යොහන් 14:1-31

  • පියාණන් ළඟට යන්න තියෙන එකම මාර්ගය යේසුස් (1-14)

    • “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” (6)

  • දෙවියන්ගේ බලය දෙනවා කියලා යේසුස් පොරොන්දු වෙයි (15-31)

    • “තාත්තා මට වඩා ශ්‍රේෂ්ඨයි” (28)

14  “ඔයාලාගේ හිත් කලබල කරගන්න එපා.+ දෙවියන් ගැන විශ්වාසය තියන්න.+ මං ගැනත් විශ්වාසය තියන්න.  මගේ තාත්තාගේ ගෙදර* ඉන්න ගොඩක් තැන් තියෙනවා. ඒක ඇත්තක් නෙමෙයි නම් මං ඒ ගැන ඔයාලට කියන්නේ නැහැ. ඉතින් මං ඔයාලා වෙනුවෙන් තැනක් සූදානම් කරන්න යනවා.+  මං ගිහිල්ලා ඔයාලට තැනක් ලෑස්ති කළාම මං ආයෙත් ඇවිල්ලා ඔයාලව මගේ ගෙදරට පිළිගන්නවා. එතකොට මං ඉන්න තැනම ඉන්න ඔයාලටත් පුළුවන්.+  මං යන තැනට එන විදිහ ඔයාලා දන්නවා.”  එතකොට තෝමස්+ ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා යන්නේ කොහෙද කියලා අපි දන්නේ නෑ. ඉතින් අපි කොහොමද එතනට එන විදිහ දැනගන්නේ?”  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මං නැතුව කාටවත් පියාණන් ළඟට යන්න බැහැ.+  ඔයාලා මාව හොඳට අඳුරගෙන හිටියා නම් ඔයාලා මගේ තාත්තාවත් හොඳට අඳුරගන්නවා. දැන් ඉඳන් ඔයාලා ඔහුව අඳුරගනියි. ඇත්තටම ඔයාලා දැනටමත් ඔහුව දැකලා තියෙනවා.”+  ෆිලිප් ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිට ඔයාගේ තාත්තාව පෙන්නන්න. අපිට ඒ හොඳටම ඇති.”  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ෆිලිප්, මං මෙච්චර කාලයක් ඔයාලා එක්ක ඉඳලත් ඔයාලා මාව හරියට අඳුරන්නේ නැද්ද? මාව දැකලා තියෙන කෙනා මගේ තාත්තාවත් දැකලා තියෙනවා.+ එහෙමනං ‘අපිට ඔයාගේ තාත්තාව පෙන්නන්න’ කියලා ඔයා කියන්නේ ඇයි? 10  මං තාත්තා එක්ක එකට බැඳිලා ඉන්නවා වගේම මගේ තාත්තාත් මාත් එක්ක එකට බැඳිලා ඉන්නවා+ කියලා ඔයා විශ්වාස කරන්නේ නැද්ද? මං ඔයාලට කියන මේ දේවල් මගේම අදහස් නෙමෙයි.+ මාත් එක්ක එකට බැඳිලා ඉන්න මගේ තාත්තා මං මාර්ගයෙන් තමයි ඔහු කැමති දේවල් කරන්නේ. 11  මං තාත්තා එක්ක එකට බැඳිලා ඉන්නවා වගේම මගේ තාත්තාත් මාත් එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා මං කියන දේ විශ්වාස කරන්න. ඒක විශ්වාස නැත්නම් මං කරන දේවල් දිහා බලලා හරි විශ්වාස කරන්න.+ 12  ඇත්තටම මං ඔයාලට කියන්නේ මං ගැන විශ්වාසය තියන කෙනා මං කරන දේවල්ම කරයි. ඒ කෙනා මීටත් වඩා හුඟක් දේවල් කරයි.+ මොකද මං දැන් මගේ තාත්තා ළඟට යනවා.+ 13  ඔයාලා මගේ නමින් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මං ඒක කරනවා. එහෙම කරන්නේ තාත්තාව ගෞරවයට පත් කරන්න පුතාට පුළුවන් වෙන්නයි.+ 14  ඔයාලා ඕනෙම දෙයක් මගේ නමින් ඉල්ලුවොත් මං ඒක කරනවා. 15  “ඔයාලා මට ආදරෙයි නම් මං අණ කරපු දේවල් ඔයාලා පිළිපදිනවා.+ 16  මං තාත්තාගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔහු ඔයාලා එක්ක හැමදාටම ඉන්න තවත් උදව් කරන්නෙක්ව* එවයි.