යොෂුවා 18:1-28

  • ඉතුරු ඉඩම් ෂීලෝවලදී බෙදලා දෙයි (1-10)

  • බෙන්ජමින් ගෝත්‍රයට ලැබුණ උරුමය (11-28)

18  ඊශ්‍රායෙල්වරු මුළු දේශයම යටත් කරගෙනයි තිබුණේ.+ ඒ නිසා මුළු සෙනඟම ෂීලෝ නගරයේ+ රැස් වෙලා හමු වීමේ කූඩාරම එහේ ඉදි කළා.+  ඒත් ඒ වෙද්දී ඊශ්‍රායෙල් ගෝත්‍ර හතකට අයිති ප්‍රදේශවල දේශ සීමා වෙන් කරලා තිබුණේ නැහැ.  යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට මේ දේශය දීලයි තියෙන්නේ. ඉතින් ඒකේ පදිංචි වෙන්නේ නැතුව ඇයි ඔයාලා තාමත් බලාගෙන ඉන්නේ?+  හැම ගෝත්‍රයකින්ම පුරුෂයන් තුන්දෙනෙක්ව තෝරගෙන එයාලව මං ළඟට එවන්න. එයාලා දේශය පුරාම ගිහින් ඒකේ සිතියමක් හදාගන්න ඕනේ. ඒක හදන්න ඕනෙ එක් එක් ගෝත්‍රයට ලැබෙන උරුමයට අනුවයි. ඊටපස්සේ එයාලා ආයෙත් මං ළඟට එන්න ඕනේ.  දකුණු දිශාවේ යූදාට දීලා තියෙන කොටසයි,+ උතුරු දිශාවේ යෝසෙප්ගෙන් පැවතෙන අයට දීලා තියෙන කොටසයි+ අත්හැරලා දේශයේ ඉතුරු ප්‍රදේශය කොටස් හතකට බෙදන්න.+  ඒ කොටස් හත ගැන විස්තර සටහන් කරගෙන* මං ළඟට එන්න. ඊටපස්සේ ඔයාලා එක් එක් කෙනාට ලැබෙන කොටස දැනගන්න අපේ දෙවි යෙහෝවා ඉස්සරහා මං දාදු දාන්නම්.+  ඒත් ලෙවී ගෝත්‍රයේ අයට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ මොකද පූජකයන් විදිහට යෙහෝවාට සේවය කරන එකයි එයාලට ලැබිලා තියෙන උරුමය.+ ඒ වගේම යෙහෝවාගේ සේවක මෝසෙස්, යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ තියෙන දේශය ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත් මනස්සේ ගෝත්‍රයෙන්+ එක කොටසකටත් දැනටමත් දීලයි තියෙන්නේ.”  දේශයේ විස්තර සටහන් කරගන්න තෝරගත්ත අය පිටත් වෙන්න හදද්දී යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා දේශයේ හැම තැනකටම ගිහින් ඒකේ විස්තර සටහන් කරගෙන ආපහු ෂීලෝ නගරයට එන්න. ඊටපස්සේ මං ෂීලෝවලදී+ යෙහෝවා ඉස්සරහා දාදු දාන්නම්.”  ඉතින් එයාලා දේශයේ හැම තැනකටම ගිහින් ඒ තැන්වල විස්තර ලියවිල්ලක සටහන් කරලා දේශය කොටස් හතකට වෙන් කළා. දේශයේ තිබුණ එක් එක් නගරය ගැන විස්තරත් එයාලා සටහන් කරගත්තා. ඊටපස්සේ එයාලා ෂීලෝ නගරයට ඇවිත් යොෂුවාට ඒ ලියවිල්ල භාර දුන්නා. 10  යොෂුවා, යෙහෝවා ඉස්සරහා දාදු දාලා එක් එක් ගෝත්‍රයට අයිති කොටස වෙන් කරලා දුන්නා.+ 11  දාදු දැම්මාට පස්සේ බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට අයිති ප්‍රදේශය වෙන් කළා. එයාලට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති+ ප්‍රදේශයත් යෝසෙප්ගේ පුතාලට+ අයිති ප්‍රදේශයත් අතර තිබුණ කොටසයි. 12  බෙන්ජමින් ගෝත්‍රයේ උතුරු දේශ සීමාව යොර්දාන් ගඟෙන් පටන් අරන් යෙරිකෝවේ+ උතුරු පැත්තේ තියෙන බෑවුම දක්වා දිව ගියා. එතන ඉඳන් බස්නාහිර පැත්තේ තියෙන කන්ද හරහා ගිහින් බෙත්ආවෙන්+ පාළුකරය දක්වා විහිදිලා ගියා. 