යොෂුවා 16:1-10

  • යෝසෙප්ගෙන් පැවතෙන අයට ලැබුණ උරුමය (1-4)

  • එෆ්‍රායිම් ගෝත්‍රයට ලැබුණ උරුමය (5-10)

16  දාදු දැම්මාට පස්සේ+ යෝසෙප්ගෙන් පැවතෙන අයට+ බෙදලා දුන්නේ මේ ප්‍රදේශයයි. එයාලාගේ දේශ සීමාව පටන්ගත්තේ යොර්දාන් ගඟ යෙරිකෝව ළඟින් ගලාගෙන යන තැනින්. එතන ඉඳන් ඒක යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගිහින් යෙරිකෝවට ඉස්සරහින් තියෙන පාළුකරය හරහාත් බෙතෙල්වල කඳුකර පළාත හරහාත් දිව ගියා.+  ඒ මායිම ලූෂ් නගරය ළඟ තියෙන බෙතෙල් ඉඳන් අර්කීවරුන්ගේ දේශ සීමාවේ තියෙන අටාරොත් නගරය දක්වා දිව ගියා.  එතනින් ඒක බස්නාහිර පැත්තට හැරිලා යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දිහාවට විහිදිලා ගියා. ඊටපස්සේ ඒක පහළ බෙත්හෝරොන්වල+ දේශ සීමාව දක්වාත් ගෙෂෙර්+ නගරය දක්වාත් ගිහින් මහ මුහුදෙන් අවසන් වුණා.  යෝසෙප්ගෙන් පැවතෙන+ මනස්සේ ගෝත්‍රයේ සහ එෆ්‍රායිම් ගෝත්‍රයේ අය තම තමන්ට ලැබුණ දේශයේ පදිංචි වුණා.+  එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුම වුණ දේශයේ සීමා මේවායි. ඒකේ නැඟෙනහිර සීමාව අටාරොත්අද්දර්+ නගරයේ ඉඳන් ඉහළ බෙත්හෝරොන්+ දක්වාම විහිදිලා ගියා.  ඒක මහ මුහුද දක්වාත් විහිදිලා ගියා. දේශ සීමාව උතුරට වෙන්න තියෙන මික්මෙතාත්වලින්+ නැඟෙනහිර පැත්තට හැරිලා තයනත්ෂීලෝ දක්වාත් යනෝවා දක්වාත් විහිදිලා ගියා.  යනෝවා ඉඳන් අටාරොත් නගරය දක්වාත් නයරා නගරය දක්වාත් යෙරිකෝව+ දක්වාත් යොර්දාන් ගඟ දක්වාත් ඒක විහිදිලා ගියා.  දේශ සීමාව තප්පුවා+ ඉඳන් බස්නාහිර පැත්තේ තියෙන කානාහ් නිම්නය හරහා ගිහින් මහ මුහුදෙන් කෙළවර වුණා.+ එෆ්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ උරුමය ඒකයි.  මනස්සේ ගෝත්‍රයට+ ලැබුණ ප්‍රදේශයේ තියෙන සමහර නගරත් එෆ්‍රායිම් ගෝත්‍රයට ලැබුණා. ඒ නගර වගේම ඒවාට අයිති ගම්මානත් එයාලට ලැබුණා. 10  ඒත් එයාලා ගෙෂෙර්+ නගරයේ ජීවත් වුණ කානානිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ වෙනුවට එයාලා ඒ අයව දාසයන් විදිහට තියාගත්තා.+ කානානිවරු අද වෙන කල් එෆ්‍රායිම්වරුන් අතරේ ජීවත් වෙනවා.+

පාදසටහන්