් යටත් කරගන්න තියෙනවා.  ලෙබනොන්+ ඉඳන් මිස්රෙපොත්මායිම්+ වෙන කල් තියෙන කඳුකරයේ ජීවත් වෙන අයවත් සීදොන්වරුන්වත්+ යටත් කරගන්න ඕනේ. මම ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම ඒ අයව දේශයෙන් පන්නලා දානවා.+ ඔයාට කරන්න තියෙන්නේ මම අණ කරපු විදිහට ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් විදිහට දෙන එක.+  ඒ දේශයේ ඉඩම් ඉතුරු ගෝත්‍ර නවයට සහ මනස්සේ ගෝත්‍රයේ අනිත් කොටසට බෙදලා දෙන්න.”+  යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්‍රදේශයි.  ආනොන් නිම්නය+ කෙළවරේ තියෙන අරෝයේර්+ නගරය, නිම්නය මැද තියෙන නගරය සහ දීබොන් නගරය වෙන කල්ම තියෙන මුළු මේදෙබා උස් තැනිතලාව එයාලට අයිති වුණා. 10  හෙෂ්බොන් නගරයේ ඉඳන් පාලනය කරපු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන් යටතේ තිබුණ අනිත් හැම නගරයක්මත් ඒකට ඇතුළත්. ඒ නගර අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා දිව ගියා.+ 11  ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට සහ මයකාත්වරුන්ට+ අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත් සලෙකා+ නගරය දක්වා දිව ගිය මුළු බාෂාන්+ දේශයත් එයාලට උරුම වුණා. 12  අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල් දෙකේ ඉඳන් පාලනය කරපු, බාෂාන් දේශයේ ඕග් රජගේ මුළු රාජධානියම එයාලට උරුම වුණා. (ඕග් කියන්නේ ඉතුරු වෙලා හිටපු රෙෆායිවරුන්ගෙන් කෙනෙක්.)+ මෝසෙස් ඒ හැම ජාතියකටම පහර දීලා එයාලව දේශයෙන් පන්නලා දැම්මා.+ 13  ඒත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව එයාලාගේ දේශයෙන් පන්නලා දැම්මේ නැහැ.+ ගෙෂූර්වරු සහ මයකාත්වරු අද වෙන කල් ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙනවා. 14  මෝසෙස් උරුමයක් දුන්නේ නැත්තේ ලෙවී ගෝත්‍රයේ අයට විතරයි.+ මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා එයාලට උරුමයක්+ විදිහට ලැබෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තිබුණා.+ 15  මෝසෙස් රූබෙන් ගෝත්‍රයේ පවුල්වලට එයාලාගේ උරුමය බෙදලා දුන්නා. 16  එයාලට ලැබුණේ මේ ප්‍රදේශයි. ආනොන් නිම්නය කෙළවරේ තියෙන අරෝයේර් නගරය, නිම්නය මැද තියෙන නගරය සහ මුළු මේදෙබා උස් තැනිතලාව එයාලට අයිති වුණා. 17  හෙෂ්බොන් නගරයත් ඒ අවට තියෙන උස් තැනිතලාවේ පිහිටි පොඩි නගරත්+ එයාලට උරුම වුණා. දීබොන්, බාමොත්බාල්, බෙත්බාල්මෙයොන්,+ 18  යහෂ්,+ කෙදෙමොත්,+ මෙෆයත්,+ 19  කිර්යතායිම්, සිබ්මා,+ නිම්නය* ළඟ තියෙන කන්දේ පිහිටි ෂෙරෙත්ෂහර්, 20  බෙත්පෙයෝර්, පිස්ගා කඳු බෑවුම්,+ බෙත්යෙෂිමොත්+ සහ 21  උස් තැනිතලාවේ තියෙන හැම නගරයක්ම රූබෙන් ගෝත්‍රයට උරුම වුණා. හෙෂ්බොන්+ ඉඳන් පාලනය කරපු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ මුළු රාජධානියත් එයාලට අයිති වුණා. මෝසෙස් සීහොන් රජවත්+ මිදියන් දේශයේ අධිපතීන් වෙලා හිටිය එවී, රෙකෙම්, ෂුර්, රෙබා+ සහ හූර් කියන අයවත් පරාජය කළා. සීහොන් රජට යටත් වෙලා හිටපු ඒ අධිපතීන් ජීවත් වුණේ සීහොන් රජගේ දේශයේමයි. 