යොහන් 17:1-26

  • නියෝජිතයන් එක්ක යේසුස් කරපු අවසන් යාච්ඤාව (1-26)

    • දෙවියන්ව දැන අඳුරගන්න එකෙන් සදාකාල ජීවිතය ලැබෙයි (3)

    • ක්‍රිස්තියානීන් මේ ලෝකයට අයිති නැහැ (14-16)

    • “ඔයා කියන දේවල් සත්‍යයයි” (17)

    • “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා” (26)

17  යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ ඔහු ස්වර්ගය දිහා බලලා මෙහෙම කිව්වා. “තාත්තේ, නියමිත වෙලාව ඇවිල්ලයි තියෙන්නේ. ඔයාගේ පුතාව ගෞරවයට පත් කරන්න. එතකොට ඔයාගේ පුතාට පුළුවන් ඔයාව ගෞරවයට පත් කරන්න.+  ඔයා මිනිස්සු හැමෝවම පුතා අතට භාර දුන්නා.+ එහෙම කළේ ඔයා භාර දුන්න හැමෝටම+ සදාකාල ජීවිතය ලබා දෙන්න+ පුතාට පුළුවන් වෙන්නයි.  සදාකාල ජීවිතය+ ලබාගන්න නම් එයාලා එකම සැබෑ දෙවි+ වන ඔයාවත් ඔයා එවපු කෙනා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන අඳුරගන්න ඕනේ.*  ඔයා මට කරන්න දුන්න වැඩ කොටස ඉවර කරලා+ පොළොවේදී මං ඔයාව ගෞරවයට පත් කළා.+  තාත්තේ, ඔයා ළඟට එන්න මං කැමතියි. ලෝකය ඇති වෙන්න කලින් මං ඔයා ළඟ ඉද්දී මට තිබුණ ගෞරවය මට ආපහු ලබා දෙන්න.+  “ඔයා ලෝකයෙන් මට භාර දුන්න මිනිස්සුන්ට මම ඔයාගේ නම ගැන කිව්වා.*+ ඔයාට අයිති වෙලා හිටිය ඒ අයව ඔයා මට භාර දුන්නා. එයාලා ඔයා කියපු දේවල් පිළිපදිනවා.*  ඔයා මට භාර දුන්න හැම දෙයක්ම මට ලැබුණේ ඔයාගෙන් කියලා එයාලා දැන් දන්නවා.  එයාලා ඒක දැනගත්තේ ඔයා මට කියලා දුන්න දේවල් මං එයාලට කියලා දුන්න නිසයි.+ එයාලා ඒවා පිළිගත්තා. මං ඔයාගේ නියෝජිතයා විදිහට ආවා කියලා එයාලා තේරුම්ගත්තා.+ මාව එව්වේ ඔයා කියලා එයාලට විශ්වාසයි.+  මං එයාලා ගැන කන්නලව් කරනවා. මං කන්නලව් කරන්නේ මේ ලෝකයේ ඉන්න අය ගැන නෙමෙයි ඔයා මට භාර දුන්න අය ගැනයි. මොකද එයාලා අයිති ඔයාටයි. 10  මට අයිති හැම දෙයක්ම ඔයාගේ. ඔයාට අයිති හැම දෙයක්ම මගේ.+ එයාලා ඉස්සරහා මට ගෞරවය ලැබුණා. 11  “මම ලෝකයෙන් සමු අරන් ඔයා ළඟට එනවා. ඒත් එයාලා ඉන්නේ ලෝකයේ.+ තාත්තේ, ඔයා ශුද්ධ කෙනෙක්. ඔයාගෙම නම වෙනුවෙන් එයාලව බලාගන්න.+ ඔයා මට නියෝජනය කරන්න භාර දුන්න නම වෙනුවෙන් එහෙම කරන්න. එතකොට අපි දෙන්නා එක් කෙනෙක් වගේ* වැඩ කරන විදිහටම එයාලටත් එක් කෙනෙක් වගේ* වැඩ කරන්න පුළුවන් වෙයි.+ 12  මං එයාලා එක්ක ඉද්දී ඔයාගේ නම වෙනුවෙන් මං එයාලව බලාගත්තා.+ ඔයා මට නියෝජනය කරන්න භාර දුන්න ඔයාගේ නම වෙනුවෙන් මං එහෙම කළා. මං එයාලව ආරක්ෂා කළා. එයාලාගෙන් එක් කෙනෙක්ටවත් හානියක් වුණේ නැහැ.+ නැති වුණේ විනාශ වෙන කෙනා විතරයි.+ එහෙම වුණේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ ඉටු වෙන්නයි.+ 13  දැන් මං ඔයා ළඟට එනවා. මං මේ දේවල් ගැන මේ ලෝකයේ ඉද්දී කියන්නේ මං අද්දකින සතුටට සමාන සතුටක් එයාලටත් කිසිම අඩුවක් නැතුව අද්දකින්න පුළුවන් වෙන්නයි.