යොහන් 13:1-38

  • යේසුස් ගෝලයන්ගේ කකුල් හෝදයි (1-20)

  • තමන්ව පාවලා දෙන කෙනා යූදස් කියලා යේසුස් හෙළි කරයි (21-30)

  • අලුත් ආඥාවක් (31-35)

    • “ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම්” (35)

  • පේතෘස් තමන්ව ප්‍රතික්ෂේප කරනවා කියලා යේසුස් කලින්ම කියයි (36-38)

13  මේ ලෝකයෙන් සමු අරන් පියාණන් ළඟට යන්න+ කාලය ඇවිල්ලා+ තියෙනවා කියලා යේසුස් පාස්කු උත්සවයට කලින්ම දැනගෙන හිටියා. මේ ලෝකයේ හිටපු ඔහුගේ අනුගාමිකයන්ට* ඔහු ගොඩක් ආදරේ කළා. අන්තිමය වෙන කල්ම ඔහු එයාලට ආදරේ කළා.+  එයාලා කෑම කන්න පටන් අරන් තිබුණා. ඒ වෙද්දී යේසුස්ව පාවලා දෙන+ අදහස යක්ෂයා, සීමොන්ගේ පුතා වුණ යූදස් ඉස්කාරියොත්ගේ+ හිතට දාලයි තිබුණේ.  පියාණන් තමන්ගේ අතට හැම දෙයක්ම භාර දීලා තියෙනවා කියලත් තමන් දෙවියන් ළඟ ඉඳන් ආවා කියලත් ආපහු දෙවියන් ළඟට යනවා+ කියලත් යේසුස් දැනගෙන හිටියා.  ඉතින් ඔහු මේසයෙන් නැඟිටලා ඔහුගේ පිට වස්ත්‍ර ගලවලා පැත්තකින් තිබ්බා. ඊටපස්සේ තුවායක් අරගෙන ඒක ඉණ වටේ බැඳගත්තා.+  ඔහු බේසමකට වතුර දාලා ගෝලයන්ගේ කකුල් හෝදලා, ඉණ වටේ බැඳගෙන හිටපු තුවායෙන් එයාලාගේ කකුල් පිහ දාන්න පටන්ගත්තා.  ඔහු සීමොන් පේතෘස් ළඟට ආවාම එයා මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ඔයා මගේ කකුලුත් හෝදන්නද හදන්නේ?”  යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “මම කරන දේ ඔයාට දැන් තේරෙන්නේ නැහැ. ඒත් පස්සේ ඔයා ඒ ගැන තේරුම්ගනියි.”  එතකොට පේතෘස් “ඔයාට මගේ කකුල් හෝදන්න මම කවදාවත් ඉඩ දෙන්නේ නැහැ” කියලා ඔහුට කිව්වා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මං ඔයාගේ කකුල් හේදුවේ නැත්තං+ ඔයා මට අයිති කෙනෙක් වෙන්නේ නැහැ.”  එතකොට සීමොන් පේතෘස් ඔහුට මෙහෙම කිව්වා “ස්වාමීනි, මගේ කකුල් විතරක් නෙමෙයි මගේ අත් දෙකයි, ඔළුවයි ඔක්කොම හෝදන්න.” 10  යේසුස් එයාට මෙහෙම කිව්වා. “නාලා ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම පවිත්‍රයි. ඒ නිසා එයාගේ කකුල් හේදුවාම ඇති. ඔයාලා පවිත්‍රයි. ඒත් හැමෝම එහෙම නැහැ.” 11  “හැමෝම එහෙම නැහැ” කියලා ඔහු කිව්වේ තමන්ව පාවලා දෙන්නේ කවුද+ කියලා ඔහු දැනගෙන හිටපු නිසයි. 12  යේසුස් ගෝලයන්ගේ කකුල් හෝදලා ඉවර වුණාට පස්සේ ඔහුගේ පිට වස්ත්‍ර ආයෙත් ඇඳගෙන මේසය ළඟ ඉඳගත්තා. ඔහු එයාලට මෙහෙම කිව්වා. “මම ඔයාලාගේ කකුල් හේදුවේ ඇයි කියලා ඔයාලට තේරුණාද? 13  ඔයාලා මට ‘ගුරුතුමා, ස්වාමීන්’ කියලා කියනවා. එහෙම කියන එක හරි. මොකද මම ඔයාලාගේ ගුරුතුමා සහ ස්වාමීන්.+ 14  ඉතින් මම ඔයාලාගේ ස්වාමීන් සහ ගුරුතුමා වෙලත් මං ඔයාලාගේ කකුල් හේදුවා+ නම් ඔයාලත් එකිනෙකාගේ කකුල් හෝදන්න ඕනේ.*+ 15  මං ඔයාලට තියන ආදර්ශය ඒකයි. මං ඔයාලා වෙනුවෙන් කරපු දේම ඔයාලත් කරන්න ඕනේ.+ 16  ඇත්තටම මං ඔයාලට කියන්නේ දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. ඒ වගේම පණිවිඩය අරන් යන කෙනා එයාව එවන කෙනාට වඩා උසස් වෙන්නේ නැහැ. 17  දැන් ඔයාලා මේ දේවල් ගැන දන්නවා. ඒවා ඔයාලා පිළිපැද්දොත් ඔයාලට සතුටු වෙන්න පුළුවන්.+ 18  මං මේ කතා කරන්නේ ඔයාලා හැමෝම ගැන නෙමෙයි. මොකද මං තෝරගත්ත අය කවුද කියලා මං දන්නවා. ඒත් ‘මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු කෙනා මට ද්‍රෝහි වුණා’*+ කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ මේකෙන් ඉටු වෙනවා.