යොෂුවා 23:1-16

  • යොෂුවා අවසන් වතාවට ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධානීන්ට කතා කරයි (1-16)

    • යෙහෝවා එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ (14)

23  සතුරු ආක්‍රමණ නැති සාමකාමී කාලයක්+ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට උදා කරලයි තිබුණේ. ඒ විදිහට එයාලා කාලයක් නිදහසේ ගත කළා. යොෂුවාත් හුඟක් වයසට ගිහිනුයි හිටියේ.+  යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ටයි, නායකයන්ටයි, විනිශ්චයකරුවන්ටයි, නිලධාරීන්ටයි,+ මුළු සෙනඟටයි එන්න කියලා+ එයාලට මෙහෙම කිව්වා. “මං දැන් හොඳටම වයසට ගිහින්.  අවට ජාතීන්ව ඔයාලට යටත් කරලා දෙන්න යෙහෝවා කරපු හැම දෙයක්ම ඔයාලා ඇස් දෙකෙන්ම දැක්කා. ඒ කාලය පුරාම යෙහෝවා තමයි ඔයාලා වෙනුවෙන් සටන් කළේ.+  යොර්දාන් ගඟේ ඉඳන් බස්නාහිර පැත්තේ තියෙන මහ මුහුද* වෙන කල් හිටපු අයව මං පන්නලා දැම්මා.+ ඒ දේශය මං දාදු දාලා ඔයාලට බෙදලා දුන්නා.+ වෙනත් ජාතීන් තාමත් මේ දේශයේ තැනින් තැන ජීවත් වුණත් ඒක අයිති ඔයාලටයි.+  ඒත් ඒ ජාතීන්ව මේ දේශයෙන් පන්නලා දැම්මේ ඔයාලාගේ දෙවි යෙහෝවායි.+ ඔයාලා ඒක ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා එහෙම කරලා ඔහු පොරොන්දු වුණ විදිහටම ඔයාලට මේ දේශය උරුම කරලා දුන්නා.+  “ඔයාලා හිතට ධෛර්යය අරන් මෝසෙස් ඔයාලට දීපු නීතියේ+ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම කරන්න. කවදාවත් ඒ නීතියට පිටු පාලා වැරදි මාර්ගයක යන්න එපා.*+  ඔයාලා අතරේ ඉන්න වෙනත් ජාතීන් එක්ක කවදාවත් ආශ්‍රය කරන්න එපා.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් එයාලාගේ රූප ඉස්සරහා වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම් සඳහන් කරන්නවත්+ ඒ නම්වලින් දිවුරන්නවත් එපා.  මේ වෙන කල් ඔයාලාගේ දෙවි යෙහෝවා එක්කම ඔයාලා හිටියා. හැමදාමත් ඒ විදිහට ඉන්න.+  අද වෙන කල් කිසිම කෙනෙක්ට පුළුවන් වුණේ නැහැ ඔයාලව පරාජය කරන්න.+ ඉස්සරහටත් යෙහෝවා දෙවියන් බලවත් ජාතීන්ව ඔයාලාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+ 10  ඔයාලාගෙන් එක් කෙනෙක්ට මිනිස්සු දාහක් පන්නලා දාන්න පුළුවන් වෙයි.+ මොකද පොරොන්දු වුණ විදිහටම+ ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලා වෙනුවෙන් සටන් කරයි.+ 11  ඒ නිසා යෙහෝවා දෙවියන් ගැන ඔයාලාගේ හිතේ තියෙන ආදරය+ කවදාවත් නැති වෙන්න දෙන්න එපා.+ ඒක ඔයාලට ආරක්ෂාවක් වෙයි. 12  “දෙවියන්ව අත්හැරලා ඔයාලා අතරේ ඉන්න වෙනත් ජාතීන්+ එක්ක ආශ්‍රය කරන්න එපා. එයාලා එක්ක විවාහ ගිවිසුම් ඇති කරගන්නත් එපා.+ එහෙම කළොත්, 13  ඔයාලාගේ දෙවි යෙහෝවා ඒ ජාතීන්ව පන්නලා දාන්න ඔයාලට කොහොමටවත් උදව් කරන්නේ නැහැ.+ එතකොට ඒ ජාතීන් ඔයාලට උගුලක් වෙයි. හරියට කසයකින් පහර දෙනවා වගෙත් ඇස්වලට කටුවලින් අනිනවා වගෙත් ඒ අය ඔයාලට හිංසා කරයි.+ ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට දුන්න මේ සරුසාර දේශයෙන් ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් එයාලා ඔයාලට හිරිහැර කරයි. 14  “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.+ 15  ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න ඒ හැම පොරොන්දුවක්ම ඉටු වුණා+ වගේම ඔයාලා යෙහෝවාට අකීකරු වුණොත් ඔහු කියපු හැම විපතක්ම අද්දකින්නත් ඔයාලට සිද්ධ වෙයි. යෙහෝවා දුන්න මේ සරුසාර දේශයෙන් ඔයාලා නැති වෙලා යන කල්ම ඒ හැම විපතක්ම අද්දකින්න ඔහු ඔයාලට ඉඩහරියි.+ 16  ඔයාලා යෙහෝවා දෙවියන් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරලා වෙන දෙවිවරුන්ට නමස්කාර කළොත් එයාලාගේ රූප ඉස්සරහා වැඳ වැටුණොත් යෙහෝවාට අනිවාර්යයෙන්ම ඔයාලා ගැන ලොකු කේන්තියක් ඇති වෙයි.+ එතකොට ඔහු දුන්න මේ සරුසාර දේශයෙන් ඔයාලා ඉක්මනින්ම නැති වෙලා යයි.”+

පාදසටහන්

ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
මූ.අ., “ඒකෙන් දකුණටවත් වමටවත් යන්න එපා.”