+ 14  ඔයා කියපු දේවල් මං එයාලට කිව්වා. ඒත් ලෝකය එයාලට වෛර කරනවා. මොකද මං ලෝකයට අයිති නැහැ වගේම එයාලත් මේ ලෝකයට අයිති නැහැ.+ 15  “මං ඔයාගෙන් ඉල්ලන්නේ එයාලව ලෝකයෙන් අයින් කරන්න කියලා නෙමෙයි. ඒත් දුෂ්ටයාගෙන් එයාලව ආරක්ෂා කරන්න කියලයි.+ 16  මං ලෝකයට අයිති නැහැ+ වගේම එයාලත් මේ ලෝකයට අයිති නැහැ.+ 17  ඔයා කියන දේවල් සත්‍යයයි.+ ඒ සත්‍ය වදන් මාර්ගයෙන් එයාලව ශුද්ධ අය විදිහට වෙන් කරලා තියාගන්න.*+ 18  ඔයා මාව ලෝකයට එව්ව විදිහටම මමත් එයාලව ලෝකයට යැව්වා.+ 19  මං එයාලා වෙනුවෙන් ශුද්ධ කෙනෙක් විදිහට වෙන් වෙලා ඉන්නවා. එතකොට සත්‍ය වදන් මාර්ගයෙන් ශුද්ධ අය විදිහට වෙන් වෙලා ඉන්න එයාලටත් පුළුවන් වෙයි. 20  “මම ඔයාට කන්නලව් කරන්නේ මේ අය ගැන විතරක් නෙමෙයි, මෙයාලා කියන දේවල් අහලා මං ගැන විශ්වාසය තියන අය ගැනත් ඔයාට කන්නලව් කරනවා. 21  තාත්තේ, මං එහෙම කරන්නේ එක් කෙනෙක් වගේ වැඩ කරන්න එයාලට පුළුවන් වෙන්නයි.+ හරියට ඔයා මං එක්කත් මං ඔයා එක්කත් එකට බැඳිලා ඉන්නවා වගේ+ එයාලටත් පුළුවන් වෙයි අපිත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මාව එව්වේ ඔයා කියලා විශ්වාස කරන්න ලෝකයට පුළුවන්. 22  ඔයා මට ලබා දුන්න ගෞරවය මං එයාලටත් දුන්නා. එහෙම කළේ අපි දෙන්නා එක් කෙනෙක් වගේ වැඩ කරන විදිහටම එයාලටත් එක් කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නයි.+ 23  මං එයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා. ඔයා මාත් එක්ක එකට බැඳිලා ඉන්නවා. ඒ නිසා එයාලට පුළුවන් වෙයි හැම අතින්ම එක්සත්ව ඉන්න.* ඔයා මාව එව්වා කියලත් ඔයා මට ආදරේ කරන විදිහටම එයාලට ආදරේ කරනවා කියලත් ඒකෙන් ලෝකය දැනගනියි. 24  තාත්තේ, මං කැමතියි ඔයා මට භාර දීපු අය මාත් එක්ක මං ඉන්න තැනම ඉන්නවා දකින්න.+ එතකොට පොළොවේ දරුවන් බිහි වෙන්න කලින් ඉඳන් ඔයා මට ආදරේ කරපු නිසා, මට දීපු ගෞරවය එයාලා දකියි.+ 25  තාත්තේ, ඔයා ධර්මිෂ්ඨ කෙනෙක්. ලෝකය නම් ඔයාව දැන අඳුරගෙන නැහැ.+ ඒත් මං ඔයාව හොඳින් අඳුරනවා.+ ඔයා මාව එව්වා කියලා මේ අයත් හොඳින් දන්නවා. 26  ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා. මං ඒ ගැන දිගටම කියලා දෙනවා.+ එහෙම කරන්නේ ඔයා මට පෙන්නුවා වගේ ආදරයක් අනිත් අයට පෙන්නන්න එයාලට පුළුවන් වෙන්නයි. එතකොට එයාලා එක්ක එකට බැඳිලා ඉන්න මට පුළුවන් වෙයි.”+

පාදසටහන්

මෙතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් දිගටම කරන දෙයක් අදහස් වෙනවා.
හෝ, “දැනුම් දුන්නා.”
හෝ, “ඔයා කියපු දේවලට කීකරු වෙනවා.”
හෝ, “එක්සත්ව.”
හෝ, “එක්සත්ව.”
ඒ කියන්නේ දෙවියන් වෙනුවෙන්ම වෙන් කරලා තියාගන්න. හෝ, “එයාලව ශුද්ධව තියාගන්න.”
ඒ කියන්නේ එයාලා අතරේ තියෙන්නේ පූර්ණ එක්සත්කමක්. ඒ එක්සත්කමේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.