13  ඒක එතන ඉඳන් බෙතෙල්+ කියලත් හඳුන්වන ලූෂ්වල දකුණු බෑවුම පහු කරගෙන ගියා. ඒක එතනින් පහළට ගිහින් අටාරොත්අද්දර්+ නගරය දක්වා දිව ගියා. ඒ නගරය තියෙන්නේ බෙත්හෝරොන්+ නගරයට දකුණු දිශාවෙන් තියෙන කන්දේ. 14  දේශ සීමාව බෙත්හෝරොන් නගරයට ඉස්සරහින් තියෙන කන්දේ ඉඳන් දකුණු දිශාවට හැරිලා යූදා ගෝත්‍රයට අයිති කිර්යත්යෙයාරීම්+ කියලත් හඳුන්වන කිර්යත්බාල් නගරය දක්වා ගිහින් එතනින් ඉවර වුණා. ඒ, බෙන්ජමින්වරුන්ට අයිති දේශයේ බස්නාහිර මායිමයි. 15  ඒකේ දකුණු මායිම පටන්ගන්නේ කිර්යත්යෙයාරීම් නගරයේ කෙළවරින්. ඒක එතන ඉඳන් බස්නාහිර පැත්තට ගිහින් නෙෆ්තෝවා+ දිය උල්පත දක්වාත් 16  බෙන්හින්නොම් නිම්නයට*+ ඉස්සරහින් තියෙන කන්දේ පාමුල දක්වාත් විහිදිලා ගියා. (ඒ කන්ද පිහිටලා තියෙන්නේ රෙෆායිම් නිම්නයේ*+ උතුරු කෙළවරේ.) දේශ සීමාව එතනින් පහළට ගිහින් හින්නොම් නිම්නය දක්වාත් යෙබූසිවරුන්ගේ+ නගරය පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුම හරහා ගිහින් ඒන්රොගෙල්+ දිය උල්පත දක්වාත් ගියා. 17  දේශ සීමාව එතනින් උතුරට වෙන්න තියෙන ඒන්ෂෙමෙෂ් දක්වාත් අදුම්මිම්+ බෑවුමට ඉස්සරහින් තියෙන ගෙලීලොත් දක්වාත් බොහන්+ කියලා හඳුන්වපු ගල+ දක්වාත් දිව ගියා. (බොහන්, රූබෙන් ගෝත්‍රයට අයිති කෙනෙක්.) 18  එතනින් දේශ සීමාව අරබා නිම්නයට ඉස්සරහින් තියෙන කන්දේ උතුරු බෑවුම දක්වාත් අරබා නිම්නය දක්වාත් පහළට ගියා. 19  ඒක එතන ඉඳන් බෙත්හොග්ලා+ නගරය තියෙන කන්දේ උතුරු බෑවුම දක්වා ගිහින් ලුණු මුහුදේ+ උතුරු කෙළවරේ තියෙන මුහුදු බොක්කෙන් ඉවර වුණා. ඒක යොර්දාන් ගඟේ දකුණු කෙළවරයි. බෙන්ජමින් ගෝත්‍රයට ලැබුණ දේශයේ දකුණු සීමාව ඒකයි. 20  ඒකේ නැඟෙනහිර දේශ සීමාව වුණේ යොර්දාන් ගඟ. බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට උරුම වුණ දේශයේ සීමාවන් ඒවායි. 21  බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ ප්‍රදේශයේ තිබුණ නගර මේවායි. යෙරිකෝව, බෙත්හොග්ලා, ඒමෙක්කෙෂිෂ්, 22  බෙත්අරබා,+ ෂෙමරායිම්, බෙතෙල්,+ 23  අව්විම්, පාරා, ඔෆ්රා, 24  කේෆර්අම්මෝනි, ඔෆ්නී සහ ගෙබා.+ ඒ කොටසේ නගර 12ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 25  ගිබියොන්,+ රාමා, බෙයේරොත්, 26  මිෂ්පේ, කෙෆීරා, මෝෂාහ්, 27  රෙකෙම්, ඉර්පෙයෙල්, තරලා, 28  ෂේලාහ්,+ හාඑලෙෆ්, යෙරුසලම+ කියලත් හඳුන්වන යෙබූසි, ගිබෙයා+ සහ කිර්යත් කියන නගරත් එයාලට අයිති වුණා. ඒ කොටසේ නගර 14ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ උරුමය ඒකයි.

පාදසටහන්

මූ.අ., “සිතියමක් හදාගෙන.”
හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.”
හෝ, “තැනිතලාවේ.”