+ 17  ඒ තමයි සත්‍යය හෙළි කරන දෙවියන්ගේ බලය.+ ඒක ලබාගන්න ලෝකයට බැහැ. මොකද ලෝකයට ඒ බලය පේන්නේ නැහැ. ඒක වැඩ කරන විදිහ හඳුනගන්නත් ලෝකයට බැහැ.+ ඒත් ඔයාලට පුළුවන් ඒක හඳුනගන්න. මොකද ඒක ඔයාලට දැන් තියෙනවා. ඒක ඔයාලව අතහැරලා යන්නේ නැහැ. 18  මං ඔයාලව තනි කරන්නේ නැහැ.* මං ආයෙත් ඔයාලා ළඟට එනවා.+ 19  තව ටික වෙලාවකට පස්සේ ලෝකය මාව ආපහු දකින්නේ නැහැ. ඒත් ඔයාලා මාව දකියි.+ මොකද මං දිගටම ජීවත් වෙනවා. ඒ නිසා ඔයාලත් ජීවත් වෙයි. 20  මං මගේ තාත්තා එක්ක එකට බැඳිලා ඉන්නවා කියලත් ඔයාලා මාත් එක්කයි, මං ඔයාලා එක්කයි එකට බැඳිලා ඉන්නවා+ කියලත් එදාට ඔයාලා තේරුම්ගනියි. 21  මගේ ආඥා පිළි අරන් ඒවාට කීකරු වෙන කෙනා තමයි ඇත්තටම මට ආදරේ කරන්නේ. මට ආදරේ කරන කෙනාට මගේ තාත්තාත් ආදරේ කරනවා. මමත් එයාට ආදරේ කරනවා. මං ගැන හැම දෙයක්ම එයාට හෙළි කරනවා.” 22  එතකොට යූදස්+ ඉස්කාරියොත් නෙමෙයි අනිත් යූදස් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ඔයා ගැන ලෝකයට හෙළි කරන්නේ නැතුව අපිට විතරක් හෙළි කරන්නේ ඇයි?” 23  යේසුස් එයාට මෙහෙම කිව්වා. “කෙනෙක් මට ආදරේ කරනවා නම් එයා මං කියන දේවල් පිළිපදිනවා.+ මගේ තාත්තාත් එයාට ආදරේ කරයි. අපි දෙන්නා එයා ළඟට ඇවිල්ලා එයා එක්ක වාසය කරනවා.+ 24  මට ආදරේ කරන්නේ නැති කෙනෙක් මං කියන දේවල් පිළිපදින්නේ නැහැ. ඔයාලා අහන මේ දේවල් මගේම අදහස් නෙමෙයි. ඒවා මාව එවපු මගේ තාත්තාගේ අදහස්.+ 25  “මං මේ දේවල් ඔයාලට කිව්වේ ඔයාලා එක්ක ඉද්දිමයි. 26  ඒත් තාත්තා ඔයාලාගේ උදව්වට මගේ නමින් එවන ඔහුගේ බලය ඔයාලට හැම දෙයක්ම උගන්නයි. මං ඔයාලට කියලා දීපු හැම දෙයක්ම ආයේ මතක් කරගන්නත් ඒ බලය ඔයාලට උදව් කරයි.+ 27  මං අද්දකින සමාදානය මං ඔයාලට දෙනවා.+ මං ගියත් ඔයාලා ඒ සමාදානය දිගටම අද්දකියි. මං ඔයාලට සමාදානය දෙන්නේ මේ ලෝකය සමාදානය දෙන විදිහට නෙමෙයි. ඉතින් ඔයාලාගේ හිත් කලබල කරගන්න එපා. ඒ වගේම බය වෙලා පහුබහින්නත් එපා. 28  ‘මං යනවා කියලත් මං ආපහු ඔයාලා ළඟට එනවා කියලත්’ මං කිව්ව දේ ඔයාලට ඇහුණා. ඔයාලා මට ආදරෙයි නම් මං තාත්තා ළඟට යන එක ගැන ඔයාලා සතුටු වෙනවා. මොකද තාත්තා මට වඩා ශ්‍රේෂ්ඨයි.+ 29  මම මේ දේවල් ගැන කලින්ම ඔයාලට කිව්වේ ඒවා වෙනවා දකිද්දී මං කිව්ව දේවල් ගැන ඔයාලට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙන්නයි.+ 30  මං ඔයාලා එක්ක තව ගොඩක් දේවල් කතා කරන්නේ නැහැ. මොකද ලෝකයේ පාලකයා+ එනවා. ඒත් එයාට මාව අල්ලගන්න බැහැ.*+ 31  හැබැයි ලෝකයම දැනගන්න ඕනෙ මං තාත්තාට ආදරෙයි කියලා. ඒ නිසයි තාත්තා මට කරන්න කියපු දේ මං ඒ විදිහටම කරන්නේ.+ නැඟිටින්න, දැන් අපි මෙතනින් යමු.

පාදසටහන්

ඒ කියන්නේ ස්වර්ගයේ.
හෝ, “සනසන්නෙක්ව.” පුද්ගලයෙක් විදිහට මෙතන කතා කරන්නේ දෙවියන්ගේ බලය ගැනයි.
හෝ, “අනාථ කරන්නේ නැහැ.”
හෝ, “එයාට මාව යටත් කරගන්න බලයක් නැහැ.”