යොෂුවා 19:1-51

  • සිමියොන් ගෝත්‍රයට ලැබුණ උරුමය (1-9)

  • සෙබ්‍යූලන් ගෝත්‍රයට ලැබුණ උරුමය (10-16)

  • ඉසකාර් ගෝත්‍රයට ලැබුණ උරුමය (17-23)

  • ආෂෙර් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-31)

  • නෆ්තලී ගෝත්‍රයට ලැබුණ උරුමය (32-39)

  • දාන් ගෝත්‍රයට ලැබුණ උරුමය (40-48)

  • යොෂුවාට ලැබුණ උරුමය (49-51)

19  දෙවෙනි වතාවට දාදු දාලා+ සිමියොන් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. එයාලට උරුම වුණ කොටස තිබුණේ යූදා+ ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශය ඇතුළේ.  එයාලට උරුම වුණ නගර මේවායි. බෙයර්ෂෙබා,+ ෂෙබා, මොලාදා,+  හෂර්ෂුවාල්,+ බාලා, ඒෂෙම්,+  එල්තෝලද්,+ බෙතුල්, හොර්මා,  ෂික්ලග්,+ බෙත්මර්කාබොත්, හෂර්සූසා,  බෙත්ලෙබායොත්+ සහ ෂාරුහෙන්. ඒ කොටසේ නගර 13ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.  ආයින්, රිම්මොන්, එතෙර් සහ ආෂාන්+ කියන නගර හතරත් ඒවාට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.  දකුණේ රාමා කියලත් හඳුන්වන බාලාත්බෙයේර් නගරය දක්වාම තියෙන හැම ගම්මානයක්මත් එයාලට අයිති වුණා. සිමියොන් ගෝත්‍රයේ පවුල්වලට උරුම වුණ ප්‍රදේශය ඒකයි.  යූදා ගෝත්‍රයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලොකු ප්‍රදේශයක් ලැබුණ නිසා සිමියොන් ගෝත්‍රයට ඒ ප්‍රදේශයෙන් කොටසක් උරුම වුණා. සිමියොන් ගෝත්‍රයට ලැබුණ උරුමය තිබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශය ඇතුළේ.+ 10  තුන්වෙනි වතාවට දාදු දාලා+ සෙබ්‍යූලන් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. එයාලට උරුමයක් විදිහට ලැබුණ ප්‍රදේශයේ සීමාව සාරිද් නගරය දක්වාම විහිදිලා ගියා. 11  සාරිද් ඉඳන් දේශ සීමාව බස්නාහිර පැත්තේ තියෙන මරියල් දක්වාත් දබ්බෙෂෙත් නගරය දක්වාත් විහිදිලා ගියා. ඒක එතනින් යොක්නෙයාම් නගරය ඉස්සරහා තියෙන නිම්නය දක්වා ගියා. 12  දේශ සීමාව සාරිද් ඉඳන් නැඟෙනහිර පැත්තට කිස්ලොත්තාබොර් නගරයේ මායිම දක්වාත් දාබෙරත්+ නගරය සහ යාෆියා දක්වාත් විහිදිලා ගියා. 13  එතන ඉඳන් ඒක ආපහු නැඟෙනහිර පැත්තට හැරිලා ගාත්හේෆෙර්+ නගරය දක්වාත් එත්කාෂින් දක්වාත් රිම්මොන් නගරය සහ නෙයා නගරය දක්වාත් විහිදිලා ගියා. 14  දේශ සීමාව එතනින් හැරිලා උතුරු පැත්තෙන් තියෙන හන්නාතොන් නගරය දක්වා ගිහින් ඉප්තායෙල් නිම්නයෙන් ඉවර වුණා. 15  එයාලාගේ කොටසට කට්ටාත්, නහලාල්, ෂිම්රොන්,+ ඉදලා සහ බෙත්ලෙහෙම+ අයිති වුණා. ඒ කොටසේ නගර 12ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 16  සෙබ්‍යූලන් ගෝත්‍රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි. 17  හතරවෙනි වතාවට දාදු දාලා+ ඉසකාර් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 18  එයාලට උරුම වුණ දේශයේ මායිම්වල තියෙන තැන් මේවායි. යෙෂ්‍රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+ 19  හෆරායිම්, ෂියොන්, අනාහරාත්, 20  රබ්බිත්, කිෂියොන්, ඒබෙෂ්, 21  රෙමෙත්, ඒන්ගන්නිම්,+ ඒන්හද්දා සහ බෙත්පෂ්ෂෙෂ්. 22  එයාලාගේ දේශ සීමාව තාබෝර්+ දක්වාත් ෂහෂුමා දක්වාත් බෙත්ෂෙමෙෂ් නගරය දක්වාත් ගිහින් යොර්දාන් ගඟෙන් ඉවර වුණා. ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 23  ඉසකාර් ගෝත්‍රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි. 24  පස්වෙනි වතාවට දාදු දාලා+ ආෂෙර් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 25  එයාලට උරුම වුණ දේශයේ මායිම්වල තියෙන නගර මේවායි. හෙල්කාත්,+ හලී, බෙටෙන්, අක්ෂාප්, 26  අල්ලම්මෙලෙක්, අමාද් සහ මිෂාල්. ඒ දේශ සීමාව බස්නාහිර පැත්තෙන් තියෙන කර්මෙල්+ කඳුවැටිය දක්වාත් ෂිහොර්ලිබ්නාත් දක්වාත් විහිදිලා ගියා. 