+ 19  වෙන්න තියෙන දේ ගැන මං ඔයාලට දැන්මම කියනවා. එහෙම කියන්නේ ඒක වෙනවා දකිද්දී ශුද්ධ ලියවිල්ලේ කතා කරන්නේ මං ගැනයි කියලා ඔයාලට තේරුම්ගන්න පුළුවන් වෙන්නයි.+ 20  ඇත්තටම මං ඔයාලට කියන්නේ මං යවන අයව පිළිගන්න කෙනා මාවත් පිළිගන්නවා.+ මාව පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.”+ 21  ඒ දේවල් කිව්වාට පස්සේ යේසුස්ගේ හිතට ලොකු බරක් දැනුණා. එයා මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා.”+ 22  ඔහු එහෙම කියන්නේ කා ගැනද කියලා හිතාගන්න බැරුව ගෝලයෝ එකිනෙකා දිහා බලන්න පටන්ගත්තා.+ 23  යේසුස්ගේ එක ගෝලයෙක් ඔහු ළඟින්ම* ඉඳගෙන හිටියා. ඒ ගෝලයාට තමයි ඔහු ගොඩක්ම ආදරේ කළේ.+ 24  සීමොන් පේතෘස් ඒ ගෝලයා දිහා බලලා* මෙහෙම කිව්වා. “එයා කා ගැනද මේ කියන්නේ?” 25  ඉතින් ඒ ගෝලයා යේසුස්ගේ පපුවට හේත්තු වෙලා “ස්වාමීනි, කවුරු ගැනද ඔයා කතා කරන්නේ”+ කියලා ඇහුවා. 26  එතකොට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං දැන් රොටි කෑල්ලක් පොඟවලා දෙන කෙනා තමයි ඒ.”+ ඊටපස්සේ ඔහු රොටි කෑල්ලක් පොඟවලා ඒක සීමොන් ඉස්කාරියොත්ගේ පුතා වුණ යූදස්ට දුන්නා. 27  යූදස් ඒ රොටි කෑල්ල ගත්තාට පස්සේ සාතන් එයාගේ මනසට බලපෑම් කරන්න පටන්ගත්තා.+ ඉතින් යේසුස් “ඔයා කරන්න පටන්ගත්ත වැඩේ ඉක්මනට ගිහින් කරන්න” කියලා එයාට කිව්වා. 28  ඒත් මේසය වටේ ඉඳගෙන හිටපු කවුරුත් යේසුස් ඒ දේ එයාට කිව්වේ ඇයි කියලා දැනගෙන හිටියේ නැහැ. 29  යූදස් සල්ලි පෙට්ටිය+ භාරව හිටපු නිසා සමහරු හිතුවේ යේසුස් එයාට “උත්සවේට ඕනෙ කරන දේවල් ගන්න” කිව්වා කියලයි. එහෙම නැත්නම් දුප්පත් අයට සල්ලි දෙන්න කිව්වා කියලයි. 30  යූදස් රොටි කෑල්ල ගත්තාට පස්සේ ඉක්මනින්ම එතනින් පිටත් වෙලා ගියා. ඒ වෙද්දී කළුවර වැටිලා තිබුණා.+ 31  යූදස් එතනින් ගියාට පස්සේ යේසුස් මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාව දැන් ගෞරවයට පත් කරනවා.+ ඔහු නිසා දෙවියන්ටත් ගෞරවයක් ලැබෙනවා. 32  දෙවියන් ඔහුව තේජසට පත් කරනවා.+ ඔහු ඒ දේ ඉක්මනින්ම කරයි. 33  මගේ ආදරණීය දරුවෙනි, මම ඔයාලත් එක්ක ඉන්නේ තව පොඩි වෙලාවක් විතරයි. ඔයාලා මාව හොයයි. ඒත් මං යුදෙව්වන්ට කිව්ව දේම දැන් ඔයාලටත් කියනවා. ‘මං යන තැනට එන්න ඔයාලට බැහැ.’+ 34  මම දැන් ඔයාලට අලුත් ආඥාවක් දෙනවා. ඔයාලා එකිනෙකාට ආදරේ කරන්න. මම ඔයාලට ආදරේ කරපු විදිහටම+ ඔයාලත් එකිනෙකාට ආදරේ කරන්න.+ 35  ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා හැමෝම දැනගනියි.”+ 36  සීමොන් පේතෘස් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ඔයා කොහෙද යන්නේ?” එතකොට යේසුස් “මං යන තැනට දැන්මම ඔයාට එන්න බැහැ. ඒත් පස්සේ ඔයා එනවා”+ කියලා උත්තර දුන්නා. 37  පේතෘස් ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා යන තැනට මට දැන්මම එන්න බැරි ඇයි? ඔයා වෙනුවෙන් මැරෙන්න වුණත් මං ලෑස්තියි.”+ 38  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයා ඇත්තටම මං වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද? ඇත්තටම මං ඔයාට කියන්නේ කුකුළෙක් හඬලන්න කලින් ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා.”+

පාදසටහන්

හෝ, “ඔහුට අයිති අයට.”
හෝ, “බැඳිලා ඉන්නවා.”
මූ.අ., “මට පයින් ගහන්න ලෑස්ති වුණා.”
මූ.අ., “පපුවට හේත්තු වෙලා.”
මූ.අ., “ඒ ගෝලයාට ඔළුවෙන් සංඥා කරලා.”