22  බෙයොර්ගේ පුතා වුණ ශාස්ත්‍ර කියපු+ බාලාම්වත්+ ඊශ්‍රායෙල්වරු කඩුවෙන් මරලා දැම්මා. 23  රූබෙන් ගෝත්‍රයට උරුම වුණ දේශයේ එක මායිමක් වුණේ යොර්දාන් ගඟ. කලින් සඳහන් කරපු ප්‍රදේශත් ඒ ප්‍රදේශවල තිබුණ නගර සහ ගම්මානත් රූබෙන් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුමයක් විදිහට ලැබුණා. 24  මෝසෙස්, ගාද් ගෝත්‍රයේ පවුල්වලට එයාලාගේ උරුමය දුන්නා. 25  එයාලට ලැබුණේ මේ ප්‍රදේශයි. යාසෙර් නගරය,+ ගිලියද් දේශයේ හැම නගරයක්ම සහ අම්මොන්වරුන්ට+ අයිති දේශයෙන් භාගයක් එයාලට අයිති වුණා. රබ්බා+ නගරයට මුහුණ ලා තියෙන අරෝයේර් නගරය දක්වා තියෙන ප්‍රදේශය අයිති වුණේ එයාලටයි. 26  හෙෂ්බොන්+ නගරයේ ඉඳන් රාමත්මිෂ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනායිම්+ නුවරේ ඉඳන් දෙබීර් නගරයේ මායිම දක්වා තියෙන ප්‍රදේශයත් එයාලට ලැබුණා. 27  හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ඒ කියන්නේ නිම්නයේ* පිහිටලා තියෙන බෙත්හාරාම්, බෙත්නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් කියන නගර ගාද් ගෝත්‍රයට උරුම වුණා. එයාලට උරුම වුණ ප්‍රදේශයේ මායිමක් වුණේ යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තයි. කින්නෙරෙත් මුහුදේ*+ දකුණු පැත්තේ ඉඳන් ගඟ දිගේ පහළට වෙන කල් තියෙන ප්‍රදේශ ඒකට ඇතුළත්. 28  කලින් සඳහන් කරපු ප්‍රදේශත් ඒ ප්‍රදේශවල තිබුණ නගර සහ ගම්මානත් ගාද් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුමයක් විදිහට ලැබුණා. 29  මෝසෙස් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට එයාලාගේ පවුල්වලට අනුව උරුමය බෙදලා දුන්නා.+ 30  මහනායිම් නුවරේ ඉඳන්+ මුළු බාෂාන් දේශයම ඒ කියන්නේ බාෂාන්වල රජ වුණ ඕග්ගේ මුළු රාජධානියත් යායිර්ගේ+ පොඩි ගම්මාන හැම එකක්මත් එයාලට උරුම වුණා. ඒකට නගර 60ක් ඇතුළත්. 31  ඒ වගේම ගිලියද් දේශයෙන් භාගයකුත් ඕග් රජගේ රාජධානියට අයිති අෂ්ටාරොත් සහ එද්රෙයි+ කියන නගර දෙකත් එයාලට අයිති වුණා. ඒ හැම ප්‍රදේශයක්ම මනස්සේගේ පුතා වන මාකීර්ගෙන්+ පැවතගෙන ආපු මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට උරුම වුණා. එයාලාගේ පවුල්වලට අනුව ඒ උරුමය බෙදලා දුන්නා. 32  කලින් සඳහන් කරපු මුළු දේශයම මෝසෙස් එයාලට උරුමයක් විදිහට දුන්නා. එයා ඒක කළේ යෙරිකෝව+ ළඟ තියෙන යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් තියෙන මෝවබ් පාළුකරයේ ඉද්දියි. 33  ඒත් මෝසෙස් ලෙවී ගෝත්‍රයට උරුමයක් දුන්නේ නැහැ.+ මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවායි එයාලාගේ උරුමය.* දෙවියන් එයාලට පොරොන්දු වුණ උරුමය ඒකයි.+

පාදසටහන්

හෝ, “හමාත්වල දේශ සීමාව.”
හෝ, “තැනිතලාව.”
හෝ, “තැනිතලාවේ.”
ඒ කියන්නේ ගෙනසරෙත් විල නැත්නම් ගලීල මුහුද.
මෙතන කතා කරන්නේ දෙවියන්ට විශේෂ සේවයක් කරන්න ලැබුණ අවස්ථාව ගැනයි.