27  ඒක නැඟෙනහිර පැත්තට වෙන්න තිබුණ බෙත්දාගොන් නගරය සහ සෙබ්‍යූලන් ගෝත්‍රයේ දේශ සීමාව දක්වාත් ඉප්තායෙල් නිම්නයේ උතුරු ප්‍රදේශය හරහාත් දිව ගියා. දේශ සීමාවේ බෙත්ඒමෙක් සහ නෙයියෙල් කියන නගරත් තිබුණා. ඒක කාබුල් නගරයේ වම් පැත්තෙන් ගිහින් 28  ඒබ්‍රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් කියන නගර දක්වාත් දිව ගියා. ඒ වගේම ප්‍රධාන නගරයක් වන සීදොන්+ දක්වාත් ඒක විහිදිලා ගියා. 29  රාමා නගරයේ ඉඳන් බලකොටු තියෙන නුවරක් වන තීර්+ වෙන කල් දේශ සීමාව විහිදිලා ගියා. එතනින් ඒක හෝසා නගරය දක්වා දිව ගියා. ඒක අවසන් වුණේ මහ මුහුද ළඟ තියෙන අක්ෂිබ්, 30  උම්මා, අපෙක්+ සහ රෙහොබ්+ කියන නගර කිට්ටුවෙන්. ඒ කොටසේ නගර 22ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 31  ආෂෙර් ගෝත්‍රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි. 32  හයවෙනි වතාවට දාදු දාලා+ නෆ්තලී ගෝත්‍රයේ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 33  එයාලාගේ දේශ සීමාව හේලෙෆ් සහ ෂයනන්නිම්වල විශාල ගහ+ ළඟින් පටන් අරන් අදාමිනෙකෙබ්, යබ්නෙයෙල් සහ ලක්කුම් කියන ප්‍රදේශ දක්වා දිව ගියා. ඒක අවසන් වුණේ යොර්දාන් ගඟෙන්. 34  එතන ඉඳන් දේශ සීමාව බස්නාහිර පැත්තට වෙන්න තියෙන අෂ්නොත්තාබොර් දක්වාත් හුක්කොක් දක්වාත් විහිදිලා ගියා. එයාලාගේ දේශයට දකුණු පැත්තෙන් තිබුණේ සෙබ්‍යූලන් ගෝත්‍රයේ දේශ සීමාවයි. බස්නාහිර පැත්තෙන් තිබුණේ ආෂෙර් ගෝත්‍රයේ දේශ සීමාවයි. එයාලාගේ නැඟෙනහිර දේශ සීමාව යොර්දාන් ගඟ ළඟ තියෙන යූදා දේශය* දක්වා විහිදිලා ගියා. 35  එයාලාගේ දේශ සීමාවට අයිති බලකොටු තියෙන නුවරවල් මේවායි. ෂිද්දිම්, ෂේර්, හම්මත්,+ රක්කත්, කින්නෙරෙත්, 36  අදාමා, රාමා, හාෂොර්,+ 37  කෙදෙෂ්,+ එද්රෙයි, ඒන්හාෂොර්, 38  ඉරොන්, මිග්දල්එල්, හෝරෙම්, බෙත්අනාත් සහ බෙත්ෂෙමෙෂ්.+ ඒ කොටසේ නගර 19ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 39  නෆ්තලී ගෝත්‍රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි. 40  හත්වෙනි වතාවට දාදු දාලා+ දාන් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 41  එයාලාගේ දේශයේ මායිම්වල තිබුණ නගර සහ ස්ථාන මේවායි. ෂොරා,+ එෂ්තායොල්, ඉර්ෂෙමෙෂ්, 42  ෂායල්අබ්බින්,+ ආයාලොන්,+ ඉත්ලා, 43  ඒලොන්, තිම්නාහ්,+ එක්‍රොන්,+ 44  එල්තෙකේහ්, ගිබ්බෙතොන්,+ බාලාත්, 45  යෙහුද් බෙනේබෙරක්, ගාත්රිම්මොන්,+ 46  මේයර්කොන් සහ රක්කොන්. එයාලාගේ දේශ සීමාව යොප්පා+ නගරය ඉස්සරහින් ඉවර වුණා. 47  ඒත් දාන් ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශය එයාලට මදි වුණ නිසා+ එයාලා ලේෂම් නගරයට විරුද්ධව සටන් කරලා+ එහේ හිටපු අයව කඩුවෙන් මරලා දාලා එහේ පදිංචි වුණා. පස්සේ එයාලා ඒ නගරය දාන් කියන එයාලාගේ මුතුන්මිත්තාගේ නමින් හැඳින්නුවා.+ 48  දාන් ගෝත්‍රයට උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි. 49  ඔය විදිහට දේශයේ ඉඩම් ගෝත්‍රවලට වෙන් කරලා දුන්නා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු එයාලට අයිති දේශයෙන් කොටසක් නූන්ගේ පුතා වන යොෂුවාට දුන්නා. 50  යොෂුවා එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකරයේ තිබුණ තිම්නත්සේරා+ නගරය ඉල්ලුවා. ඒ නගරය එයාට දෙන්න කියලා යෙහෝවා අණ කළා. යොෂුවා ඒ නගරය දියුණු කරලා ඒකේ ජීවත් වුණා. 51  පූජක එලියාසර්, නූන්ගේ පුතා වන යොෂුවා සහ ඊශ්‍රායෙල් ගෝත්‍රවල නායකයෝ ෂීලෝ+ නගරයේ තිබුණ හමු වීමේ කූඩාරම ළඟ+ යෙහෝවා දෙවියන් ඉස්සරහා දාදු දාලා ඊශ්‍රායෙල්වරුන්ට දේශය බෙදලා දුන්නා.+

පාදසටහන්

මෙතන කතා කරන්නේ යූදා ගෝත්‍රයට අයිති දේශය ගැන නෙමෙයි. යූදා ගෝත්‍රයේ කෙනෙක්ට අයිති ඉඩමක් ගැනයි.